රජයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සශෝධන ක‍්‍රියාවලියට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන පාද යාත‍්‍රාවට සහාය දීම සම්බන්‍ධයෙන් ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය උණුසම් මත දෙකක සිටිය ද, අවසානයේ පාද යාත‍්‍රාවට සම්බන්‍ධ නොවීමට තීරණය කළ බව එම පක්‍ෂයේ දේශපාලන ආරංචි මාර්ග කියයි. පක්‍ෂයේ ස්ථාවරය සම්බන්‍ධයෙන් ඉදිරි දින දෙක ඇතුළත පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
පසුගිය සිකුරාදා (22) බොරැල්ල කොටා පාරේ පක්‍ෂ මුලස්ථානයේ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මේ අදහසු උදහස් ඉදිරිපත් විය. විපක්‍ෂයේ “ව්‍යවස්ථා මර උගුල“ ලෙස නම්කර ඇති පාද යාත‍්‍රාව සම්බන්‍ධයෙන් වු කරුණ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කළ පක්‍ෂයේ මහ ලේකම් ඩීව් ගුණසේකර මහතා මධ්‍යස්ථව කරුණු ඉදිරිපත් කළ බව ද එම දේශපාලන තොරතුරු පෙන්වා දෙයි. පාද යාත්‍රාවට එකතුවීමේ වාසි මෙන්ම අවාසි ද, ඔහු පෙන්වා දී තිබේ.
එහෙත් කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලූරේ, නියෝජය ප‍්‍රධාන ලේකම් එස්. සුදසිංහ සහ දේශපාලන මණ්ඩල සභික එල්.ආර්. ෂෙල්ටන් මහත්වරුන්ගේ අදහස වී තිබුණේ මෙම පාද යාත‍්‍රාවට සම්බන්‍ධ විය යුතුය යන ස්ථාවරය බව එම දේශපාලන ආරංචි සනාථ කරයි.
එහෙත් දේශපාලන මණ්ඩල සාමාජික චන්‍ද්‍රසිරි ගජධීර මහතා තදින් පවසා ඇත්තේ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයැයි ස්ථාවරයේ සිටින කොමියුනිස්ට් පක්‍ෂය, තවමත් නොදුටු ව්‍යවස්ථා කෙටුම්පතක් සම්බන්‍ධයෙන් මෙසේ විරුද්ධවීම කොමියුනිස්ට් පක්‍ෂය හැටියට නොකළ යුතු බවයි. විමල් වීරවිංශ, උදය ගම්මන්පිල වැනි ජාතිවාදී අදහස් ඇති පිරිස්වලට උඩගෙඩි දීමට කොමියුනිස්ට් පක්‍ෂය අලගු නොතැබිය යතු යැයි ගජධීර මහතාගේ ස්ථාවරය වු බව ද එම ආරංචි කියයි.
සශෝධිත ව්‍යවස්ථාව නොදැක ඊට “ව්‍යවස්ථා මර උගුල“ යැයි කියන්නේ කෙසේ දැයි ඔහු තර්ක කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතිවාදී මතය ඉස්මතු කරන්නට කොමියුනිස්ට් පක්‍ෂය අනුබල නොදිය යුතු යැයි ගජධීර මහතා ගෙනා අදහස වෛද්‍ය වීරසිංහ, වැ.අ.ජයන්ත, අ.ගා. ජයසේන යන දේශපාලන මණ්ඩල සභිකයන් ද අනුමත කර තිබෙන බව ද එම ආරංචි කියයි.
පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාව සම්මත කරගැනීමට සහාය දී පසුව එය ජනමත විචාරයෙන් පරාද කිරීමට කටයුතු කළ යුතුයැයි ඒකාබද්ධ විපක්‍ෂයේ ගාමිණී ලොකුගේ මහතා පවසා ඇති අදහසක් ගැන ගජධීර මහතා දැඩි විවේචනයක් එල්ල කළ බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
සාමාජිකයන් දහ අටදෙනෙකුගෙන් කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය මුලින් සමන්විත විය. මේ වනවිට ඉන් හතර දෙනෙකු නෙරපා දමා ඇති නිසා දැන් එහි සාමාජික සංඛ්‍යාව දාහතරකි.
කෙසේ වෙතත් අවසානයේ දී ඒකාබද්ධ විපක්‍ෂයේ “ව්‍යවස්ථා මර උගුල පරාජය කරමු“ තේමාව කරගත් පාද යාත‍්‍රාවට සහාය නොදීමට කොම්යුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව ද එම පක්‍ෂයේ දේශපාලන ආරංචි පෙන්වා දෙයි.
