මැතිවරණ නීතිය ඉහළින් ක‍්‍රියාත්මක කිරීමට රජය පියවර ගනිමින් සිටියදී සැළසුම් සහගතව අද සිදු කළ වෙඩි ප‍්‍රහාරය තමා හෙළා දකින බවත්, ත‍්‍රස්තවාදය යළිත් මෙරට තුළ වැපිරීමට උත්සාහ කරන රාජපක්ෂ කල්ලිය මීට වගකිව යුතු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසීය.
බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ සිය ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ 07 ගිල්ෆර්ඞ් පෙදෙසේ කාර්යාලයක පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම කරුණු කීය.
කොළඹ කොටහේනේ දී රවිකරුණානායක මුදල් ඇමතිගේ මැතිවරණ ප්‍රචාරක අවස්ථාවකට වෙඩි තැබීමේ සිද්ධිය පාතාල දෙපිරිසක් අතර සිදු වුවක් බව පෙනෙන්ට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කොළඹදී අද පැවැසීය.
කොටහේන ප‍්‍රදේශයේදී සිදුවූ මෙම වෙඩි තැබීම පිළිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු හෙළිදරව් කර මෙයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලා සිටින බව ද ඩිලාන් පෙරේරා මහතා මෙහිදී පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම දන්නවා පසුගිය කාලේ මේ වගේ නාඳුනන තුවක්කුකරුවෝ ආවේ කාගේ ආශිර්වාදයෙන්ද කියලා.බලයක් නැතුවත් මේ අය තවමත් පරණ පුරුද්ද අත්හැරලා නැහැ වගේ. අපි එකතුවෙලා මේවට හොඳම පිළිතුර දෙමු අගෝස්තු 17 දාට. (නි)
මෙන්න තොත්ත බබාල වෙන්න හදනවා !(නදී)
දේශපාලන වාසි තකා හෝ වෙනයම් හේතුවක් මත සිදුවන මෙවන් කුමන සිදුවීමකදී වුව අන්තිමේදී තැළෙන්නේ අහිංසක අසරණ ජනතාව! (නි)
ඇත්තටම මෙයාලට විලිලැජ්ජාවක් නැද්ද? එයාලා කියන ඔක්කොම අපි විශ්වාස කරන්න ඕනෑද? (නි)
මෙයාලා කියන හැමදේම අපි විශ්වාස කළයුතුද? ඔවුන් හිතන්නෙ එහෙමද? එතන තමයි ඔවුන්ට වැරදුනේ. තවමත් ඒ මඟමයි යන්නේ (නි)
කොහොමද හරියටම දන්නේ පාතාල සම්බන්ධයක් ඇති වැඩක් කියලා පරීක්ෂණ ආරම්භ කරන්නත් කලින්. (නි)
මෙතුමා ඇත්තටම හරිම අහිංසක විදිහට 'අපි දේශපාලනය කරන්නේ හරිම අහිංසකව ' කියා ජනතාවට පොරොන්දු වුණා. නමුත් මුහුණේ තිබෙන ඒ පින් පාට හදවතේ නැති බව දැන් ඔප්පු වෙමින් පවතිනවා. පාතාල ගොයියන් මොකද මෙතුමාගේ කැන්වසින් වල කරන්නේ ? මෙතුමාගේ අරමුණ දැන් පැහැදිලියි . අනුන්ට කපන වලේ තමන්ම වැටි ඇති බව නම් පැහැදිලියි. නමුත් ජනතාව ගොනාට අන්දන්න නම් දැන් බැරි වේවි (නදී)
සන්ධානේ කට්ටිය කොහොමත් පොලිසියට වඩා දක්ෂ රහස් පරීක්ෂක කණ්ඩායමක් බව ඉතිහාසය බැලුවහම කියන්න පුළුවන්. ඕනෑම සිද්ධියක් වුණගමන් ඒක සිද්ධවුණ විදිය, කරපු විදිය ගැන මොන බොරුවක් හරි කියලා ජනතාව රවටන්න හරි දක්ෂයි. අර අහවල් ඇමතිතුමා කට ඇරියා නම් අහගන්න තිබුනා වඩාත් නිර්මාණශීලී කතාවක්. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ ජනතාව මෝඩයි කියලා. ටිකක් ඉන්න, හැබැයි 17 වෙනිදා වෙනකොට එම කට්ටියත් හොඳටම අඩුවෙයි කියලා කියන්න පුළුවන්. (නි)
