පාසල් සිසුනට අලෙවි කිරීම සඳහා රැගෙන ආ බව කියන මත්ද්‍රව්‍ය ඇතුළත් බාබුල් තොගයක් අත්අඩංගුවට ගත් බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාංශය කියයි.
ගුවන්තොටුපොළ රේගුව හා සෞඛ්‍ය නිරෝධායන ඒකකය මගින් අත්අඩංගුවට ගත් මෙම බාබුල් තොගය මාලදිවයින, ඉන්දියාව, පාකිස්ථානය, සහ කුවේට් සිට ආනයනය කර ඇතැයි කියති. අත්අඩංගුවට ගත් බාබුල් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට පමණ ආසන්න වන අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් බාබුල් තොග පරීක්ෂාවට ලක් කළේය.
එම පරික්ෂාවෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ලංකාවට තහනම් මත්ද්‍රව්‍ය ඇතුළත් බාබුල් ගෙන්වන බවයි. පසුගිය මාස 04 - 05 ක කාලය තුළ ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද තහනම් ආහාර වර්ග මෙන්ම කුඩා දරුවන් මත් වෙන විවිධ දේවල් අත්අඩංගුවට ගැනීමට වැටලිම් සිදුකර තිබෙන බවයි.
2025 දෙසැම්බර් මස 18
655
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියක බාබුල් කටුනායකින්
නිමල් ලලිත Thursday, 17 March 2016 06:53 AM
ගෙන්වූ සහ එයට සහය වූ අයට ඉහළම දඬුවම් පැමිණවිය යුතුය. (නි)
ලක්ෂ්මන් Thursday, 17 March 2016 08:24 AM
සිංහල ජාතිය වඳකරන්න මොනවාද නොකරන්නේ අයියෝ (බ)