IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කටාර් තැපැල් සමාගමෙන් ගිම්හාන ප්‍රවර්ධන දීමනාවක්

කටාර් තැපැල් සමාගම විසින් ගිම්හානය වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. ඒ අනුව දෝහා නුවර සිට ඈත පෙරදිග සහ අරාබි ලෝකය තුළ ඇති තෝරාගත් රටවල් වෙත ජාත්‍යන්තර පාර්සල් යැවීමේදී එක් පාර්සලයකට සියයට 40 ක් දක්වා වූ වට්ටමක් හිමිවෙයි.

Post
මැයි 23 වැනිදා සිට ඉදිරියට මාස තුනක කාලයක් ඇතුළත කටාර් තැපල් ගනුදෙනුකරුවන්ට ඉතා අවම ගාස්තු යටතේ තම පවුලේ සාමාජිකයන්ට සහ හිතමිතුරන්ට පාර්සල් යැවිය හැකිය. ඒ අනුව පාකිස්ථානය, නේපාලය, බංගලිදේශය සහ පිලිපීනය යන රටවලට සියයට 40 ක වට්ටමකුත්, සූඩානයට සියයට 35 ක වට්ටමක්, ඊජිප්තුව, ඉන්දියාව සහ ටියුනීසියාවට සියයට 30 ක වට්ටමක් සහ ශ්‍රී ලංකාවට සියයට 25 ක වට්ටමක් කටාර් තැපැල් සමාගම වෙතින් හිමිවෙයි.


“අපි මේ රටවල් තෝරාගත්තේ ඒ රටවලට පාර්සල් යවන්න අධික ඉල්ලුමක් තිබෙන නිසා. අපි අපේ ගනුදෙනුකරුවන්ගේ දත්ත ගබඩාවෙන් දත්ත එකතු කරලා ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව තමයි ගාස්තු ක්‍රමය සකස් කළේ” යැයි කටාර් තැපැල් සමාගමේ අළෙවිකරණ සහ වෙළෙඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාලීඞ් අල් එමාදි පවසයි.


“රාමදාන් මාසය තුළදී සහ ඊට පෙර රටින් රටට තෑගි සහ විවිධ භාණ්ඩ යැවීමේ සම්ප්‍රදාය ගැන අපි දන්නවා. ඉතිං අපේ ගාස්තු ටිකක් පහළ දමා මේ ත්‍යාගසීලි චාරිත්‍රයට දායක වෙන්න ඕනේ කියලා අපි සිතුවා” එමාදි වැඩිදුරටත් පවසයි


“කටාර් තැපැල් සමාගම සිය සේවාවන් සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දීපු පළමු අවස්ථාව තමයි මේ. ගනුදෙනුකරුවන් දන්නේ නැති වුණාට අපි ළඟ තවත් සේවාවන් රැසක්ම තියෙනවා. ඉතිං අපි මේ වගේ ප්‍රවර්ධන වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා” යනුවෙන් පවසන්නේ සමාගමේ ගිණුම් ප්‍රධානී ජමාල් අල් මොහම්මදි ය. 


කටාර් තැපැල් සමාගම සියලුම පාර්ෂල් ගුවන් තැපැල් සහ ශීඝ්‍රගාමී තැපැල් සේවාව හරහා යැවෙන අතර එම පාර්සල් ගනුදෙනුකරන දවස් තුනක් ඇතුළත අනෙක් පාර්ශ්වයට ලබාදෙනු ලැබේ.


මේ පිළිබඳව වැඩි විස්තර [email protected] විද්‍යුත් ලිපිනයෙන් දැනගත හැකිය.

 



අදහස් (0)

කටාර් තැපැල් සමාගමෙන් ගිම්හාන ප්‍රවර්ධන දීමනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 247 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 740 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site