ඒ කියන්නේ පාතාලය තවමත් ක්‍රියාත්මකයි? (නි)
ෂා! නියම දෙන්නා... (නි)
මහත්වරුනේ, දැන් නාගෙන ඉවරයි.ආමි සම්පත්ට මොකද වුණේ කියලා හොයාගත්තහම මොකද වෙන්නේ කියලා බලමු (නි)
රටේ පාලනය කා අතද? තාමත් සියළු කුණු හිටපු ජනපතිගේ හිස මතද ?(නදී)
පුෂ්ප කුමාරගේ කතාව හරියට හරි (නදී)
කනගාටු දායක සිදුවිමක් (නදී)
කිවුවොත් ඉතින් කියන්නෙම ඔය වගේ දෙයක් තමයි (නි)
ඊට පස්සේ දිලාන්ව හොයන්න දැල් දාන්න වෙයි.(නදී)
සන්දානේ අය පාතාලේ වැඩ කරන්නේ නැහැ. සුදු වෑන් යැව්වේ නැහැ. මිනිමරලා නැහැ (නදී)
කාට ඇඟිල්ල දිගුකළත් ඇත්ත ළගදීම හෙළිවේවි (නි)
දේශපාලකයින්ගේ ජරාව මත යැපෙන අයව විනාශ කරන්න කොටි හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඕන නැහැ. මෝඩකමට උන්ම මරා ගන්නවා. මුන් වඳ වෙන දවස වැඩි අෑතක නැහැ. (නදී)
කොහොමටත් මෙවැනි සිද්දි වලට පවතින රජය වග කියන්න ඕනේ (නදී)
අපොයි ඔව් පාතාල කල්ලි දෙකක් තමයි. මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති ඡන්දෙදි ගල් ගහලා වෙඩි තියලා මනුස්සයෙක් මරපු අයට මේ වගේ වැඩ කජු කනවා වගේ වැඩ. අන්ත පරාජයක් ලග ලග එන හින්දා දැන් උණ්ඩයෙන් මිනිස්සු බය කරන්න හදනවා.(නදී)
හෙට අනිද්දට දිලාන් කියයි ඒගොල්ලෝම වෙඩි තියාගෙන කියල (නදී)
මැතිවරණ ප්‍රකාශ තැපෑලෙන් යැවීම පමණක් නීති පනවන්න (නදී)
එකිනෙකා දේශපාලන වාසි කතා කලාට වැඩක් නැත. නිතිය අකුරටම ක්‍රියාකරවා අදිකරණය මගින් නිසි දඩුවන් දීම රජයේ වගකීමයි. වහාම අල්ලා දඩුවම් දෙන්න.(නදී)
පාතාල දෙපිරිසක් අතර වෙන්නේ කොහොමද ? එක සෙට් එකක් ඇවිල්ල ඡන්ද පත්‍රිකා දෙන පිරිසකට වෙඩි තිබ්බම (නදී)
මොකා ආවත් කුඩු බිස්නස් , පාතාලය, ගණිකා වෘතිය හොරකම නැති කරන්නේ නැහැ. දේශපාලකයන්ට මේවා නැතිවම බැහැ. සිද්ද වෙන්නේ හිටපු අය අයින් කරලා අලුත් අය එ්කම කරගෙන යන එකයි. අනේ අපේ මෝඩ ඡන්ද දායකයෝ (නදී)
අපි කලබල වෙන්න ඕනෑ නැහැ. දේශපාලනයේ හැටි ඔහොම තමා. (නි)
අනේ ඇත්තට මෙහෙමත් කතා! (නි)
පුහුල් හොරා කරෙන් දැනේ කිවුවලු. සමහරුන්ගේ කතාත් ඒ වගේ (නි)
දේශපාලකයෝ ඔහොම තමා පිළිගන්නේ. තමන් කලා කියල අනිත් අයට බොලේ පාස් කරනවා (නදී)
දැන් අපි කවුරු කියන එකද පිළිගන්න ඕනෑ? (නි)
මේක පාතාල ගැටුමක් වගේ පේන්නේ. රවී මහතා කෙලින්ම දේශපාලන වාසි ගන්න බලනවා විරුද්ධ පක්ෂයට දෙහි කපලා. මේකද මෙයාලගේ දේශපාලනේ. (නදී)
අැවන්ගාඩ් ආයුද තව කොපමණ සඟවල තිබේද ? ඒවා යට ගහන්න නීතිමය ප්‍රතිපාදන ලබා දෙන්නෙත් ආන්ඩුවමනේ. මේ දෙගොල්ලා මුදලට බලයට විකිනෙන පක්ෂ දෙකක්. හොර අවි සොයන්න එස් ටී එෆ් එකට බාරදෙන්න. ගෝටා නියම උපක්‍රම යොදල කරන දේවල් වසා දමන්නේත් ඔයාලමනේ කෝ සුදු වෑන් වලට මොකද උනේ ? ජේ වී පී එකට බලය දෙන්න එක සැරයක් ඕවා ඔක්කොම සොයල කුඩු, දුෂණ, ස්ත්‍රී දුෂණ, අල්ලස්, පාතාල මේ සේරම නැති කරලා පෙනවන්නම් (නදී)