හිසේ චලනයෙන් සහ කටහඬ යොදා ගනිමින් ගෙළෙන් පහළ අප්‍රාණික උදවිය ගමන් කළ හැකි රෝද පුටුවක් නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අංශයේ සිසුහු කණ්ඩායමක් සමත් වී සිටිති.
එම අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ගමගේ මහතා මේ බව පැවසීය.මුල්ම රෝද පුටුව ශ්‍රී ලංකා යුද හමුදාවට පරිත්‍යාග කළ අතර එය ගෙළෙන් පහළ අප්‍රාණික රණවිරුවෙක් දැනට සාර්ථකව භාවිතා කරයි.
මෙම රෝද පුටුව සැළැසුම් කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් ආයතනය ඉලෙක්ට්‍රොනික් රෝද පුටුවක් ශිෂ්‍යයින්හට පරිත්‍යාග කළේය.
විද්‍යුත් උපකණරයකට සම්බන්ධ කළ කන් බණුවක් හිසේ පැළැඳි මෙන් රෝද පුටුවට අණ දෙමින් ගමන ඇරැඹිම ,නැවැත්විම ඇතුළු ක්‍රියා සිදු කළ හැකිය.
මෙම රෝද පුටුවෙන් ගමන් කිරීමේදී මාර්ගයේ බාධක මඟහරවා ගැනීමටත් හැකියාව සලසන අතිද්වනි සංවේදන (අල්ට්‍රා සවුන්ඩ්) ඇතුළත් කර ඇත.සීයයට සීයයක්ම මෙම රෝද පුටුව ආරක්ෂාකාරීය.වේගය පාලනය මගහැරවීම යන සෑම ක්‍රියාවක්ම ස්වයංක්‍රීයව සිදුවෙයි.
ආචාර්ය චන්දන ගමගේ සහ ලුතිනන් කර්නල් අතුල සමරසිංහ මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ දිමුතු උපේක්ෂ,සමීර නිලුපුල්,චමීර විජයබණ්ඩාර,මිලින්ද ප්‍රනාන්දු,සුනෙත් ගමගේ ,චමිල විජේරත්න,මධුෂි බණ්ඩාර,අකිලා පේමසිරි යන අවසන් වසරේ සිසුහු කණ්ඩායම මෙම නිර්මාණය බිහි කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලේක්ට්‍රොනික විද්‍යාව අනුව මේක කල නොහැකි ඇති අමාරු කටයුත්තක් නොවුනට මේක අගය කළයුතු උත්සාහයක්.(හේ)
හදිසියෙවත් කිඹුහුමක් එහෙම ගියොත් මොකද වෙන්නේ..? (අ)
චමල් දන්න දෙයක්ගැන කතා කරානම් වැඩිය හොඳයි නේද. මේවා හදනකොට ඔය කියන තාක්ෂණය විතරක් තිබ්බට මදි. නැත්නම් ඔලුවක් නැති ඔයා වගේ තාක්ෂණයේ පරිපූර්ණ මිනිස්සුත් මේව හදයිනේ. අනික අපේ රටේ අපේම තාක්ෂ්නයෙන් බිහිවෙන දෙයක් අගේකරන්න බැරිනම් නොදන්න දේවල් වලට කමෙන්ට් කරල මෝඩකම ප්‍රදර්ශණය නොකරනඑක තමයි වඩා හොඳ (අ)
අපේ ළමයින්ගේ නිර්මාණය අපි අගේ කලයුතුයි නමුත් මීට සමාන නිර්මාණයක් අවරුදු 14 - 15 ක ඉන්දියානු ළමයි දෙන්නෙක් නිර්මාණය කරලා තිබුනා. (අ)
සුබපැතුම්. අවතක්සේරු කරන්නත් කට්ටියක් ඉන්නවා. ගණන් ගන්න එපා. එයාලගේ කට වැඩ කලාට මොලේ වැඩ නෑ (නදී)
චමල් ඔයාට මේ නිර්මාණය ලොකු දෙයක් නොවුනට මේ රෝද පුටුව පාවිච්චි කරන සොල්දාදුවට මේක ගොඩක් වටිනවා ඇති. ලෝකෙ වෙන තැන් වල මේවා තිබුනට අපේ සොල්දාදුවන්ට ඒවා මිලදී ගන්න හැකියාවක් නැති බව ඔයා දන්නවා ඇතිනේ. මොලේ තිබුනට වැඩක් නෑ, ඒක රටට ලෝකෙට වැඩදායි විදියට පාවිච්චි කරන 1යි වැදගත්. (නදී)
