කටාර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ වැටුප් නොවැම්බර් මාසයේ සිට බැංකු මගින් ගෙවීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර ඇත.
විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා මැදපෙරදිග කළ සංචාරයේ දී එරට බලධාරීන් ගෙන් තළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එරට කම්කරු හා සමජ සුභ සාධන ඇමති අබ්දුල්ලා සාලියා අල් කුලාෆි මහතා ඒ බව පැවසුවේය.
මෙසේ වැටුප බැංකු ගත කිරීම මගින් සේවක වැටුප් ලබා නොදීම පිළිබඳ පැමිණිලි අවම කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවැසූ බව අමාත්‍යවරිය පැවැසුවාය.
කටාර් රාජ්‍යය හා ශ්‍රී ලංකා ශ්‍රමිකයන් පිළිබඳව ඇති ගිවිසුම් ගැන සාකච්ඡාවක් ද මේ වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බවද අතුකෝරල මහත්මිය කීවාය.
ශ්‍රී ලාංකිකයන් 145,000ක් පමණ සිටින නමුත් තානාපති අංශ සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ 107,000 පමණ පිරිසක් රැඳී සිටින බව යැයි ද ඇමතිනිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලතා මැතිනිය කරපු දෙයක් නම් නෙවෙයි මේක. 2020 පාපන්දු ගන්න ඕන නිසා මේවා කලයුතු වෙනවා. මේවා විදේශ රටවල බලපෑම්. තලතා මැතිනියට පුලුවන්නම් සෞදි වලට මේ දේ කරලදෙන්න. (අ)
කටාර් ආණ්ඩුව මෙම තීරණය ගත්තේ අපේ ගරු ඇමැතිතුමිය ඉල්ලූ නිසා නෙවෙයි. අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන වල බලපෑම මත, වසරකට වැඩි කාලයක් මේ ගැන කටාර් බලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මෙහි සේවය කරන සියළුම විදේශ ශ්‍රමිකයන්ගේ සුභසිද්ධිය සදහා ගත්තු තීරණයක්. (බ)
ඕක හරියටම දන්නේ අපේ සහෝදරයින් කටාර් වල වැඩ කරන මේ ගොල්ලෝ කියන බොරු පිළිගන්නේ කව්ද (බ)
කටාර් වැටුප් බැංකුවෙන් පමණයි කීම ඇත්ත ඒ කියන්නේ අපිට බැංකු හරහා තමය වැටුප ලැබෙන්නේ අනික මේක සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විතරක් නොවේ හැම රට සේවකන්ටම බැංකු හරහා තමයි ලැබෙන්නේ අපේ සමාගමේ සැම රටකම සේවකයන් ඉන්නවා ඒ ඔක්කොමටම බැංකු හරහා තමය් වැටුප ලැබෙන්නේ (අ)
පට්ට බොරු. ඕක මෙහෙ නීතියක්.හැම රටේ කට්ටියටම. ඇමතිනි බොරු කියන්න එපා. (අ)
මාරසිංහ , මමත් දරන්නේ ඔබගේ අදහසම තමයි , එක විතරක් නෙවේ තව ගොඩක් නීති වෙනස් කරන්න යෝජනා අනුමත වෙලා තියෙන්නේ , මෙහෙ ඉන්න අපි තමා එක දන්නේ , බොරු වැඩ කරන්න යන්න එපා . ඇත්ත මිනිස්සු දන්නවා . (අ)
සම්ශීර් කියන එක හරි. දැනටමත් නීති කෙටුම්පත් සකස් කරමින් යනවා එරට සිටින සියලු ශ්‍රමිකයින්ට රාජ්‍ය ආයතනයක් මගින් පාලනය වන ආකාරයට බැංකු හරහා වැටුප් ලැබෙන්න. (බ)
මේ පට්ටා බොරු සාකච්චාවකින් නෙමේ මේ පඩි බැංකු ගිණුම් හරහා ගෙවන්නේ.මේ රටේ නීතියක් දැන් ඔක්කොටම පඩි බැංකු ගිණුම් හරහා ගෙවන්න ඕනේ...මොකද මේ මිනිස්සුන්ට බොරු නිව්ස් දෙන්නේ. මේ රටේ ඉන්න ඕනෙම කෙනෙක්ගෙන් කෝල් එකක් දීල අහල දැනගන්න පුළුවන් (අ)
ඔන්න බොරු කියනවා. ඕක ගැන 2012 ඉඳන් කතා කරලා, කරලා දැන් තමා කටාර් රජය කරන්න යන්නේ. තලතා නෝනා ඉල්ලුවලු. (අ)
සමහරු කියන බොරු නිසා ඇත්තක් වුණත් පිළිගන්න බැරිවෙනවා (නි)
මෙය සාර්ථක වෙයිද කියා බලමු (නි)
අපි හිතුවේ මේ නීතිය ක්‍රියාත්මක වෙලා දැන් ගොඩක් කල් කියලයි (නි)
මමත් ඔහේ ඉඳලා ආ කෙනෙක්. 2014 මුල ඉඳලම ඔය යෝජනාව තිබුනා නේද? (නි)
මේ අදහස් වලට මම එකඟ වෙනවා (නි)
විදේශ ඇමතිනිය බොරුවක් නේ කියන්නේ ඇය කරපු ඉල්ලීමක් මත කටාර් රාජ්‍ය මේ තීරණය ගත්ත කියා. මේක පසුගිය වසර කිහිපය තුල මානව හිමිකම් කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තු බලධාරින්ගේ බලපෑම් මත සිදුවෙන වෙනසක්. (අ)