නඩුකාර උන්නාන්සේගේ ගෙදර කියා කාගේ ගෙදරකවත් අනවසරයෙන් අලින් තියා ගන්න බෑ .ඒ කාගේ ළඟ අලින් හිටියත්  ඒ අලි ඉදිරි සති කිහිපයේ අල්ලා ගන්නවා.

වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා විපක්ෂයට අභියෝග කළේ අලියන් නීතී විරෝධී තැන් තබාගෙන සිටින තැන් දන්නවානම් ඒ ඔත්තු දෙන ලෙසයි.

 එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් මහතා ඒ අභියෝගය එවෙලේම පිළිගත්තේය.

මෙන්න තැන් පහක් පුළුවන්නම් අල්ලන්නැයි ඇමැතිට කීවේය ‘හොදයි ඇමැතිතුමා මම ඔබට ඔත්තුවක් දෙන්නම් අලින් පස් දෙනකු තියාගෙන ඉන්න තැන් පහක් කියන්නම්.

පළමුවැනි අලියා මහරගම දේවාල පාරේ චුටි මහත්තයාගේ ගෙදර.දෙවැනි අලියා මහරගම විපස්‍යරාමයේ  නැත්තම් පුවක්පිටිය පන්සලේ .තුන්වැනි අලියා කෝට්ටේ පියසේන අමරතුංගගේ නිවසේ. හතරවැනි අලියා හොරණ වාසනා බේකර්ස් නිවසේ .අන්තිම එක්කෙනා කොටුව මහේස්ත්‍රාත්ගේ මහරගම නිවසේ. මේ තැන් වල අලි පැටවුන් ඒත් නැත්තම් ඇතුන් බලපත්‍රයක් නැතිව අනවසරයෙන් තබාගෙන සිටිනවා.පුළුවන්නම් අල්ලන්න.’

කථානායක චමල් රාජපක්ෂ මහතා

‘ඔය තරම් ඔය ගැන තොරතුරු කියන්න එපා අලි ටික රහත් වෙන්න පුළුවන්’