IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෝටියක රන් රාජසන්තකයි

රුපියල් කෝටියක්  වටිනා රන් කිලෝ දෙකක් බ‍්ඳ පටියෙහි සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ දහයක දඩ නියම කළ රේගුව එම රත්තරන් රාජසන්ක කළේය.

මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී  චන්ද්‍රරත්න මහතා විසින් සිදු කළේය.

මෙලෙස දඩ නියම වුයේ කොළඹ 12 පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකුටය.

සැකකරු  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 226 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායකට පැමිණ ගුවන් තොටුපොළෙන් පිටවීමට යද්දී පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රේගුවට බාර දී අැත.

සැකකරු රෙදි වලින් තැනු බඳ පටියක තැනින් තැන හොර සාක්කු සකසා ග්‍රෑම් 100 බැගින් බර වු රන් බිස්කට් 1 බැගින් සාක්කු 20 ක රන් බිස්කට් 20 ක් සගවාගෙන තිබු බව රේගුව කියයි.

එහි මුළු බර කිලෝග්‍රෑම් දෙකකි.

 

 

 



අදහස් (0)

කෝටියක රන් රාජසන්තකයි

ටිකිරි බණ්ඩාර Saturday, 01 November 2014 02:23 AM

දැනට රාජසන්තක කළ රත්තරන් ප්‍රමාණය කොපමණද? ඒවායේ වටිනාකම කීයද? (නි)

:       0       0

ගයාන් Saturday, 01 November 2014 02:25 AM

ඔන්න ඉතින් ටිකිරි බණ්ඩත් ඉල්ලන් කන්නයි හදන්නේ.හරියට ටියුනීසියාවේ අයගේ ඒවා හොයන්න ගිහින් අමාරුවේ වැටෙනවා වගේ. (නි)

:       0       0

ඉන්දික සදරුවන් Saturday, 01 November 2014 12:29 PM

මේ වෙන විට රාජසන්තක කරපු සියලුම රත්රන් වලට මොකද වෙන්නේ.? (හේ)

:       0       0

ධම්ම Friday, 31 October 2014 05:29 PM

මේ රත්තරන් සහන මිලට දෙන්න බැරිද? (නි)

:       0       0

චන්දන‍ Saturday, 01 November 2014 06:53 PM

චානක, ඉන්දික,මමත් අහන්නට හිටියේ ඔය ප්‍රශ්නයමයි. මෙම රත්රන් වලට මොකද වෙන්නේ? කවුරුහරි දන්නා මහත්මයෙක් සිටී නම් පිළිතුරක් දෙන්න. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 01 November 2014 07:29 AM

දැන දැනනේ මේ මිනිස්සු අමාරුවේ වැටෙන්නේ.මම හිතන්නේ පහුගිය දවස්වල සිද්දවෙච්ච දේවල් ගැන කිසි අවබෝධයක් තියෙන්න නැතුව ඇති මේ මනුස්සයට.(හේ)

:       0       0

චානක Saturday, 01 November 2014 07:38 AM

මේ රත්තරන් ටිකට මොකද වෙන්නේ.(හේ)

:       0       0

චන්ද්‍රා Friday, 31 October 2014 07:59 PM

අවංක රේගු නිලධාරීන්ට ස්තුතියි! ඔවුන් තව දිරිමත් කළයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 47 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site