IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොටුව-මාලබේ සැහැල්ලු දුම්රියට කැබිනට් පත්‍රිකාවක්

(අංජුල මහික වීරරත්න)

කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙි.

ඒ සදහා විකල්ප යෝජනා ලබාගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත.

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුණි.

 රාජ්‍ය සේවකයන් දහස් ගණනක්  කොළඹ - මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.



අදහස් (10)

කොටුව-මාලබේ සැහැල්ලු දුම්රියට කැබිනට් පත්‍රිකාවක්

Gagana Wednesday, 15 March 2023 10:49 AM

ගොන්වැඩ කරලා ජපානෙන් පස්ස බිම ඇනගෙන දැන් ආපහු පත්‍රිකා දානවා, ලජ්ජා නැති ජාතියක්...!

:       1       33

රසන් Wednesday, 15 March 2023 11:36 AM

කප්පම් ප්‍රසන්නය ලැජ්ජා නැතිව දැන් කියනවා මේකේන් කොළඹ ආශ්‍රිත රථ වාහන තදබදය මේකෙන් අඩු වෙනවා කියලා...වැඩ බැරි ටාසන් ගේ ආන්ඩු වෙන් මේක නවත්තන් කොට මූ ඒ ආණ්ඩුවේත් ඇමති ...එතකොට කට වහගෙන හිටියා යසට පිං බතා..මුගේ මුලු ඇගම කුනු වෙලා තියෙන්නෙ මේ වගේ සක්කිලි ගතිගුන හින්දා වෙන්න ඕනේ.

:       1       48

nanda Wednesday, 15 March 2023 11:48 AM

සාටක සෙට් එකත් එක්ක එකතුවෙලා මෙම ව්‍යාපෘතියට පයින් ගැහුවා .දැන් හොඳ වෙලා මුන් නේ ආපසු චන්දෙ ඉල්ලන්නේ ලැජ්ජා නැතුව

:       1       29

කෝරළගේWednesday, 15 March 2023 02:33 PM

කොටුව-මාලබේ සැහැල්ලු දුම්රිය නිදහසෙන් පස්සේ ලංකාවට ලැබුණු මහඟු ඉතාම අගනා ව්‍යාපෘතියක්. අර ගුණරුවන් ආචාර්යා සාටක දේශපාලුවන්ට බොරු බේගල් කියලා අපේ රටට අහිමි කරලා දැම්මා. දැන් මේ බොරු කැබිනට් පත්‍රිකා දානවා කියලා මිනිසුන්ව ගොනාට අන්දනවා. මේ කම්බ හොර දේශපාලුවන් අපේ රට ලෝකෙන්ම කොන් කරලා ඉවරයි...

:       1       7

Rohana Wednesday, 15 March 2023 11:59 AM

මේකටත් බකලසිරි මඩරුවන් ලෙඩක් අදීද දන්නෙ නෑ.

:       1       24

ලුම්බිණි Wednesday, 15 March 2023 01:24 PM

මේකට විරුද්ධ වෙන්නෙත්, පක්ෂ වෙන්නෙත් එකම ටික නේද?

:       0       2

Prabha Wednesday, 15 March 2023 01:57 PM

එදා ඔය වැඩේ කරන්න දුන්නා නම් අද මිනිස්සු සතුටින් ගමන් යනවා...

:       0       9

Siraj Wednesday, 15 March 2023 04:40 PM

සුදු අලියා ආණ්ඩුව දුවන්න ලෑස්ති වෙන්න එපා... කම්පැනියකට දීලා එයාලා ලවා දුවන්න... තවත් ශ්‍රී ලංකන් එකක් රටට අවශ්‍ය නැත. ඕවා දැම්මට කාර් තියෙන අය ඕවායේ යන්නෙත් නැහැ. සුලු ගාණකට යන්නත් බැහැ. එක්කෝ ආණ්ඩුව පාඩුවට දුවන්න වෙනවා. නැත්නම් යන්න කෙනෙක් නැති වෙනවා.

:       1       0

රංගේWednesday, 15 March 2023 07:46 PM

මෝඩ කතා කියන්නෙපා. ඔයාත් අර ෆේල් වුණ විරුවා වගේනේ.

:       0       0

Bunny Preena Thursday, 16 March 2023 09:31 AM

මේවා කවදා අනුමත වෙලා කවදා පටන් ගනීවිද කියල හිතන්ට පුලුවන් වෙන්නෙ කොහොමද හිටපු ගමන් වියාපෘති අතරමග නතරකරනවනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site