ව්‍යාජ වීසා භාවිතා කරමින් කටාර් රාජ්‍යය හරහා ඉතාලියට පැන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කර ආපසු මෙරටට එවනු ලැබ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මුලතිව් පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පසුගිය 9 වෙනිදා මෙරටින් පිටවගොස් ඇත්තේ ඔහුගේ වලංගු ගුවන්බලපත්‍රය හා වීසා භාවිතා කරමින් බව පොලීසිය කියයි.
පසුව දෝහා කටාර් ගුවන්තාටුපොළේදී ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකරයක් තම ගුවන්ගමන් බලපතේ අලවාගෙන ඉතාලියට යාමට උත්සහ කරද්දී එරට බලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගෙන මෙලෙස ආපසු හරවා එවා තිබේ.
සැකකරු ඉතාලියට ගිය පසු එහි වෙසෙන ඔහුගේ ඥාතියෙක් විසින් මෙරට ඒජන්තවරයෙකු වෙත මුදල් ලබා දීමේ කොන්ත්‍රාත්තුවක් මත ඔහු මෙලෙස ක්‍රියාකර ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මීගමුව මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක කෙනෙක් ගියොත් (අ)
අහින්සක එකෙක් යන්න උත්සහ කලොත් එයාව අල්ලලා සවුත්තු කරනවා. උඩ පනිනවා ලොකු දෙයක් වගේ , කොච්චර නම් පට්ට හොරු ,පාතාලයෝ රට යනවද ..කෝ හොයනවද ,හෙව්වද , අර බ්ලුමැන්ඩල් සිද්දියම එයට උදාහරණ .උන් ඔක්කොම පැනගත්ත නේ එක හින්ද මේ වගේ බාල වැඩ ගැන අපිට කියන්න එපා (අ)
සනත් ඔබ; හරි මමත් ඔබ සමග (අ)
මෙයාව අල්ලලා තියෙන්නේ කටුනායකින් නෙමෙයිනේ, කටාර් වලින් (නි)
සනත්, ලංකාවේ බලධාරීන්ට බැනලා වැඩක් නැහැ. කටාර් ගුවන් තොටුපළේ හොර වැඩ කරන්න බැහැ. (නි)
තිලක් ඔය හරි ලංකාවෙන් හොරට පැනගත්තාට මැදපෙරදිග ඒවා කරන්න බැහැ (අ)
ලංකාවෙන් ගිහිල්ල තියෙන්නේ වලංගු විසා එක්ක, තව පාරක් කියැව්වත් හොඳයි වගේ. (නදී)