කොටි සංවිධානයට තමන් අදත් විරුද්ධ නැති බවත්, තමන් විරුද්ධ වූයේ අවි අතට ගෙන ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට බවත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී වවුනියාවේදී පැවසීය.
‘‘එල්.ටී.ටී.ඊ.ය දෙමළ වැසියන්ගේ ප්‍රශ්න විසදීමට නායකත්වය ගෙන කටයුතු කළත් ඔවුන් අනුගමනය කළේ තුවක්කු සංස්කෘතියක් . ඒ නිසා තමයි කොටි සංවිධානයට විරුද්ධ වුණේ. මේ බව දන්වමින් කොටි නායකයාට ලිපි 15 ක් පමණ යැවූවා. එහි අන්තිම ප්‍රතිඵලය වුණේ දෙමළ ජාතික සන්ධානය මා අත්හැරීමයි.‘
‘දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කොටි සංවිධානය සමග රහසිගතව සාකච්ඡා කොට මා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කළා මිස මම ඉන් ඉල්ලා අස් වුණේ නෑ. එදා සිට මම තනිවම මැතිවරණ වලට තරග කරමින් උත්සහ කරන්නේ ජාති ආගම් භේදවලින් තොර දේශපාලන පරිසරයක් උතුරු නැගෙනහිර පළාත්වලත් රටේත් බිහි කිරීමටයි.
2004 දී කොටි සංවිධානය යම් යම් පාර්ශ්ව වලින් මුදල් ගෙන උතුරු නැගෙනහිර වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින මෙන් කිව්වා. ඒ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ජනතාවට ඒ බව දැණුම් දෙමින් කටයුතු කළේ ඔවුන් ද මුදල් ලබා ගනිමින්.
කොටි සමග මෙසේ ගනුදෙනු කරමින් ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලබාගත් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන්ට උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාවක් ලබා නොදීම දැඩි අසාධාරණයක්. කළගුණ සැලකීම අමතක කිරීමක්.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වලත් කට්ටියක් හොර මගුල් කනවා කොටිය එක්ක (නදී)
ඔය කාගේ කාගේත් අවසාන ඉලක්කය ඊලම තමයි. එ්ත් එ්ක අපේ සමහරක්ට තේරෙන්නේ නෑ. තේරුනත් තමන්ට ගොඩ යන්න පුළුවන් මොකෙන්ද ඒක ඇති රටට හෙන ගැහුවත් කමක් නෑ. (නදී)