විදුලිය ඇන හිටි අවස්ථාවේ කොළඹ කොටස් වෙළඳපොළ අඳුරේ තැබීම ගැන එහි නිලධාරීන්ගෙන් කරුණු විමසීමට තමා නියෝග කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආර්ථිකය පිළිබඳ විවාදයේදී මේ අදහස් දැක්වූ අගමැති ප්‍රකාශ කළේ ‘විදුලිය ඇන හිටි අවස්ථාවේ කොළඹ කොටස් වෙළඳපොළත් අඳුරට ගියා. විදුලිය ගියාම පණ ගන්වන විදුලි නිපදවන යන්ත්‍ර කිසිවක් එහි තිබී නැහැ. මේ ගැන කොටස් වෙළඳපොළේ නිලධාරීන් කැඳවා අහන්න මම නියම කර තිබෙනවා‘ යනුවෙනි.
මේ අතර පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 2500කින් වැඩි කිරීමේ සහ එම සේවකයන්ගේ අවම වැටුප රුපියල් දස දහසක් විය යුතු බව දැක්වෙන පනත් කෙටුම්පත්වලට තම අත්සන යෙදූ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.
පෞද්ගලික සේවක වැටුප් සම්බන්ධ පනත අනුව රුපියල් 40000කට අඩු මාසික වැටුපක් හිමි පෞද්ගලික අංශයේ සෑම සේවකයකු සඳහාම 2015 මැයි මස සිට රුපියල් 1500කින්ද 2016 ජනවාරි සිට රුපියල් දහසකින්ද මාසික වැටුප ඉහළ දැමිය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි විදුලිය නැති අලුත් රටක් හදමුද? (නි)
ජනවාරි 8 ඉඳන් කොටස් වෙළඳපොල දිගටම අඳුරේ තමයි තිබුණේ - දැන් අවුරුද්දකටත් වඩා.... (අ)
ඇයි මතක නැද්ද බැදුම්කර වලින් දුන්න ගේම??? අපු දවසේ ඉදල රටම අදුරු වෙලා.(අ)
නිමල් කොහොමද ඔය ගණන් හැදුවේ. මොකක්ද්ද තනතුර (අ)
මේක අනිවාර්යයෙන්ම කඩාකප්පල්කාරී වැඩක්. මොකද මම කොටස් වෙළද පොලේ වැඩ කරලා තියෙනවා: අමතර විදුලි උත්පාදන යන්ත්‍ර ඒවගේම අතුරු බිදුම් රහිත විදුලිය සපයන යන්ත්‍ර හැමදේම තියෙනවා: විදුලිය දවස් දෙකක් නොතිබුණත් කොටස් වෙළද පොළට මුකුත් වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම රජය අපහසුතාවයට පත් කිරීමට කිසියම් කණ්ඩායමක් දරන උත්සහයක් මේක: අපේ රටේ ඉන්න මෝඩ හැත්තට මේක තේරෙන්න කොච්චර කල්යයිද දන් නැ(අ)
ඊයේ රූපවාහිනියෙන් අපි දැක්ක ඔබ මන්ත්‍රී වරුන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා .ඔයාට වඩා පාර්ලිමේන්තුවේ වගකීමෙන් වැඩකරන්න ඕනේ නේද.නැතිනම් ලෝකය ඉදිරියේ ලජ්ජා වෙන්නේ අපිමයි (අ)
ගයාන්, ඔයාගේ භාෂාවෙන්ම තේරෙනවා ඔයා මොන වගේ තත්වයක කෙනෙක්ද කියලා. මීටපස්සේ තවත් ලොකු මල්ලක් අරගෙන කඩේ යන්න ශක්තිය ධෛර්ය ලැබේවා! (නි)
ගයාන්, තාම මදිද වෙනස? අඳුර තාම හරියටම අාවේ නැහැ. තව මාස කීපයක් යනකොට කාට කාටත් අඳුර පෙනෙයි. (නි)
නියමයි. ඔහොම යමු. රට ඉදිරියට! (නි)
විදුලි එලිය නැති උනහම අඳුරු වෙනවා තමයි. (ම)
අද රටම උත්තර නැති ප්‍රශ්න පත්තරයක්ද (බ)
කොටස් වෙළද පොලේ මේ කාලයේ ලබලා තියන ලාභය ? (ම)
"ස්ටොක් බ්‍රෝකර්ලාටත්" අස්වෙන්න කියයිද කියලයි මට දැන් බය (නි)
රනිල් ආපු දවසේ ඉඳන් කොටස් වෙළද පොළ අඳුරුයි තමයි. මේ වනවිට සමස්ත අලාභය රු බිලියන 600 (බ)
කොටස් වෙළදපොල තියෙන්නන ලෝක වෙළඳ මධ්‍යස්ථානයටනේ (බ)
මහා ආර්ථික විද්වතා කිවුවට කිසිම පැත්තකින් දියුනුවේ මාවතට වැටිලා නැහැ. (බ)
ලංකාවේ පාලකයන්ගේ වාසනාවට, රටට කිරි උතුරනවා....(බ)
කරුණු විමසීම් කොම්සම් පත්කිරීම් ඇරෙන්න වෙන මුකු කරන්න බැනේ මෙයාට! (බ)
විදුලිජනක යන්ත්‍රත් පසුගිය රජයෙන් ගළවගෙන ගිහින් කියලා කවුරුවත් කියන එකක් නැද්ද දන්නෙ නැහැ (නි)
බලය තිබෙනකොට සමහරුන්ට මොළය නැහැ වගේ දැන් දැන් විදුලිය විසන්ධි වුණ වෙලාවට තමන් කියන කරන දේවල් ගැනත් සමහරුන්ට තේරුමක් නැහැ වගෙයි (නි)
එකටත් මහින්ද ද \n