IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කටාර් වැටුප් බැංකුවෙන් පමණයි

කටාර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ වැටුප් නොවැම්බර් මාසයේ සිට බැංකු  මගින් ගෙවීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර ඇත.

විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා මැදපෙරදිග කළ සංචාරයේ දී එරට බලධාරීන් ගෙන් තළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එරට කම්කරු හා සමජ සුභ සාධන ඇමති අබ්දුල්ලා සාලියා අල් කුලාෆි මහතා ඒ බව පැවසුවේය.

මෙසේ වැටුප බැංකු ගත කිරීම මගින් සේවක වැටුප් ලබා නොදීම පිළිබඳ පැමිණිලි අවම කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවැසූ බව අමාත්‍යවරිය පැවැසුවාය.

කටාර් රාජ්‍යය හා ශ්‍රී ලංකා ශ්‍රමිකයන් පිළිබඳව ඇති ගිවිසුම් ගැන සාකච්ඡාවක් ද මේ වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බවද අතුකෝරල මහත්මිය කීවාය.

ශ්‍රී ලාංකිකයන් 145,000ක් පමණ සිටින නමුත් තානාපති අංශ සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ 107,000 පමණ පිරිසක් රැඳී සිටින බව යැයි ද ඇමතිනිය කීවාය.

 

 

 

 

 



අදහස් (0)

කටාර් වැටුප් බැංකුවෙන් පමණයි

ප්‍රභාත් කුලතුංග Monday, 21 September 2015 12:01 PM

තලතා මැතිනිය කරපු දෙයක් නම් නෙවෙයි මේක. 2020 පාපන්දු ගන්න ඕන නිසා මේවා කලයුතු වෙනවා. මේවා විදේශ රටවල බලපෑම්. තලතා මැතිනියට පුලුවන්නම් සෞදි වලට මේ දේ කරලදෙන්න. (අ)

:       0       0

මාරසිංහ Monday, 21 September 2015 09:21 AM

කටාර් ආණ්ඩුව මෙම තීරණය ගත්තේ අපේ ගරු ඇමැතිතුමිය ඉල්ලූ නිසා නෙවෙයි. අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන වල බලපෑම මත, වසරකට වැඩි කාලයක් මේ ගැන කටාර් බලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මෙහි සේවය කරන සියළුම විදේශ ශ්‍රමිකයන්ගේ සුභසිද්ධිය සදහා ගත්තු තීරණයක්. (බ)

:       0       0

මොහොමඩ් Monday, 21 September 2015 12:54 PM

ඕක හරියටම දන්නේ අපේ සහෝදරයින් කටාර් වල වැඩ කරන මේ ගොල්ලෝ කියන බොරු පිළිගන්නේ කව්ද (බ)

:       0       0

ඉෂාක් රහීම් Tuesday, 22 September 2015 11:10 AM

කටාර් වැටුප් බැංකුවෙන් පමණයි කීම ඇත්ත ඒ කියන්නේ අපිට බැංකු හරහා තමය වැටුප ලැබෙන්නේ අනික මේක සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විතරක් නොවේ හැම රට සේවකන්ටම බැංකු හරහා තමයි ලැබෙන්නේ අපේ සමාගමේ සැම රටකම සේවකයන් ඉන්නවා ඒ ඔක්කොමටම බැංකු හරහා තමය් වැටුප ලැබෙන්නේ (අ)

:       0       0

කමිල් Monday, 21 September 2015 03:48 PM

පට්ට බොරු. ඕක මෙහෙ නීතියක්.හැම රටේ කට්ටියටම. ඇමතිනි බොරු කියන්න එපා. (අ)

:       0       0

ශාන්ත - කටාර් Monday, 21 September 2015 03:55 PM

මාරසිංහ , මමත් දරන්නේ ඔබගේ අදහසම තමයි , එක විතරක් නෙවේ තව ගොඩක් නීති වෙනස් කරන්න යෝජනා අනුමත වෙලා තියෙන්නේ , මෙහෙ ඉන්න අපි තමා එක දන්නේ , බොරු වැඩ කරන්න යන්න එපා . ඇත්ත මිනිස්සු දන්නවා . (අ)

:       0       0

ප්‍රභාත් Monday, 21 September 2015 11:11 AM

සම්ශීර් කියන එක හරි. දැනටමත් නීති කෙටුම්පත් සකස් කරමින් යනවා එරට සිටින සියලු ශ්‍රමිකයින්ට රාජ්‍ය ආයතනයක් මගින් පාලනය වන ආකාරයට බැංකු හරහා වැටුප් ලැබෙන්න​. (බ)

:       0       0

චන්ද්‍රවංශ Monday, 21 September 2015 05:40 AM

මේ පට්ටා බොරු සාකච්චාවකින් නෙමේ මේ පඩි බැංකු ගිණුම් හරහා ගෙවන්නේ.මේ රටේ නීතියක් දැන් ඔක්කොටම පඩි බැංකු ගිණුම් හරහා ගෙවන්න ඕනේ...මොකද මේ මිනිස්සුන්ට බොරු නිව්ස් දෙන්නේ. මේ රටේ ඉන්න ඕනෙම කෙනෙක්ගෙන් කෝල් එකක් දීල අහල දැනගන්න පුළුවන් (අ)

:       0       0

ගයාන් Monday, 21 September 2015 05:50 AM

ඔන්න බොරු කියනවා. ඕක ගැන 2012 ඉඳන් කතා කරලා, කරලා දැන් තමා කටාර් රජය කරන්න යන්නේ. තලතා නෝනා ඉල්ලුවලු. (අ)

:       0       0

සහීඩ් කටාර් Monday, 21 September 2015 08:14 PM

සමහරු කියන බොරු නිසා ඇත්තක් වුණත් පිළිගන්න බැරිවෙනවා (නි)

:       0       0

නිශාඩ් Monday, 21 September 2015 08:47 PM

මෙය සාර්ථක වෙයිද කියා බලමු (නි)

:       0       0

කුමාර Tuesday, 22 September 2015 02:41 PM

අපි හිතුවේ මේ නීතිය ක්‍රියාත්මක වෙලා දැන් ගොඩක් කල් කියලයි (නි)

:       0       0

සරත් Monday, 21 September 2015 10:42 PM

මමත් ඔහේ ඉඳලා ආ කෙනෙක්. 2014 මුල ඉඳලම ඔය යෝජනාව තිබුනා නේද? (නි)

:       0       0

විජේතුංග Monday, 21 September 2015 10:58 PM

මේ අදහස් වලට මම එකඟ වෙනවා (නි)

:       0       0

Zamzeer Monday, 21 September 2015 06:39 AM

විදේශ ඇමතිනිය බොරුවක් නේ කියන්නේ ඇය කරපු ඉල්ලීමක් මත කටාර් රාජ්‍ය මේ තීරණය ගත්ත කියා. මේක පසුගිය වසර කිහිපය තුල මානව හිමිකම් කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තු බලධාරින්ගේ බලපෑම් මත සිදුවෙන වෙනසක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site