උසාවි නියෝග කඩ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල සිසුහු නව දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ.
තවත් සිසුන් හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.
විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැන්වූයේ පොලිසිය සිසුන්ට පහර දී ඇති බවයි. ඉතිරි සිසුන් සිව් දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද නීතීඥවරයා කීවේය.
තමන් අවම බලය භාවිත කළ බව පොලිසිය මහේස්ත්‍රාත්ට කීවේය.
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසුවේ අවම බලය යනු ඇස් එළියට පනින තුරු පහර දීම නොවන බවයි. විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිසක් සමග කටයුතු කිරීමේ දී පොලිසිය ඔවුන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ද මහේස්ත්‍රාත් කීවේය.
මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් හතර දෙනා බැලීමට යෑමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඕවට පොදු ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඔය දැන් පාරවල් වල කෑගහන අයම උපාධිය අරගෙන රෝහල් වලට ගියාට පස්සේ පොඩි දෙයටත් වර්ජන පටන් අරගෙන අසරණ ලෙඩ්ඩු අසරණ කරනවා. එහෙම නැති වුණොත් පුදුමයක්. (නි)
මේ අයට අවුරුදු 4ක උපාධිය දුන්නොත් රෝහල් අධ්‍යක්ෂ තනතුර දක්වා යාහැකියි නේද? (නි)
නියම වැඩේ තමයි පොලිසියටත් වුණේ (නි)
ඔහොම වෙන්නත් ඕනේ.(නදී)
පොලිසියට දොස් කිවුවා කියලා තව ලෙඩක් වැටෙයිද දන්නේ නැහැ. (ස)
මේවා බැලුවාම මිනිස්සු පොලිසිය එක්ක වෛර බදින එක සාදරනයි. ළමයින්ගේ ප්‍රශ්න විසදන ආකාරය වෙනස් කරන්න.(නදී)
ඔවුන්ටත් ඳඩුවමක් තිබිය යුතුයි නේද? (නි)
මේවා අහනවිට අර කලින් වූ දේවල් ගැන ඇති වූ දුකත් නැතිවෙනවා. මේ නිසා මිනිස්සු පොලිසිය එක්ක වෛර බඳිනවා විතරක් නෙමෙයි ලැබුණු තැනදී පළිගන්න බලනවා (නි)
අපේ ඔය පොලිසියම තමා දේශපාලකයෙකුගෙන් දුරකථන ඇමතුමක් ආවම අල්ලාගත් සැකකරුවන් නිදහස් කරන්නේත්. සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අහිංසකයන් අල්ලාගෙන පහර දීලා, තලා පෙලා දාන එක වැරදියි. ඒවාට දැන් ප්‍රතිඵල විඳින්න වෙලා තියෙන්නේ සමහර අහිංසක පොලිස් නිලධාරීන්ටම තමයි.(නි)
මේ පොලිසියේ අයටත් දරුවෝ ඇතිනේ... (නි)
පොලීසියේ මහත්වරු මීට වඩා හිතන්න ඕනෑ. මේ ඔබ දිගට හරහට පහර දී තලන්නේ හෙට දවසේ රටේ අනාගතයටයි. හරිම කණගාටුයි! (නි)
