
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු පරිහරණය කළ සුඛෝභෝගී මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුට විරුද්ධව ලද පැමිණිලි හතරක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව හොරණ නගරය ආසන්නයේ නවාතැන්පොළකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ජපන් භාෂාව උගන්වන මුවාවෙන් ජපන් රටේ රැකියා මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා යොමු කරන බව පවසා ඔවුන්ගේ දෙමව්පියන් පවා රවටා රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළට විවිධ මුදල් ලබාගෙන මෙම වංචාව සඳහා උපක්‍රමශීලීව යොමු කරගෙන ඇති බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දෙහිඅත්ත කණ්ඩිය බුලත් සිංහල, මතුගම, තෙබුවන, බෙලිඅත්ත , මොරවක, තංගල්ල සහ වැල්ලවාය ආදී පොලිසි වලට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි විමර්ශන පවත්වන පොලිස් නිලධාරියෙකු පැවසීය.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට