රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි 24 ක් සපත්තු අස්සේ සගවාගෙන මුමිබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිවාරණ මෙහෙයුම් ඒකකයේ නිලදාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගත් රන් කැබැලි වල බර කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් හාරසීයක් වු බව රේගුව කියයි.
සැකකරුවෝ රාගම සහ කඳාන පෙදෙස් වල පදිංචිකරුවෝ වෙති.
කාන්තාවෝ වයස 62 සහ 34 වියේ පසුවන අතර පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 37 කි.
මොවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු අධිකාරීවරුන් වන සුදත් සිල්වා, නියෝජ්‍ය රේගු අධිකාරී ශාන්ත ප්‍රිය, සහකාර රේගු අධිකාරීවරුන් වන උපුල් ගෝනවල, හර්ෂ කුලසේකර, කුෂාන් ගුණවර්ධන, නිරෝෂ් කවිරත්න යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට වගකිව යුත්තන්ගේ නම් මාධය මගින් හෙළිකරන්නේ නැත්තේ ඇයි? ඉතාම භයානක මෙම හොරබඩු ජාවාරම පාලනය කළ හැක්කේ ඔවුන් ගැන හෙළිකිරීමෙන් පමණි. (ස)
අනේ, මගේ බිස්කට් ටික. අපරාදේ රේගුවේ මහත්වරු හරි අාසාවෙන් බලන්නේ. ඕවා විකුණලා තෙල් ගහන්නේ රටේ ඇමතිලගේ සිලින්ඩර් 6 කාර් වලටද ? (නදී)
මේ අල්ලන තරමට කොයි තරම් රත්තරන් ප්‍රමාණයක් එකතු වෙලා තියෙන්න ඕනද? මොකද මේවට වෙන්නේ? (ස)
ලුම්බිණිට ඒක දැනගන්නම ඕනලු. අනේ කවුරුහරි කියල දෙන්නකෝ. (දිල්)
ඇයි ලුම්බිණි දන්නෙ නැද්ද මේවට වෙන දේ? (නි)
රේගුවේ අයටත් හොඳ පල්ලම (ස)