නිදහස් අධ්‍යාපනය රැකගැනීම කෙසේවෙතත් අන්තවාදී දේශපාලකයන්ගේ ලණු කා සරසවි සිසු ජිවිත ගණනාවක් පහුගිය කාලයේ නිරපරාදේ නැති වුණා. සත්‍යපාලට තවම තේරුම් ගැනීමට බැරිවූ සත්‍ය මෙයයි. (නි)
එහෙනම් පොලිසිය ළමයින්ට පහරදීලා?? (නි)
සත්‍යපාල මහත්තයෝ, කොහෙද මහත්තයෝ අද නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ? (නි)
ළමයි හැසිරුන විනීත ශාන්ත භාවය අපි රූපවාහිනියේ දැක්කා. ඩයස්පෝරවෙන් එන සල්ලි වලට ළමයිගෙ ඔළු කන කාළකන්ණි පිරිසක් ඔතන ඉන්නවා. එයාලට මොටර් සයිකල් ඇදුම් සල්ලි සියල්ල ලැබෙනවා කියලා සමාජයේ මතයක් තියනවා. ඒක ඇත්ත නම් මහ පව් කාරයො පිරිසක්. කවදා හරි පල ලැබෙයි. (නදී)
මේ අයගේ ප්‍රස්නේ දිහා මීට වැඩිය මානුෂිකව බලන්න ඕන නේද..(නදී)
ම ටනම් පොලිසිය ගැන මොනවා උනත් දුක නැත්තේ, මේ වගේ වැඩ ඕනෑ තරම් කරන නිසා. (නදී)
මේ වගේ වැඩ කරන්න ගිහින් තමයි සමහරු වෛර බැඳගෙන උස්සන් ගිහින් රිටර්න් දෙන්නේ.(නදී)
සුදුස්සාට සුදුසු තැන ලබා දෙන්න බලධාරීන් වගබලාගන්න.(නදී)
නිශාන්ත,ළමයි නොවෙයිනේ පුහුණුවේ කාලය අවුරුද්දකින් අඩුකළේ. එයාලා ඉල්ලන්නේ තමන්ට තව වැඩිපුර අවුරුද්දක් ඉගෙනගන්න දෙන්න කියලා. (නි)
72 ජේ වී පි කලේ අපේ පළාතේ හිටිය පොලිස් ස්ථානාධිපති තරුණ ළමයි අල්ලලා බොහොම දරුණු වද දුන්නා. අවුරුදු දවසේ වෙනත් පොලිසියකින් අල්ලලා මේ පොලිසියට බාර දීපු තරුණයෝ කට්ටිය පොලිසියට ගෙනියන ගමන් අපේ ගෙදරට ආවා. ඇවිත් තාත්තට කිව්වා "මේ බලන්න මේ ළමයි දිහා මම කොහොමද මෙහෙම මේ ළමයින්ට මෙහෙම වද දෙන්නේ. තරුණ ළමයි දකින කොට මට මතක් වෙන්නේ මගේ දරුවන්ට වද දෙනවා කියලා. නිතිය තියෙන්නේ එ්කටනේ. අද අවුරුදු දවසේ පොලිසියට යන්න කලින් මේ ළමයින්ට මොනවා හරි කන්න දීල ගෙනියන්න මෙහෙ එක්කගෙන ආවේ කියලා". කොයි ආයතනෙත් හොද නරක දෙගොල්ලොම ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් කරන දේවලට හැමෝම පලි නැහැ. සෙරෙප්පු කුට්ටමේ කතාවත් මතක ඇතිනේ. පොලිස් ස්ථානාධිපතිතුමා එවලේ සපත්තු කුට්ටමක් අරන් දුන්නා.(නදී)
අපේ පළාතේ හිටිය පොලිස් ස්ථානදිපති තුමා අපේ පළාතේ ජේ වී පි කියා කිසිම ළමයෙකු ඇල්ලුවේ නැහැ.(නදී)
පොලිසියෙ මේ වගේ වෑඩ නිසා තමයි මිනිස්සු නීතිය අතට අරගෙන වැඩ කරන්නෙ. (නි)
පොලිසියට ළමයින්ගේ පැත්ත ගැන සාධාරණව හිතන්න තිබුණා (නි)
