විජයග්‍රහණ සැමරුම සඳහා ගාලු මුවදොර පාර තාවකාලිකව වසා ඇති නිසා කොළඹ කොටුවේ බෝගහ හන්දියේ සිට ලේක්හවුස් වටරවුම දක්වාත්, පිත්තල හංදියේ සිට කොම්පඤ්ඤවීදිය දක්වාත් දැඩි වාහන දතබදයක් පවතී.
විජයග්‍රහණ සැමරුම සඳහා ගාලු මුවදොර පාර තාවකාලිකව වසා ඇති නිසා කොළඹ කොටුවේ බෝගහ හන්දියේ සිට ලේක්හවුස් වටරවුම දක්වාත්, පිත්තල හංදියේ සිට කොම්පඤ්ඤවීදිය දක්වාත් දැඩි වාහන දතබදයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට කන්න නෑ, ගමට යන්න පාරක්නෑ, ගඟෙන් එගොඩ වෙන්න පාලමක් නෑ, ලමයින්ට යන්න පාසලක් නෑ . ජීවිත ගෑටළු අහස උසට එක පිරිසක් සතුටු කරන්න කරන මේ බොරු සෝබන නවතා කරුනා කර යහපත් රටක් සාදා ගන්න උදවු කරන්න. රටට ජය ගෙනා විරුවන් සමරන නියම ආකාරය මෙය නොවේ.(නදී)
කොලඹ නොකර පිට පළාතක කරා නම් හොඳයි. නිකන් වාහන තද බදේ ඇති කරලා වෙලාව නාස්ති කරන්නේ නැතිව. (ස)
මෙවාට මුදල් කොහින්ද ? (ස)
මේවට කියන්නේ බලය තියෙනකොට මොලය බලකාමෙන් වැහෙනවා කියලා. යුද්දය නැතිඋනාට රටේ ආර්ථිකය මෙතරම් වැටෙන්නේ මේවගේ දේවල් නිසා. පාලකින් මේවා තේරුම් ගන්නකොට එයාල පරක්කු වෙලා කියා මට සිතෙනවා .රණවිරුවනට අපගේ උපහාරය ! (ස)
මට හිතෙන්නේ අපේ රථ වාහන පොලිසිය තමයි මේවට වග කියන්න ඕනෑ. මේ වගේ අපේ ශක්තිය පෙන්වන්න කරන දෙය හොදයි. මේව රටකට තියෙන්න ඕනෑ. සල්ලි සල්ලි කිය කිය හැංගිලා ඉන්න ඕනෑ නැහැ. මේ මුලු ලෝකේ කොහෙවත් කාටවත් බැරිවුන ජයක් අපි ලැබුවා. ඒ තමයි යුධජයග්‍රහනය. අපි ඒක මහ ඉහලින් සමරන්න ඕනෑ. මුලු ලෝකෙටම පෙන්වන්න ඕනෑ. ඒ වුණාට මේ විදියට පාරවල් හිර වෙන්න ගියොත් බැනුම් අහන්නෙ කවුද? කවුද කියල දන්නවනේ. මේ හැම දේම කරන්න කලින් ඇයි බැරි හොද සැලැස්මක් හදන්න.මොන දේ තිබුනත් මොලේ තියෙන, වැඩක් කරන්න පුලුවන් මිනිස්සු දාලා මේවා සැලසුම් කරන්න. නැත්නම් හැමදාම ට්‍රැෆික් වගේම, හැමදාම කුනු බැනුම් (නි)
ඒ වුණාට ඔසාමා බින් ලාඩන් මියගිය දවස ඒ රටවල අය මේ විධියට සමරන්නේ නැහැ (නි)
අනේ කුහුඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ... අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ... රජෙක් ලැබුනොතින් නම්... කැවුම් කිරිබත් කන්නම් ,පෙරහැර කරඤ්ඤම්,සාදු කාරෙන් ගිගුම් දෙන්නම්... කවදා පායත්ද අප පුන්සදානෝ පරහිත පිණිස දල දන්දෙන ඇතානෝ නිදුකින් ඉන්න මග පෙන්වන සෙනානෝ මේ විලසින් අප නොපෙලන් රජානෝ !!!! (නි)
