රුපියල් කෝටියක් වටිනා රන් කිලෝ දෙකක් බ‍්ඳ පටියෙහි සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ දහයක දඩ නියම කළ රේගුව එම රත්තරන් රාජසන්ක කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී චන්ද්‍රරත්න මහතා විසින් සිදු කළේය.
මෙලෙස දඩ නියම වුයේ කොළඹ 12 පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකුටය.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 226 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායකට පැමිණ ගුවන් තොටුපොළෙන් පිටවීමට යද්දී පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රේගුවට බාර දී අැත.
සැකකරු රෙදි වලින් තැනු බඳ පටියක තැනින් තැන හොර සාක්කු සකසා ග්‍රෑම් 100 බැගින් බර වු රන් බිස්කට් 1 බැගින් සාක්කු 20 ක රන් බිස්කට් 20 ක් සගවාගෙන තිබු බව රේගුව කියයි.
එහි මුළු බර කිලෝග්‍රෑම් දෙකකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට රාජසන්තක කළ රත්තරන් ප්‍රමාණය කොපමණද? ඒවායේ වටිනාකම කීයද? (නි)
ඔන්න ඉතින් ටිකිරි බණ්ඩත් ඉල්ලන් කන්නයි හදන්නේ.හරියට ටියුනීසියාවේ අයගේ ඒවා හොයන්න ගිහින් අමාරුවේ වැටෙනවා වගේ. (නි)
මේ වෙන විට රාජසන්තක කරපු සියලුම රත්රන් වලට මොකද වෙන්නේ.? (හේ)
මේ රත්තරන් සහන මිලට දෙන්න බැරිද? (නි)
චානක, ඉන්දික,මමත් අහන්නට හිටියේ ඔය ප්‍රශ්නයමයි. මෙම රත්රන් වලට මොකද වෙන්නේ? කවුරුහරි දන්නා මහත්මයෙක් සිටී නම් පිළිතුරක් දෙන්න. (නි)
දැන දැනනේ මේ මිනිස්සු අමාරුවේ වැටෙන්නේ.මම හිතන්නේ පහුගිය දවස්වල සිද්දවෙච්ච දේවල් ගැන කිසි අවබෝධයක් තියෙන්න නැතුව ඇති මේ මනුස්සයට.(හේ)
මේ රත්තරන් ටිකට මොකද වෙන්නේ.(හේ)
අවංක රේගු නිලධාරීන්ට ස්තුතියි! ඔවුන් තව දිරිමත් කළයුතුයි. (නි)