මේවා පොලිසියේ විතරක් වැරදි නොවෙයි. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන රජයේ ප්‍රතිපත්තියට විරුද්ධ වෙන කොටස් බියවැද්දවීම හොඳ දෙයක් නොවෙයි. අධ්‍යාපනයට සම්බන්ධ බලවත් කෙනෙක් පසුගිය දවසක ඒ ගැන ප්‍රසිද්ධියේම කතාකරලා තිබුන (නි)
ප්‍රසන්න ඒක ඇත්ත. ඒ අවුරුද්ද දෙනවට විරුද්ධත් මීට කලින් වෙනත් උපාධියක් අරගෙන පිටව ගිය කන්ඩායමක්. එයාලා අතර ඒ කාලේ ජනප්‍රිය දිස්ත්‍රික්කවල ඉගෙනගෙන දුෂ්කර දිස්ත්‍රික්ක වලින් උ/පෙල ලියලා එතෙන්ට ගිය අයත් ඉන්නවා. අන්න ඒ අයට වඩා දැණුමෙන් ඉහල ලමයින්ට අවුරුදු හතරක් පුහුණුව දෙනවට විරුද්ධව අධ්‍යාපනයට ගරහනවා. (නදී)
අසෝකා මම ඔයාගේ අදහස් ටික කියෙව්වා හරිම වේදනායි. මටත් මතක් උනා 89 කාල වකවානුව. මමත් ගියා සිංහල අලුත් අවුරුදු දා අනුරාධපුරේ පොලීසියට ළමයෙක් බලන්න උදේ 10 ට විතර එතැන මහා කලබලයක් උදේ පාන්දරම රාළහාමි කෙනෙක් එහි හිටපු ජේ.වී.පි කියල අල්ලන් ආපු ළමයින්ට දිගට හරහට තඩිබානවා මම දැක්කා. කටවල් පැලිලා ලේ ගලනව්ත් දැක්කා. හරියට කුකුල් කොටුවට කලවැද්දා පැන්නා වගේ.(නදී)
උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා සැනසෙන්නේ (නදී)
පොලීසිය ඉස්සරහට දමාගෙන මේ ප්‍රශ්නය දුර දිග ගෙනියන්න තරම් කරන මේ දේවල් මොලය ඇති අයට තේරෙන්නේ නැත්ද?.(නදී)
පොලිසියේ අය ගොඩක් එක වගේ නැහැ. උගත් අය වගේම නුගත් අයත් ඉන්නවා. මේත් එහෙම අය වෙන්න ඇති.(නදී)
සම සෞඛ්‍ය උපාධියේ කාළය අවුරුදු 4 කරා නම් ප්‍රශ්නය ඉවරයිනේ. ඒකටත් ළමයෙක් මැරෙනකම් ඉන්නවද දන්නේ නැහැ.(නදී)
පොලිසියෙන් ගුටි කකා, පොලිසියට ගගහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියලා උද්ඝෝෂණ කරපු එක කොටසක් තමා අද අසරණ රෝගීන් ඇපයට තියලා වැඩ වර්ජන කරන්නේ. එදා ඒ අයට පොලිසියෙන් ගහන කොට අනේ පවු අසරණ දරුවෝ කියපු ජනතාවම තමා වැඩ වර්ජන වලට ඇපයට තියා ගත්තේ. (දිල්)
අපේ ලංකාවේ සරසවි සිසුන් `වැඩිදෙනා නිදහස් අධ්‍යාපනයේ වටිනාකම නොදන්නා අය. ඔවුන් අන්තවාදී පක්ෂ වල අතකොලු වෙලා කරන වැරදි නිසා ඇත්තටම කරදරයක් වුනත් ජනතාව ඔවුන් දිහා අනුකම්පාවෙන් බලන්නේ නැහැ. අද ලෝකයේ බොහෝ රටවල මුලික උපාධියක් ගන්නත් අවම වශයෙන් රු 1000,000/= ක් වත් සිසුන් ගෙවන්න ඕනේ. එ්ත් ලංකාවේ නිකන් ඉස්කෝලේ උගන්නල සරසවි අධ්‍යාපනයත් නොමිලේ දීල තව මහපොලත් ආණ්ඩුවෙන් දීලා අන්තිමට වැඩිදෙනෙකුට ආණ්ඩුවේ රස්සාවක් දීලත් එ්ත් ඉගෙනගන්නේ නැතුව මුන් පිස්සු කෙලිනවා. එ්කයි ඇත්ත හැබැයි ඕක තේරුම් ගන්න බැරි සමහර අඥානයෝ දැන් මට බැනල කොමෙන්ට් දායි.(නදී)
සමන් , පුතේ දන්නා දෙයක් කතා කරන්න , තමන්ට කැම්පස් යන්න බැරි උනා කියල යන අයට ඉරිසියා කරන්න එපා.(නදී)
එක එක්කෙනාගේ අදහස් එක එක වගේ. සමාජයේ ජීවත් වෙන අයත් එකිනෙකට වෙනස්. වෙලාවට හැමදේම කරනවා නම් එකම වගේ මිනිස්සු තමානේ බිහි වෙන්නේ. විවිධ විෂම දරුවෝ ලෝකේ හැම තැනම ඉන්නවා. මහේස්ත්‍රාත් තුමා කිව්වා වගේ ඇස් එලියට ගන්න අයිතියක් පොලීසියට නැහැ.(නදී)
අපිත් මේ ප්‍රශ්නය ආරම්බයේ සිටම හොදින් බලාගෙන ඉන්නවා. නමුත් හරි අවාසනාවන්ත තත්වයක් තියෙන්නේ. අදාල බලදරින් ප්‍රශ්නය මගහරිමින් සිටිනවා. හේතුව මොකක් උනත් අද මේ ප්‍රශ්නයට උත්තරදෙන්න හදන්නේ පොලිසිය මගින්. මේවට තමයි නියම විහිලු කියන්නේ. අදාල අයට ඕනෑකමක් තියෙනවනම් මේ ප්‍රශ්නය විසදන්න පුලුවන්. රටේ උගත්ම පිරිසට අයිති සාදාරන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ මෙහෙමනම් සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න වලට උත්තර සොයන්න හරිම අමාරු වෙයි.(නදී)
ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න නොදී හැමදාමත් කැම්පස් වල අවුල් ඇති කරන අයට නම් දඩුවම් දෙන්න ඕනේ.(නදී)
මේ දවස් වල පොලිසියට අපලයි වගේ (නි)
සාලිය, ඔයාට ගොඩක් පෙරයි මම ලංකාවේදී මගේ මුලික උපාධිය ගත්තේ. පස්සේ මම පිටරටවල් දෙකකින් පශ්චාත් උපාධි අරන් තිබෙනවා. ඒක නිසා මම අත්දැකීමෙන් මගේ අදහස දැම්මේ. (නි)
පාසල් දරුවෝ හා විශ්ව විද්‍යාල දරුවෝ සමග කටුතු කිරීමේදී බලධාරීන් යම්තාක් දුරට නම්‍යශීලි වියයුතුයි . තරුණ වයස අවේගශීලි වයස ඒ නිසා ඔවුන් හා සහයෝගයෙන් මේ ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතුයි .නැතිව විෂය භාර අමාත්‍ය තුමන්ලාගේ දැඩි තීරණවලට විසඳුම් සෙව්වෝතින් සමස්ත අධ්‍යපන පද්දතියම අඳුරේ . පක්ෂ බේද සමිති සමාගම් බේද නැතිව සියලු දරුවන් රටේ අනාගත ප්‍රාණය ලෙස හිතන්න , (අ)
සමන් මහත්තයෝ, මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකගන්න සරසවි ශිෂ්‍යයෝ තරම් කැපකිරීම් කළ කොටසක් රටේ තවත් නැතුව ඇති. ඔබට දරුවන් සිටිනවා නම්, ඔවුන් අධ්‍යාපනය ලැබුවන් හෝ ලබමින් සිටින්නන් නම් ඔවුන් අද ඒ බුක්ති විඳින්නේ එදා සරසවි සිසුන් කළ අරගලවල ප්‍රතිපලයි.මොන දේශපාලන මතිමතාන්තර තිබුනත් අපි ඒවා අගය කළ යුතුයි. (නි)