දොහා සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන් තොටුපොළ බලා යමින් සිටි කටාර් ගුවන් සේවයේ යානයක එන්ජිමක තෙල් කාන්දුවක් වෙතියි ඇතිවූ සැකයෙන් එම යානය කටුනායකට ගොඩ බැස්විණි. බොයිං 777-300 යානය ප්‍රශ්නයකින් තොරව කටුනායකට ගොඩ බැස්වූ බවත්, යානයේ වම් පස තටුවේ කාන්දුවක් ගැන වාර්තා වූ බවත් වාර්තා විය.
දොහා සිට කටුනායකට පැමිණි වෙනත් යානයකින් මගීහු පර්ත් බලා ගියහ.
ඒ වන විට යානය පැය 10ක් පමා වී තිබිණි.
කටුනායකට ගොඩ බෑ යානය දොහා බලා පිටත්ව ගිය අතර අලුත්වැඩියාවෙන් පසු යළි ගුවන් ගත කිරීමට පෙර විසි හතර පැයක් දොහා ගුවන් අංගනයේ නතර කැර තැබෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිහ් මත්තලට බෑවා නම් මරුනේ (නදී)
මිහින් ලංකා නම් ඉතින් තෙල් කාන්දුවට ඇබයක් ගහගෙන ඔහේ යාවි. (නදී)
අමන්දි මත්තල කුරුම්බා කඩේ කෙල්ලනේ. (ස)
මේ ලියන සමහරුන්ට අපේ මත්තල ගැන වටිනාකමක් නැහැ.ඒකයි ඔහොම අදහස් ලියන්නේ (නි)
ඇයි කටුනායකට ගොඩ බැස්සුවේ මත්තලට යවන්න එපාය. එහෙම නම් එකේ මගීන්ට පැය දහයක්ම අලි බලන්න තිබුණ නේ. (ස)
ලංකාවට තවත් ප්‍රසිද්ධියක් මෙම සිදුවීම (නි)
සිරිමල් සහ බණ්ඩාර , ඔබ දෙදෙනාගේ ප්‍රතිචාර හරි වැදගත්.අපේ සමහර අයගේ මානසික ව්‍යාකූලකම තමයි අපේ මේ රටට බලපා තිබෙන්නේ. (නි)
අමන්දි,හේවාවිතාරණ,ශෂී,මහේෂ්, සහ සිරිමල්- බණ්ඩාර යන අයගේ ප්‍රතිචාර අගය කරමි. මෙවැනි හදිසි අවාස්තාවකදී ගුවන් යානය පියාසර කරන කිට්ටුම ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීම තමයි කරන්නේ. මෙම අදහස් ලියන මමත් මෙය ලියන්නේ යුරෝපිය රටක සිට. දැනට ගුවන් ගමන් 84ක් ගමන් ගත් අපක්ෂපාති පුද්ගලයෙක්. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගැනීම අප කාටත් වැදගත්. (නදී)
අපේ අය හැමදෙයක් දිහාම බලන්නේ අසුභවාදී කෝණයකින් (නි)
හදිසි දෝෂ ඇතිවීම ස්වභාවික දෙයක් (නි)
ශශී, පුදුම වෙන්න එපා අපේ අයගේ ප්‍රතිචාරය ගැන. අපේ රට මෙච්චර පසුගාමී වෙලා තියෙන්නේ දේශපාලකයන්ගේම වැරැද්ද නිසාම නෙමේ. මේ විදිහට හිතන බහුතරය නිසා. මම දැකපු තවත් දෙයක් තමයි වෙන රටවල් වල ජීවත් වෙන මෙහෙන් ගිය බහුතරයක් දෙනා ගේ කොමෙන්ටුත් ඔය වගේ. හේතුව මම හිතන්නේ. එයාට ඕනි ලංකාව තිබුන තැනම ඉන්නවා දකින්න. එතකොට නේ එයාල ගත්ත තීරණය හරි එකක් වෙන්නේ.(නදී)
අනේ අමන්දි කියන්නකෝ මත්තල තියෙන වටිනාකම (නදී)
සිරිමල්, ඔබේ කතාව 100% හරි. අපේ අය වෙන දියුණු රටවලට ගිහින් ඒ රටවල් සමග සංසන්දනය කරනවා. එ්ක වැරදියි. අපි සංසන්දනය කරන්න ඕනේ අපේ මට්ටමේ තියෙන රටක් එක්ක. අනික ප්‍රයෝගික විකල්පයකින් තොරව විවේචනය කරන්න ඕනේ කෙනෙක්ට පුළුවන්. (නදී)
අපේ රට මේතරමට පසුගාමී වෙලා තියනවා කියලා පිළිගත්තාට ඒකට හේතුව නම් හරියට හොයාගෙන නැහැ වගෙයි. (නි)
සිරිමල්ගෙයි,බණ්ඩාරගෙයි, බළලා පැන්නා මල්ලෙන් එළියට.අපි මීට කලිනුත් මෙවැනි අය ගැන, එසැණෙහි කතා කරලා තියෙනවා. දෙන්නම අඩන්නේ නැතුව, පිටරටකට ගිහිල්ලා එන්නකෝ (නි)