කොටි සංවිධානය අතින් මැරුම් කෑ ජනමාධ්‍යවේදීන් සිහි කිරීමට ඇතැම් දෙමළ ජනමාධ්‍ය සංවිධාන ඉදිරිපත් වෙතියි යාපනයේ පුවත්පත් සමාජයේ කැඳවුම්කරු රත්නම් දයාපරන් කියයි.
ගැටුම් සමයේ මිය ගිය ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ඇතුළු 40 දෙනකු ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුහු මෛත්‍රිපාල සිරිසේන ජනපතිට සංදේශයක්ද ඉදිරිපත් කළහ.
උතුරේ මිය ගිය මාධ්‍යවේදීන් සැමරීමේ උත්සව දෙකක් මෑතදී යාපනයේ පැවැති නමුත් කොටි සංවිධානය විසින් මරාදැමුණු මාධ්‍යවේදීන් එහිදී සිහිපත් නොකැරිණි.
තිනමුරසු පුවත්පතේ හිටපු කර්තෘ බාලා නඩරාජා (සීනබාලා) වැල්ලවත්තේ දී කොටි පිස්තෝලකරුවකු විසින් මරා දැමිණි. යාපනයේ ලේක්හවුස් වාර්තාකරු එස්.සෙල්වරාජා ඉන්දියා සාම සාධක හමුදාව උතුරට ආ සමයේ කොටි සංවිධානයෙන් මැරුම් කෑ තවත් මාධ්‍යවේදියෙකි. පරීක්ෂණයක් සඳහා කොටි සංවිධානයෙන් රැගෙන බව කියන අයි.ෂම්මුගලිංගම් නම් උතුරේ මාධ්‍යවේදියා ගැන අදටත් කිසිම තොරතුරක් නැත. මයිල් අමිර්තලිංගම් ඊසමුරුසු පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂ කොටි සංවිධානයෙන් මරා දැමිණි. ඔහු කොටි සංවිධානයේ ‘කිට්ටු‘ විසින් මරා දමන ලදැයි කියති.
මඩකලපුව මාධ්‍යවේදී සංවිධානයේ හිටපු සභාපති චේලියන් චෙරින්පනායගම් ද කොටි සංවිධානයෙන් මරා දැමුණු මාධ්‍යවේදියකු බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාරණය පැහැදිලියි නේද...(බ)
කොටි මරපු මාධ්‍යවේදියෝ ගැන විතරක් නෙවෙයි, දැන් කොටි මරපු සාමාන්‍ය ජනය ගැනවත් කිසි කතාවක් නැහැනේ. හැබැයි යුද්දෙන් මළ කොටි ගැන නම් හරි අනුකම්පයි! දැන් රජයට ඒ අය මතක් වෙද්දීත් ඇඩෙනවා. (බ)