මොකක්ද විජයග්‍රහණය? මට මතක නැහැ. (නි)
චින්තක, මෙහෙ සංදර්ශන තිබෙනවා. හැබයි ඒ විදිහට කරන්න ඕනෑ තරම් සල්ලි මේ රට වල වල තියෙනවා.ලංකාවටත් එහෙම තියනවා නම් ඔහොම නෙමෙයි කොහොම කළත් කිසි ප්‍රශ්නයක් නැහැ.ඔයා අහලා තියනවද දන්නේ නැහැ කතාවක් තියනවා ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියලා..... (නි)
ඇයි මේක යාපනයේ තියන්න බැරි. කොළොඹ විතරමද ඉඩ තිබුනේ. (ස)
මේවා එක එක්කෙනාට වමට ගහන්ට නිර්මාණය කරපු "ප්‍රොජෙක්ට්".(නදී)
1948.02.04 නිදහස සමරන අපි ඒ දෙයට බනින්නේ නැහැ. ඒ නිදහස අපි ලබාගත්ත නෙවෙඉ ලැබුන. නමුත් මේ නිදහස අපි ගොඩක් දුක් විදලා ගත්තු නිදහසක්. ඒ නිසා අපි මෙය හැමදාම සමරන්න ඕනේ. නැතිනම් අනාගතේ බාර ගන්න ඉන්න අය දන්නෙත් නැහැ. අපිටත් අමතක වෙනවා. ඒ නිසා තව දින 05 ක් ඉවසන්න යාලුවනේ.(ස)
චින්තක ඔය කියන කතාව දැක්කම මට හිනා යනවා.අපේ ලොකු අයත් හිතන්නේ ලෝකෙටම පෙනෙන්න මෙහෙම සංදර්ශන තිබ්බම එක තමයි ලොකුම දේ කියලා.දැන් මේ රටේ හැමදේම බොරු සංදර්ශන විතරක් වෙලා.ඔයලා වගේ මිනිස්සු ඉන්න කල් මේ අයටත් හොදයි,ඔයාලා වගේ අයට ලංකාවේ කියන්නේ දේශප්‍රේමියෝ කියලා.ඒ වුණාට පොඩ්ඩක් ලිදේ එන්න ගෙම්බෝ වගේ නැතුව ලෝකේ අනිත් රටවල් දිහා බලන්න. දියුණුව අතින් කොච්චර ඉදිරියෙන්ද කියො.මොලේ පාවිච්චි කරලා හිතන්න පුරුදු වෙන්න. නැත්නම් අපිට හැමදාම මෙහෙම තමයි ඉන්න වෙන්නේ. (නි)
නිකන් බොරු වියදම් අවශ්‍ය නැහැ. (නි)
රාජිත, දෝහා වල ඔය වහේ සංදර්ශන නැද්ද? නිකන් බොරු එපා, හැම රටක්ම තමන්ගේ ශක්තිය පෙන්නනවා. නිකම් නිවට කතා කියන්න එපා. (නි)
මේ වගේ සුළු දෙයක් නිසා අපිට යුධ ජයග්‍රහණය අමතක කරන්න පුලුවන්ද? මතක තියා ගන්න 2009 05 18 වෙනිදා අපි ඒ ජය ලබා ගත්තේ ජීවිත දහස් ගණනක් පූජා කරලා.මේ රත්න කියලා තියනවා යුද ජයග්‍රහණය මතක නැහැ කියලා. අම්බලන්ගොඩට අවොත් මතක් කරලා දෙන්නම්. එදා ඒ ජය අපි ලබපු නිසා තමි අද බස් එකේ කෝච්චියේ භය නැතුව යන්නේ. ඉස්සර කොහොමත් කොල්ලුපිටියේ ඉදන්ම ගාලු පර වහලා ලොකු ට්‍රැෆික් එකක් හැමදම තිබුනා.දැන් එහෙම නේ ඉස්සර කෝච්චියෙන් අනුරාධපුරේ යනකොට කී පළකදි නම් අයිඩෙන්ටි ඉල්ලනවද? 2008 02 03 කොළඹ කොටුවේ ස්ටේෂන් එකේ බෝම්බෙන් මම බේරුනේ පෙර පිනකට. බොම්බේ පුපුරනකොට මම 1 වේදිකාවේ . මට තුවාල වුණේ නැහැ. එත් ඒ සිදුවීම අදටත් අමතක කරන්න බැහැ.ඒ වගේ තිබුණු රටක් අද මේ වගේ නිදහස් කරපු එක සමරන එක වැරදිද? (නි)