COMMENTS
සතුටුයි මේ ගැන.(හේ)
ඒක කොහොමත් හොඳ තීරණයක්.(හේ)
පාද යාත්‍රාවට 14 දෙනෙක් අඩු වේවි (හේ)
කොහොමටත් ඩිව් ගුණසේකර අනිත් පැත්තේ බව හැමෝම දන්නවා (බ)
කොමියුනිස්ට් පක්ෂයේ සම්පූර්ණ ඡන්ද ප්‍රමාණයම මෙම පාද යාත්‍රාවට සම්බන්ද වුනත් එතැන සහභාගිත්වය නොගිනිය හැකි තරම් ප්‍රමාණයක් වන බව දන්නෝ දනිති .(හේ)
1977 ව්‍යවස්ථාව හොඳටම හොඳයි. එ්ක වෙනස් කරන්න හදන්නේ ජාති ද්‍රෝහියෝ. (බ)
මගේ අම්මෝ! ලංකාවම කෝපවෙලා වගේ. අනේ හැබෑට මෙහෙමත් කෝලම්! (නි)
කවුරුත් පාරට බහින්නේ නෑ මහින්ද එක්ක. මේ ආණ්ඩුවට අවුරුදු 5ක ජනවරමක් තියෙනවා (බ)
ලංකාවේ වාමාංශික දේශපාලනය අද වඳ වී ඇත. එම නිසා මෙවැනි දේශපාලන පක්ෂ වල සහභාගි වීම හෝ නොවීම ජනතාවට අදාල කරැණක් නොවේ. (බ)
විකල්ප හඩ ජනතා එකතුව මුල සිටම වමේ පක්ෂ ජාතිවාදීන් එක්ක එකතු වෙන එක වැරදි බව කීවා කොමියුනිස්ට් පක්ෂයට ජයවේවා (බ)
කොමියුනිස්ට් පක්ෂයට මේරටේ තැනක තිබෙනවද තිබෙන්නේ පැරණි නමක් පමණයි. ගුටි කනවා එ්ත් තම ජාතිය ගැන කතා කොරන්න සිංහලයෝ බයයි. මමත් මොකට සිංහලයක් වෙලා ඉපදුනද කියල හිතෙනවා. (බ)
ආණ්ඩුවට අවුරුදු 5ක ජනවරමක් තියෙනවාලු ජනවරම ඉවරවෙනකොට සිංහලයත් ඉවරයි රටත් ඉවරයි. (බ)
නොඉපදුණු දරුවෙකුට හඳහන් හදන්න ලෑස්ති වෙච්ච කට්ටියට හොඳ පිළිතුරක් වුනාට සිංහලයෝ කේන්දර බලන්නේ නොවුන සිද්ධීන් වෙයි කියල හිතෙන දේවල් දැනගන්න. සිංහලයට වෙන්න ඕනේ දේවල් වුනාට පසුව පාද යාත්‍රා ගොස් වැඩක් තිබෙනවද? දැනට කෙරෙන දේවල් වලින් සිංහල අපිට වෙන්නයන්නේ මොකක්ද කියල හිතා ගන්න බැරිද? (බ)
කොමිනිස්ට් පක්ෂ පමණක් නොව සමසමාජය බලාහිටියා ඇති වම විනාශ කරන ජතිවදින්ගෙන් ඉවත් වන්න කාලය ඇවිත් ප්‍රමාදය නිසා වෙන්නේ රටට විපතක් ජාතිවාදීන් හිස ඔසවනවා (අ)
අනාගතයේ තවත් මැරකම් ජඩකම් අපරාද බලාපොරොත්තු වෙනවා නම් මාරා සහ කල්ලිය සමග පාරට බහින්න. කලිනුත් රට හැදුවේ කොටසකට හයි වේ ,ඇවිදින මං තීරු වතුරමල් පිට රටින් වාහන ගෙන්වා රෙස්පදීම් රාත්‍රී සමාජශාලා හදා තරුණ පරපුර විනාශකිරීම වැනි අපමනදේ .ඔවුන් ඒවා බුක්ති විඳිද්දී අසරණ ජනයා ඒ දෙස බලා හීල්ලීම ද .මේවා නැවත සැමට එකසේ විය යුතුයි .ජනහිතවාදී පක්ෂයක් වන කොමියුනිස්ට් පක්ෂය ගත තීරණය නිවරදියි කියා සිතමි . (අ)
අනේ මෙයාල ආවත් එකයි නැතත් එකයි. මහින්ද කිවොත් පාරට නෙමෙඉ අපායට යන්න උනත් මේ රටේ මිනිස්සු ඉන්නවා(රේ).
නිවැරදි තීරණයක් ! කොමියුනිස්ට් පක්ෂයට ජයවේවා (බ)
කාලෙකට පස්සේ කොමියුනිස්ට් කට්ටියගේ බුද්ධිමත් තීරණයක් (බ)
ඔය දේ වෙයි කියලා හිතුනා.(හේ)
තව ටිකක් හිතලා බලන්න කාගේත් යහපතට . (හේ)
අනිවාර්යෙන් අපි පාරට බහිනවා (හේ)
මහින්ද සමග අපි ජය වේවා (හේ)
ඥානාන්විත තීරණයක් . නොඉපදුණු දරුවෙකුට හඳහන් හදන්න ලෑස්ති වෙච්ච කට්ටියට හොඳ පිළිතුරක් (බ)
චන්‍ද්‍රසිරි ගජධීර මහතා හරි දේවලුත් කරනවා එහෙනම්. (හේ)