මොරටුව ,කටුබැද්ද විශ්ව විද්‍යාලයයේ තාක්ෂණික ආයතනයේ පවත්වාගෙන යනු ලබන ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවේ අති දක්ෂතම සිසුවාට පිරිනැමෙන වාර්ෂික ශිෂ්‍යත්ව පිරි නැමිම පසුගියදා තාක්ෂණික ආයතනයේදි පැවැත්විණී .
මොරටුව කටුබැද්ද ප්‍රායෝගීක ආයතනයේ කණිෂ්ඨ කාර්මික නිලධාරීන්ගේ සංගමය විසින් මෙම ශිෂ්‍යත්වය පිරිනමයි.
එහිදී දක්ෂම සිසුවාට ස්ථාවර තැන්පතුවක් ඇරැඹිමට රුපියල් 175,000 මුදලක් තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂිකා ප්‍රියංගනී සමරසේකර මහත්මියට පිරිනැමීය.
ඊට අමතරව මේ වසරේ සිටම එම ශිෂ්‍යත්වය ආරම්භ කිරීමට අවශ්‍යවන අයුරින් අමතර රුපියල් 10,000 ක මුදල් චෙක්පතක් ද ලබා දීම සිදු කෙරිණී.
ඉංජිනේරු කේ එස් කේ පෙරේරා (සභාපති),එම් ඒ පී හේමචන්ද්‍ර,(ලේකම්)සරත් ජයවීර,(භාණ්ඩාගාරික)එස් එම් සත්‍යගාම(උප සභාපති), චිත්‍රා බෝතේජු හා ආචාර්ය ටී ඒ ජී ගුණසේකර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටුවේ ඇත්තේ කටුබැද්ද විශ්ව විද්‍යාලය නොවේ. මොරටුව විශ්වවිද්‍යාලය ඇත්තේ කටුබැද්දේ. දිල්‍රුක්ශි ග්‍රේරු මහත්මිය මේ බව දන්නේ නැත්නම් මොහාන්ලාල් ග්‍රේරු මහත්මයාගෙන් අසා දැනගන්න.(නදී)
සිසුවාගේ ඡායාරූපයක් දැම්මා නම් වටිනවා (නි)
කවුද දක්‍ෂම සිසුවා.....? (ස)
ඡායා රූපයේ ඉන්නේ දක්ෂතම සිසුවාද?? (ස)
සමහර අදහස් දමන අය වැස්සකටවත් පාසල් ගිහින් නැති අය වගෙයි මට පෙනෙන්නෙ.මේ තරම් හොදට පැහැදිව ලියලා තියෙද්දීත් මෝඩ කතා ලියනවා. (නි)
අනේ මන්දා?? කෝ මේ දක්ෂම සිසුවා?? (ස)
දක්ෂම සිසුවාගේ පොටෝ එක ගන්න ෆිලිම් රෝල් එක මදි වෙලාද. එයාගේ පොටෝ එක යතා කාලේදී දානවද? (නදී)
තවම සිසුවා තොරලා නැහැ. මෙතන වෙන්නේ ඊට සුදානමක් නේද? (නදී)
මෙතන තිබෙන්නේ ශිෂ්‍යත්වයක් පිහිටුවීමක් වගේ දෙයක්ද? (නි)
මෙතන වෙන්නේ ඒ ශිෂ්‍යත්වේ දෙන්න සැලසුම් කරන එකක්. (ස)
මෙවැනි වැඩ වලින් ඉගෙනගන්නා දරුවන් ගොඩක් උනන්දු වෙනවා (නි)
දක්ෂතම සිසුවා කව්ද, මේ ඡායාරුපයේ ඉන්නේ ඒ දක්ෂතම සිසුවාද?(නදී)