සිගිරි කැටපත්පවුරේ කුරුටු ගී මත තම නම ලිවීමට උත්සහා කළ බව කියන පාසල් සිසුවියක් අත්අඩංගුවට ගත් පුරාවිද්‍යා නිලධරයෝ ඇය පොලිසියට භාර දුන්හ.
මඩකලපුව පාසලක උසස්පෙළ හදාරණ සිසුහු අධ්‍යාපන චාරිකාවක් පැමිණ ඇත . සිසුවියක හැට්ට කට්ටකින් කැටපත් පවුරේ අකුරක් ඇද ