සූර්යයා අසලට පැමිණ තිබෙන සැතපුම් ලක්ෂ පහක් දිගින් යුත් ‘කැටලිනා‘ දීප්තිමත් වල්ගා තරුව ඉදිරි දිනවලදී පියවි ඇසින් මෙන්ම දුරේක්ෂයන් මගින් නැරඹීමේ දුර්ලභ අවස්ථාව ලෝක වාසීන්ට උදාවන බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.
පසුගිය නොවැම්බර 15 වැනි දා සූර්යයා අසලට ආ මෙම වල්ගා තරුව ජනවාරි 17 වැනි දා දක්වා නැරඹීමේ අවස්ථාව ඇතැයි ද වික්‍රමරත්න මහතා කියයි.
දෙසැම්බර 30, 31 සහ ජනවාරි පළමු වැනි දා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ඕනෑම දුරේක්ෂයකින් හෝ පියවි ඇසින් එය නැරඹීමේ අවස්ථාව බොහෝ විට උදාවනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර අහසේ පාන්දර 4 විතර අපි බැලුවා. හරිම දීප්තිමත්. කාන්තිය කඩා හැළෙනවා.නත්තල් තරුව ලෙසත් මෙය හැඳින්වෙනවලු.පෘතුවිවාසීන්ට මෙය දක්නට ලැබෙන අවසාන අවස්ථාවලු. ඒ නිසා හැමෝම බලමු. දන්නා කියන හැමෝටම කියන්න (නි)
හොඳ අවස්ථාවක්.(හේ)
එදත් විශේෂ උපතක් වෙයි (බ)
දැන් කේන්දරකාරයෝ නම් කියාවි මෙමඟින් අපේ රටට ඉතාමත් අපල කාලයක් උදාවේවි කියලා (නි)