මට නම් මේ මැයි 19 දැන් තිත්ත වෙලා තියෙන්නේ. අහලම එපා වෙලා.(ස)
ආණ්ඩුවෙන් මොන දේ කළත් විදවන්නේ අපි වගේ අසරණ වුණු මහජනතාවමනේ. අනේ මෙහෙම කරුම කාලයක්. (නි)
මේ මෝඩ මිනිසුන්ගේ අදහස් බළලා පිස්සු හැදෙනවා, මුන් සිංහල නම් වෙන්න පුළුවන් කමක් නැහැ. සිංහල නම් හදාගෙන අදහස් දක්වන ජාතික හතුරෝ වගයක්. අද දවස් 3,4 ක් ඉවසන්න බැරි උනාට 2005 ට කලින් කොළඹ යන්න මර බය වෙලා හිටපු එක අමතක වෙලා. (ස)
මට මතක් වෙන්නේ දෙසැම්බර් වල කොළඹ තිබුන නයිට් රේස් එක . එදා කී දෙනෙක් බස්වලට යන්න බැරුව රේල් පාර දිගේ කොච්චි එනවද බල බලා බස් වලට ගියාද? එක සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කල දෙයක් වත් නෙවෙයි. මේ හැම දෙයක්ම සාමාන්‍ය මිනිස්සුන්ගේ දෛනික කටයුතු වලට බාධාවක් නොවෙන්න කරනවානම් තමයි හොද.(ස)
යුධ සැමරුම හොඳයි. මෙය මීටත් වැඩිය උත්කර්ශවත් ලෙස කළ යුතුයි. නමුත් මහජනතාවට වෙන කරදරත් සැලකිල්ලට ගත්ත නම් හොඳයි. (ස)
ඉඳල හිටලා ඔහොම තද බදයක් ආවට බෙරිහං දෙන්න ඔනේ නැහැ. ඕවත් කෙරෙන්න ඕන දේවල්. නිදහස සමරන්න යුද වීරයෝ සමරන ඒවා හොඳ වැඩ. හැම එකටම බනින එක හරි මදී. (ස)
මොකක්ද මේ අපි නොදන්න විජයග්‍රහණය? (නි)
මෙතැනදී රණවිරුවන්ටත් උපහාරයක් සිද්ධ වෙනවා. හමුදා පෙළපාලියක් කියන්නේ ගෞරව කිරීමක්. මෙවැනි දෙයක් පවත්වන එක හොදයි. නැත්නම් අපේ කට්ටියට යුද්ධයක් තිබුනද කියලත් අමතක වෙනවා. හැබැයි මහජනතාවට අපහසුතා එන එක වලක්වන්න ඕනේ. එතැනදී වැඩි වගකීමක් තියෙන්නේ පොලිසියට. (ස)
මේවගේ උත්සව නැවත නැවත කිරීමෙන් සිදුවන්නේ මහජන මුදල් නාස්ති කිරීම හා ජනතාව අපහසුතාවයන්ට පත් කිරීම හා ද්‍රවිඩ ජනය අප කෙරෙහි තවත් වෛරය වැඩි වීම නොවේද? හොදම දේ වන්නේ රට වෙනුවෙන් මියගිය සොල්දාදුවන්ට පින් අනුමෝදන් කිරීම හා යුද්ධයෙන් මිය ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමයි (නි)
රාජිත දෝහා ,ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න නම් අපිට හැමදාම මෙහෙ තමා ඉන්න වෙන්නේ.ඔයා තමිල්නාඩුකාරයෙක් එක්ක කතා කරලා බලන්නකෝ.ඔයාට එතකොට තේරෙයි. (නි)
අවුරුදු 30ක් දුක්විඳලා ගත්ත නිදහස සමරද්දි දවස් 6ක් 7ක් දුක් වින්දම මොකෝ වෙන්නේ. (නි)