ඕක ඔච්චර ලේසි නම් ඔයාට කරන්න තිබ්බ නේද චමල්? මේක අද දැම්මට අවුරුදු දෙකකට කලින් කරපු එකක්. කට විතරක් මදි. ඔලුවත් ඕනේ මේවා කරන්න.(නදී)
හසින්ත, සියල්ල දත් කියල හිතාගන ඉන්න අයට බන කියල වැඩක් නැහැ. (නදී)
අනේ චමල්, බයිලා ගහන්න එපා.ඔය දේවල් තමාට කරන්න පුලුවන්ද? (නි)
මෙවැනි නිර්මාණ හැකියාවන් වැඩි දියුණු කර රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕනි අපේ දරුවන් ගාව හොද හැකියාවන් තියෙනවා නමුත් වෙන්නේ ඒ හැකියාවන් වලින් ප්‍රයෝජනය ගන්නේ නැහැ චීනෙට ඉන්දියාවට කට අරගෙන ඉන්නවා රට දියුනු වෙන්නේ නිර්මාණ හැකියාවෙන් ඒකතමයි ශක්තිය සියලු දරුවන්ට බුදු සරණයි තව තවත් නිරමාණ කරන්න සක්තිය ලැබේවා !!(හේ)
අද තාක්ෂණයේ දියුණුවත් එක්ක මේවා ලොකු දේවල් නම් නෙමෙයි. විද්‍යුත් තරඟයක් චාලක ශක්තිය බවට හරවන එක පහසු වැඩක්. මීට කලින් මේක ලංකාවේ නොකරට. (නදී)
හොඳ වැඩක් ඔබලා රටට ආඩම්බරයක් (දී)
ඇත්තටම මම හදවතින්ම සුභ පතනවා ඒ නව නිර්මාණ කරුවන් සියල්ලන්ටම ....? (හේ)
ආඩම්බරයි මේ ගැන. (ර)
මෙන්න අපේ දක්ෂයෝ.(හේ)
චමල් නිකන් බයිල ගහන්න එපා, ඒ දරුවෝ කරල තියෙන වැඩේ අගයන්න. (නදී)
තව මේ නිර්මාණය සාර්ථක කර ගන්න ලැබේවා.(හේ)
එසේම නව නිර්මාණ තව තවත් සොයාගැනීමට හැකි වේවා!.(හේ)
චමල් ලොක්කා ස්මාර්ට් ෆෝන් ගැන අපිත් දන්නවා.. නිකන් මෝඩ කතා කියන්න එපා නිකමෝ... මේක මොලේ ආබාධිතයන්ට හදපු එකක් නෙවෙයි වටිනාකම තේරෙන්නේ නැත්තන් කටපියන් ඉන්නවද ? (ස)
ඔය කියවන අයට මේව ලොකු දේවල් නොවුනට මේව කරන අපිට ලොකු දේවල්. (ස)
මෙය උපාධිය සදහා කරන දෙයක්. මෙහි සාර්ථකත්වය යනු හෙට මහා නිමැයුම් කරුවන් අප රට තුලින් බිහි වන වගයි. සුබ පැතුම් (නදී)
සුපිරි වැඩක්. මෑත කාලයේදී මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් හොඳ නිපැයුම් කරලා තිබෙනවා. ඉදිරියටම යන්න සුබ පතනවා (නදී)
පුදුම සතුටක් දැනුනා.ඉදිරි කටයුතු සාර්ථක වේවා. ඔබ සැමදෙනා ගැනම ආඩම්බරයි. (ස)
කුමාර්. අද තියෙන ස්මාර්ට් ෆොන් පවා අස් දෙකේ චලනයටයි කටහන්ඩටයි ප්‍රතිචාර දක්වනවා. ඕක ඔයාට ලොකු වුණාට අපිටනම් එහෙම නැහැ. (අ)
හොඳ වැඩක්, කරපු වැඩේ අගයන්න , චමල් ඔය කලින් මේක කරාද ? (අ)
සුපිරි වැඩක්. කරපු වැඩේ අගයන්න. (ර)
විශ්ව විද්‍යාලයක් ගැන හොඳ ආරංචියක් ආවොත් ඒ මොරටුව විශ්ව විද්‍යාලයෙන් තමයි. ආදර්ශමත් දරුවෝ. මොනවා කලත් ඇදේම දකින කුහක ගති ඇති අයත් බොහොමයි කියල පේනවා. රටේ අවශ්‍යතා සලකා තව තවත් මෙබඳු නව නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේව කියා පතමි.! (ර)
රොකට් එකක් හැදුවා නම් ප්‍රයෝජනයක් වෙයි. (අ)
අපේ අය අපේ අය ගැන හැම විටම අවතක්සේරුවෙන් බලන්න පුරුදු වෙලා ඉන්නේ. මට නම් හරි ආඩම්බරෛ අපේ දූලා, පුතාල ගැන. (අ)