රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට කොටහේනේදී සිදුවූ වෙඩි තැබීම දේශපාලන ගැටළුවක් නොව පාතාලයට සම්බන්ධ පිරිසක් අතර ගැටුමක් විය හැකි බව පොලිස් බුද්ධි අංශ ආරංචි කියයි.
එම ආධාරකරුවන් අතර සිටි ‘ආමි සම්පත්‘ නමැති හමුදාව හැර ගිය අයකුට වෙඩි තැබීමට අදාළ පිරිස පැමිණ ඇතැයි සැකයක් පවතින බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා... වැඩේ පිටපොට පනින්න වගේ හදන්නේ. ආමි සම්පත්ට වෙඩි තියන්න ඇවිල්ලා අහිංසක කාන්තාවක් මරාදාලා, තව 13 දෙනෙකුට තුවාල කරද්දී ආමි සම්පත්ට එක මුනිස්සමක්වත් වැදුනේ නැද්ද? දේශපාලන හේතුවකට වෙඩි තැබීම කෙසේවෙතත් පරීක්ෂණ වලට දේශපාලනය ඇතුළු වෙන්න හදන බවට සැකයක් ජනතාවට ඇති වී තිබෙනවා. ඒ සැකය නැති කරන්න! (නි)
ඇත්ත කියන්න ගිහින් දැන් බුද්ධි අංශ අයට මාරුවක් හදයි! (නදී)
පොලිස් බුද්ධි අංශයට අපගේ උත්තමාචාරය! සත්‍ය දැන් ඉතා පැහැදිලියි.... (නි)
අම්මට සිරි එහෙනම් පාතාලයෝ යහපාලකයෝ ගාව ඉන්නවා. (නදී)
ආමි සම්පත්ල කොහෙද රවී මහත්තය ගාව..මගේ අම්මෝ..එතුමා වගේ බෝධිසත්ව චරිතෙකට මඩ ගහන්න කියන දේවල්. (නදී)
දේසපාලනේ කරන්නේ පාතාල කල්ලිත් එක්ක. අනාගතේ හොදට තියෙයි.(නදී)
පාතාලයට සම්බන්ධ පිරිසක් අතර ගැටුමක් නම් රවී කරුණානායක මහතාගේ දේශපාලනය තුළ මෙම පිරිස් ඉන්නවා කියන එකද මේ කියන්නේ. අනේ දෙවියනේ යහපාලනය! ඇස් ඇර බලා තීරණ ගනිත්වා! (නි)
අපේ පොලිසිය හරි දක්ෂයි කියලා අපි දන්නවා (නි)
ඒත් ඉතින් ඕක අස්සටම එන්න ඕනෑද ඔය කියන ආමි සම්පත්ට වෙඩි තියන්න? (නි)
මම නම් බලාපොරොත්තු වුණා මේක මෙහෙම වෙයි කියලා (නි)
අනේ මන්දා පොලිසියට වැරදිලාවත්ද ? (නදී)
කවුරු මොනවා කිවුවත් අන්තිමට මිනිස් ජිවිතයක් නැතිවුණා (නි)
ආ ඔය දැන් එළිවෙන්නේ ටිකෙන් ටික.. (නි)
අනේ ඇත්තට, හොඳ මැතිවරණයක් පවත්වන්න වගෙයි සුදානම (නි)
අනේ දෙයියනේ, හා හා පුරා කියල යහපාලනේට දුන්නු මගේ වටිනා ඡන්දෙ. (නදී)