
(විමුක්ති එස් රුද්‍රිගු)
මසක් ඇතුළත දෙවැනි වතාවටත් කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු අද (25) තාවකාලිකව අත්හිටුවන ලදි.
කොටස් වෙළඳපොල ගණුදෙනු අද දින ආරම්භ වූයේ සතියකට පසුවය.
කොළඹ කොටස් වෙළඳපොළ එස් ඇන්ඩ් පී එස්.එල් 20 දර්ශකය ගණුදෙනු කළ පෙර දිනට සාපේක්ෂව සියයට 12.6 කින් පහත වැටීම හේතුවෙන් අද දින ගණුදෙනු නවතා දැමීමට බලධාරීන්ට සිදු විය.
කොටස් වෙළඳපොල ආරම්භයේදී එස් ඇන්ඩ් පී එස්.එල් 20 දර්ශකය සියයට 7.27 කින් පහත වැටීම හේතුවෙන් විනාඩි 30 කට කොටස් වෙළඳපොල ගණුදෙනු තාවකාලිකව අත්හිටුවන ලදි.
නැවත ගණුදෙනු ආරම්භ කෙරුවත් අපේක්ෂා කළ පරිදි වර්ධනය නොවීම හේතුවෙන් අද දින ගණුදෙනු නවතා දැමීමට බලධාරීහු තීරණය කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd