වර්තමානයේ පොලිසියට, අධිකරණයට නිදහසේ තීන්දු තීරණ ගැනීමට අවස්ථාව යහපාලන රජයෙන් උදාකර දී තිබෙනවා.නිදහස් රාජ්‍ය සේවයක් තියෙනවා.අපි බලන්නේ ඒ අය වැඩ කරනවාද කියලා විතරයි.ඇනලා කියන්නේ නැහැ.ඔයා කළේ නැතිනම් මාරු කරනවා කියලා. යැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
ඇමැතිනිය මේ අදහස් පලකළේ රත්නපුර කරවිට ජාතික පාසලේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී පාසලේ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල තැබීමද සිදුවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තය කරපු දේකට තමයි ඔබතුමිය ඇනල විවෘත කරන්නේ (බ)
හැබයි නෝනා ඕයා ඇන ගන්න නම් එපා. (අ)
අර රට යන අය පුරවන පෝරමය තවම සිංහලෙන් විතරයි . (අ)
ඇනලා කියන්නේ නැති නිසා වෙන්න ඇති රටේ දියණුව එක තැන නතර වෙලා තියෙනේ (අ)
ඇනල කීවත් අනලා කීවත් කෙරෙන්නේ ඔය විදිහටම තමා (අ)
අන්න කුවේට් වැඩකරපු කාන්තාවකගේ දෙපා හා අතැඟිලි කපාදමා වකුගඩුවකටත් ඇනලා. (අ)
ඔය මහින්දයෝදය ව්‍යාපෘතියෙන් හදපු එකක්ද? (රේ)
කතාව නම් සර්වසම්පුර්ණ ඇත්ත (අ)
අපිට නම් දැන් හොඳටම ඇනිල තියෙන්නේ. දැන් ඉතින් අපිට හොටේ බිම ඇන ගන්න තමයි තියෙන්නේ... (ර)
ඇමෙරිකාවේ ඔබාමාවත් මේ විදියට ප්‍රකාශයක් කරලා නැහැ ඒ කියන්නේ මෙයා සර්ව සම්පුර්ණය කියන එකනේ (අ)
ඒ නිසාද පොලිස්පති එලවන්ට හදන්නේ. (අ)
ඇයි සමන්ති සිංහල අවුල් වගේද? (අ)
අපිත් ඔයගොල්ලන්ට කියන්නෙත් ඕකම තමයි. ඉක්මනටම රටේ පෙනෙන දැනෙන වෙනසක් කලේ නැත්නම් ඉන්න අයට යන්න වෙයි අර කලින් අකාලේ ගිය කෙනා අපහු රජ වෙයි. (රේ)
මේ කතාවේ ඇත්ත නැත්ත අර අහවල් ඇමති තුමාට 16 වතාවක් අල්ලස් කොමිසමට කැදෙව්වත් නොගිය එකෙන්ම පේනවා නේද ? (බ)