රටේ ආර්ථික පීඩනයක් ඇති අවස්ථාවක ,රජයේ සියළුම ජාතික උත්සව මහජනයාට අවහිරයක් නොවන පරිදි , වැඩි වියදමක් නොකර චාම් අන්දමින් පවත්වන්නට වග බලා ගන්නේ නම් කාගේත් ප්‍රසාදයට ලක් වනු ඇත.(ස)
වරුණ , මමත් ඔබට එකන්ඟයි. (ස)
වරුණ, මමත් ඔබේ කතාව සම්පුර්ණයෙන්ම අනුමත කරනවා. වඩා වැදගත් වෙන්නේ ඔබේ කතාවේ ''යුද්ධයෙන් මිය ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමයි'' යන වදනයි. එහෙත් අපේ කී දෙනෙක් ඔය අදහසත් එක්ක එකග වෙයිද කියන එකයි ප්‍රශ්නේ. (නි)
මෙම උත්සවයේ පෙර පුහුහුණු පටන්ගත්දා සිට ගුවන් යානා කීයක් අහසට නංවන්නේද?කොපමණ වාර ගනනක් ඉහල පහල යන්නේද? එම යානා නඩත්තුවට හා ඉන්ධන සදහා කොපමණ මහජන මුදලක් වැය කරන්නේද?ඔය නාස්ති කරන මුදල් වලින් අර හම්බන්තොට,පුත්තලම ,පොලොන්නරුව දිස්ත්‍රික්ක වල අලි වැටවල් ටික සවිකොට එම ජනතාවන්ගේ වගාවන් හා ජීවිත රැක දෙන්නට ක්‍රියා කරන්නේ නම් වටිනාකම කොපමණද?දෑ හිතකාමී පාලකයන් කවදා බිහි වෙයිද,අසරණ දුක්විදින ජනතාව වෙනුවෙන් ?? (නි)
ලබන අවුරුද්දේ මිය ගිය සොල්දාදුවන්ට පින් අනුමෝදන් කරමු. උත්සව වලට කරන වියදම් අඩු කොට ආබාධිත සොල්දාදුවන්ට සලකන්නේ කෙසේදැයි දෙවරක් සිතාබැලිය යුතුය (නි)
වරුණ එක අතකින් ඔබේ ප්‍රකාශය ඇත්ත. නමුත් රටක් වශයෙන් ඕනෑම රටක් ඔය දේ කරනවා. ගුවන් යානා ඔය දවසට විතරක් නෙමෙයි වරුණ හැමදාමත් ගුවන් ගත කරනවා. යුද්දේ ඉවරයි කියලා ගුවන් යානා ගාල් කරලා තියන්නෙ නැහැ. ඒවා දවසට නියමිත ගමන් වාර සහ දවසට නියමිත පුහුණු වාර අනිවාර්යෙන් යා යුතුයි (නි)
අනේ දයා, ඔයා ලංකාවේ නෙමෙයිද? (නි)
විජයග්‍රහණය සමරන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද? මහජනතාව අපහසුවට පත්කරලා අනවශ්‍ය වියදම් කරමින් ඔය සැමරුම කරනවා නම් එයින් බලාපොරොත්තුවන යහපත කුමක්ද? (නි)
හර්ෂ ගිහින් බලන්න කටුනායක බේස් එකේ හැගර් එකට දවසට නග්ගන පුහුණු ගුවන්යානා ගැන. අනික හොයලා බලන්න ප්‍රහාරක යානා උස්සනවද කියලා. අනික එම් අයි 24 හෙලිකොප්ටර් උඩ යනවද කියලා.පුහුණුව සදහා ප්‍රහාරක යානා කවදාවත් යොදා ගන්නේ නැහැ. ඔයා ගුවන් හමුදාවේ කාගෙන් හරි අහලා දැන ගන්න දන්නේ නැත්තම් .අනික අපේ ගුවන් හමුදාව සතු සියලු යානා එකම දවසේ එකම වෙලාවට ගමන් කරන්න පොඩි වියදමක් දරන්න ඕනෑද? (නි)
රට වැසියාට යහපත් දෙයක් කරනු මැනවි. ඔය මුදල් නාස්තිය නවතනු මැනවි. මියගිය සැමට පින් ගෙනදෙන දෙයක් කරන්න තරම් හිත් ඔය අයගේ උණු වෙන්නේ නැද්ද? (නි)