(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහබාගේ වැලිසර ප්‍රදේශයේදී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න මත්කුඩු තොගයක් සමග මහබාගේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
එම සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 898 පොලිස් භාරයට ගෙන ඇත.
ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් නිවසක් තුළ හෙරොයින් මත්කුඩු පාර්සල් කරමින් සිටි බවද පොලිසිය පවසයි.
සැකකරු හා සැකකාරියගේ වයස අවුරුදු 26 ක් වන අතර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔවුන් අද දින වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd