(තරංග ගුණරත්න)
උපන් හැටියේම දරුවකු මිය ගියැයි කියන සිද්ධිය සම්බන්දයෙන් වාහාම ඩී.එන්.ඒ පරීක්ෂයක් පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද නියෝග කළේය.
වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුව පදිංචි තරුණ අඹු සැමි යුවළක් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය කළ කරුණු දැක්වීමෙන් පසු එම නියෝගය කළේය.
පෞද්ගලික වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 22 වෙනි දින රාත්‍රි 11:30 ට පමණ ත්‍රී රෝද රථයකින් මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කොට තිබිණි
ඇය ඉකුත් 24 දින අළුයම 2 :41 පමණ සිය දරුවා බිහි කළ බවත් එම දරුවා තමා වෙත නොලැබුණු බවත් පසුව එම දරුවා මියගිය බවට විවිධ පරස්පරතා අදහස් රෝහල් බලධාරීන් විසින් පැවසූ බවත් එ අනුව ඒ පිළිබඳව තමන්ට සැකයක් ඇති බවට එම තරුණිය කොටවිල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
ඒ අනුව කොටවිල පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු ඉහත නියෝගය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම DNA පරීක්ෂණය ,ISO 17025 තත්ව සහතිකය ලත් DNA පරීක්ෂණ රසායනාගාරයක කරනවා නම් සැනසුමට කරුණකි.
පරීක්ෂණය ,ISO 17025 තත්ව සහතිකය ලත් DNA පරීක්ෂණ රසායනාගාරයක කරනවා නම් සැනසුමට කරුණකි. මේ රටේ සිදු කළ, සිදුවන පරීක්ෂණ පිළිබඳව සිතන විට, විශ්වාසය තහවුරු වීමට නම් සැකයට භාජනය නොවිය යුතු ය.
ඕකට වෙන දේ තේරෙනවනේ. වරදකරුත් දොස්තර. ටෙස්ට් කරන කෙනත් දොස්තර. ඉතින් ප්‍රථිපලය පැහැදිලියිනේ.
මෙතන ලොකු වැරැද්දක් වෙලා කියලා අපිටත් සැකයක් තියෙනවා.... ජාන පරීක්ෂණයක් කරන එක ඉතාම හොඳ තීරණයක්... ඒ අම්මාට තාත්තාට තමන්ගේ දරුවාගේ මුහුණවත් බලන්නවත් අයිතියක් නැතිද?
ඩී.එන්.ඒ පරීක්ෂණය ,ISO 17025 තත්ව සහතිකය ලත් ඩී.එන්.ඒ.පරීක්ෂණ රසායනාගාරයක කරනවා නම් සැනසුමට කරුණකි. මේ රටේ සිදු කළ, සිදුවන පරීක්ෂණ පිළිබඳව සිතන විට, විශ්වාසය තහවුරු වීමට, සැකයට භාජනය නොවිය යුතු ය.
හරියටම වෙලා තියන දේ නොදැන,ඩොක්ටර්ස්ලට බැන වදින එක හොඳද ?
ඩීඑන්ඒ පරීක්ෂණයෙන් දරුවා තමාගේ බව තහවුරු වූ පසු, මියගිය හේතුව සොයන්න පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු විය යුතුයි. සාධාරණයක් වේ යැයි ප්‍රාර්ථනා කරනවා
DNA පරීක්ෂණ රසායනාගාරවල සිදු කරනු ලබන්නේ කාර්මික ශිල්පීන් විසින් මිස වෛද්‍යවරුන් විසින් නොවේ
රෝහලට ගිහිල්ලත් ඉවරයි