හාළි ඇළ පොලිස් මුරපොළ ඉදිරිපිටදී ඌව ඡන්දයට පසුව සන්ධාන ඇමතිවරයකුගේ ගෝල බාලයන් අතින් ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඒකාබද්ධ සංවිධානයේ විරෝධය සිකුරාදා දහවල් 12 ට බව එහි කැඳවුම්කරුවකු වන කාංචන කුමාර ආරියදාස මහතා කියයි.
සිකුරාදා ඊට සහභාගි වන්නැයි සියලු මාධ්‍යවේදීන්ගෙන් ඔහු ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළය ඇති මිනිසුනේ, දැන්වත් තීරණයක් ගන්න. අවස්ථාවක් ආවිට හරි තීරණය ගන්න. දැන් එයට කාලය ඇවිල්ලා (නි)
බලමුකෝ! මමත් යන්න තමයි හිතාගෙන ඉන්නේ (නි)
මාධ්‍යවේදීන්ට විතරද එන්න පුළුවන්. අපිටත් එන්න පුලුවන් නම් හොඳයි (නි)
මා මෙරට පදිංචි වී නොමැති අවස්ථාවක වුවත් ඔබට වචනයකින් හෝ සහයෝගය දක්වන්න කැමතියි. අපේ රටේ මේ අමන දේශපාලකයන් පත්කර ගන්නේ කුමක් නිසාද?මිනිසුන් මේවා කවදා තේරුම් ගනීද? මම දකින විදියට නම් මේක දකුණු ආසියාවටම උරුම වූ දෙයක් (නි)
අපේ සහයෝගය වචනයකින් හරි දෙන්න සූදානම් (නි)
මේ මැරයන්ට අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුයි.මේ වගේ දේවල් නොවෙන්න දේශපාලකයන් වගබලාගත යුතුයි.අද විරෝධය සාධාරණ එකක්. (නි)