රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා හෙරොයින් පාර්සලයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරු තිහාරියේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
අත්අඩංගුවට ගත් හෙරොයින්වල බර ග්‍රෑම් එක්දහස් පන්සිය දහයකි.
කරාබුනැටි, කුරුඳු, කරදමුංගු ආදිය ද රසකැවිළි වර්ගද සමග ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම හෙරොයින් සූක්ෂම ලෙස සගවා තිබූ බව රේගුව කියයි.
රුපියල් පනස් දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත හෙරොයින් ප්‍රවාහනය කළ බව සැකකරු රේගුවට කියා ඇත.
නියෝජ්‍ය රේගු අධිකාරී ඩී ඩී එස් සී මයිකල් මහතාට ඔහුගේ ගමන් විලාසය, හැසිරීම හා ගමන් මල්ලේ අසාමාන්‍ය බර පිළිබඳ ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී හෙරොයින් පාර්සලට හමු වී ඇත.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ කේ ඩී නිකලස්, නියේජ්‍ය රේගු අධ්‍යක්ෂ අතුල ලංකාදේව, රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම, නියෝජ්‍ය රේගු අධිකාරී ඩී ඩී සී මයිකල් සහ සහකාර රේගු අධිකාරී උදේශ් ජයවර්ධන මහත්වරු විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ප්‍රශ්නය මේ අල්ලන කුඩු වලට මොකද වෙන්නේ? මේවා ප්‍රසිද්ධියේ විනාශ කරන ක්‍රමයක් තිබුනොත් නේද හොඳ ?(නි)
මෙත හැංගිලා ඉන්න බලවතාගේ නම,ගම,තරාතිරම රටටම හෙළි කරන්න(නි)
ඉන්දියානු ජඩ වාදයේ තවත් කොටසක්,සිංහලයා වදකිරීමට ලෙහෙසි ක්‍රමයයි මේ.(නි)
අනිවාර්යෙන් දේශපාලුවෙක් පිටිපස්සෙ ඇති.(නි)
මුකුත් කරන්න එපා හලාල් කරලා ගෙනත් තියෙන්නේ තිහාරියට ගෙනියන්න..(අ)
පිටිපස්සෙන් ඉන්නේ මන්ත්‍රීලා, ඒ කියන්නේ ගම්පහ මන්ත්‍රිලා මේ කුඩු ජාවාරමට එකතු වෙලාද දීල තියෙන්නේ .(නදී)
කෝලිත තිහාරියේ ඉන්න කට්ටියට මේවා හරාම්.(නදී)
රේගු නිළධාරීන්ගේ ආරක්ෂාව සලසන්න (අ)
තිහාරියේ පදිංචිය කිව්වම ඉතුරු ටික හිතාගන්න කෝ... (ත)
මේ මත්තලද ? නැත්නම් කටුනායකද?(නි)
රේගුවෙන් මෙයාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට බාරදුන්නාම 50000 කොන්ත්‍රාත් එක දුන්නේ කවුද කියලා කියයි නේද? ඊට පස්සේ වුනේ මොකද කියලා අනේ අපටත් කියනවද? (නි)
අපේ රේගු නිලධාරීන්ගේ තවත් අති විශිෂ්ට ඇල්ලීමක්. ඔබ සියලු දෙනාටම ස්තුතියි. රුපියල් පනස් දාහක මුදලකට ඔහු කල වංචාව ලංකාව විනාශ කිරීමට මේ හෙරොයින් ප්‍රමාණවත්ය . කුඩු ගසා නිදා ගැනීම අලස බව, කුඩු ගැසිමට හොරකම් කිරීමයි මේවයේ ප්‍රතිපලය . මොහුට ඉහලම දඬුවම ලබා දෙන්න.(නදී)
මරණිය දඩුවම දෙන්න.(නි)
ඉස්ලාම් ආගම පිරිහිලා.... පේනවා නේද කට්ටිය කරන දේවල්???? (නි)
තිහාරිය කියපු ගමන් අපේ අයියලා මුස්ලිම් අයට බනිනවා. හරියට අපි නිකන් සුදනෝ වගේ. ගුවන් විදුලි ප්‍රවෘත්තියකට අනුව මෙයා දෙමල කෙනෙක්. අනික තිහාරියේ සිංහල එක්කෙනක්වත් නැද්ද ? කුඩු අදින්නේ බොස්ලා නෙමේ. ඒවා කුලියට කරන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. (නි)
ඔත්තුවක් නිසා තමයි ඇල්ලුවේ. නැත්නම් කොහොමද අල්ලන්නේ.(නදී)
මේවා ගෙන්වන සුපිරි බලවතුන් පුද සත්කාර ලබමින් වැජබෙනවා.අහෝ මේ කුඩු කුලියට විකුණන ,බොන අහිංසකයන් නීතියට හසුවෙනවා. ලෙඩුන් බවට පත් වෙනවා.ඕනෑකමක් තිබෙනවා නම් මුදුන් මුලටම පහර දෙන්න පුළුවන්. ඒත් එහෙම වෙන්නේ නැහැනේ. (නි)
තිහාරියේ පදිංචි නම් අපි දන්නවා මේ අය ගැන.(නදී)
කෝලිත,තිහාරිය කිව්වම මුස්ලිම් කෙනෙක් කියලා නිශ්චිත වශයෙන්ම කියන්න බැහැනේ. අපොන්සු, මෝඩයෝ වගේ කතානොකර මේවා තොග වශයෙන් රටට ගෙන්වන්නේ කවුද කියන ඇත්ත දැනගන්න (නි)
ශ්‍රී ලංකා රේගුව සිදු කරනු ලබන ඇති විශිෂ්ට සේවය අපි අගය කරනු ලබනවා. රේගු නිලධාරීන්ට අපගේ ස්තුතිය.(නදී)
රෙගු නිලධාරීන්ගේ දක්ෂකම අගය කරන්න ඕනේ , නමුත් සැකයට හීතු කරුණු ප්‍රචාරය කරන එක හොද දෙයක් නෙමේ මොකද ඊලග සැරේ අනික් අය වෙන විදිහකට ගේන්න උත්සාහ කරන්න පුළුවන්.(නදී)
මොන කතාද කෝලිත. රට කන්නේ තිහාරියේ ඉන්න මේ වගේ නේද? (නදී)