IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටියක රන් සපත්තු අසුවේ

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි 24 ක් සපත්තු අස්සේ සගවාගෙන මුමිබායි බලා යාමට පැමිණි  ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රේගු නිවාරණ මෙහෙයුම් ඒකකයේ නිලදාරීන් විසින්  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ  අධ්‍යක්ෂක  ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත් අඩංගුවට ගත් රන් කැබැලි වල බර කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් හාරසීයක් වු බව රේගුව  කියයි.

සැකකරුවෝ රාගම සහ කඳාන පෙදෙස් වල පදිංචිකරුවෝ වෙති. 

කාන්තාවෝ වයස 62  සහ 34 වියේ පසුවන අතර පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 37 කි.

මොවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට  අයත් යු.එල් 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු අධිකාරීවරුන් වන සුදත් සිල්වා, නියෝජ්‍ය රේගු අධිකාරී ශාන්ත ප්‍රිය, සහකාර රේගු අධිකාරීවරුන් වන උපුල් ගෝනවල, හර්ෂ කුලසේකර, කුෂාන් ගුණවර්ධන, නිරෝෂ් කවිරත්න යන නිලධාරීහු සිදු කරති.

 

 

 



අදහස් (0)

කෝටියක රන් සපත්තු අසුවේ

මහේෂ් Tuesday, 20 May 2014 02:21 PM

මෙයට වගකිව යුත්තන්ගේ නම් මාධය මගින් හෙළිකරන්නේ නැත්තේ ඇයි? ඉතාම භයානක මෙම හොරබඩු ජාවාරම පාලනය කළ හැක්කේ ඔවුන් ගැන හෙළිකිරීමෙන් පමණි. (ස)

:       0       0

සරත් බංඩාර Tuesday, 20 May 2014 02:34 PM

අනේ, මගේ බිස්කට් ටික. අපරාදේ රේගුවේ මහත්වරු හරි අාසාවෙන් බලන්නේ. ඕවා විකුණලා තෙල් ගහන්නේ රටේ ඇමතිලගේ සිලින්ඩර් 6 කාර් වලටද ? (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 20 May 2014 08:57 AM

මේ අල්ලන තරමට කොයි තරම් රත්තරන් ප්‍රමාණයක් එකතු වෙලා තියෙන්න ඕනද? මොකද මේවට වෙන්නේ? (ස)

:       0       0

ගිහාන් Tuesday, 20 May 2014 04:02 PM

ලුම්බිණිට ඒක දැනගන්නම ඕනලු. අනේ කවුරුහරි කියල දෙන්නකෝ. (දිල්)

:       0       0

සදුන් Tuesday, 20 May 2014 09:54 AM

ඇයි ලුම්බිණි දන්නෙ නැද්ද මේවට වෙන දේ? (නි)

:       0       0

සම්පත් Wednesday, 21 May 2014 03:42 AM

රේගුවේ අයටත් හොඳ පල්ලම (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site