IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කටාරයෙන් පැන්නු ගැහැණු 3 ක් සී.අයි.ඩී කටේ

ව්‍යාජ  වීසා භාවිතා කරමින් කටාර් හරහා කුවෙට් රාජ්‍ය වෙත යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කොට ආපසු මෙරටට  එවනු ලැබ සිට්යදී  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මොවුහු මොරටුව, කොළඹ සහ හිගුරක්ගොඩ යන ප්‍රදේශවල  පදිංචි වයස 45,44 සහ 27  වියේ පසුවු කාන්තාවෝ වෙති.

මෙම කාන්තාවෝ පසුගිය 13 වෙනිදා කටාර් හරහා කුවෙට් රාජ්‍ය වෙත යාමට මෙරටින් පිටත්ව ගොස් ඇත.
 මරදාන ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයකින් මොවුන් මෙම ව්‍යාජ වීසා ලබාගෙන ඇති බව කරණ ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.  අදාල රැකියා නියොජිත ආයතනයෙන්  එක් කාන්තාවකට රුපියල් තිස් දහසක්ද, අනිත් දෙදෙනාට රුපියල් පනස් දහස බැගින්ද විදෙස් ගතවීම වෙනුවෙන්  ලබා දී ඇත.

මෙම කාන්තාවන්ට  රැකියා සඳහා විදෙස් ගත වීමට අවශ්‍ය  විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයේ අනුමත ලිය කියවිලි ඇතුළු සියලූ ලිය කියවිලි  අදාල රැකියා නියෝජිත ආයතයේ උප ඒජන්තවරු දෙදෙනෙක් විසින් සකස් කර දී ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිතය.

 



අදහස් (0)

කටාරයෙන් පැන්නු ගැහැණු 3 ක් සී.අයි.ඩී කටේ

චන්ද්‍ර වීරසිංහ Sunday, 16 August 2015 08:16 AM

දුප්පත් කම නිසා රට යන්න හදන අනේක දුකක් විඳ තමන්ගේ පවුලත් අපේ රටත් පොහොසත් කිරීමට දායක වන මෙවැනි කානතාවන්ට නින්දා මුඛයෙන් ගැහැණු කියා අමතන්න එපා (ම)

:       0       0

වජිරපාල Sunday, 16 August 2015 11:31 AM

පවු! අසරණකමනේ.... (නි)

:       0       0

රවීන් Sunday, 16 August 2015 01:29 PM

වැඩ කරන්න ගියා නම් මොනවටද හොරෙන් යන්නේ? රටේ නමත් කනවා (නි)

:       0       0

නාමල් Sunday, 16 August 2015 01:59 PM

මේ අය කුවේට් යන්න ඇත්තේ දුප්පත්කම නිසානේ (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 16 August 2015 05:37 PM

වරද අසරණ ගැහැණුන්ගේ නෙමෙයි. රජයේ සහ නීතියේ දුර්වලකම. ජීවත්වෙන්න ඕනෑ නිසා තමයි රට යන්නේ. (නි)

:       0       0

ලලිත් Sunday, 16 August 2015 09:21 PM

අපරාධය කර තිබෙන්නේ මේ කාන්තාවන්ද? නැත්නම් රැකියා නියෝජිතයාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site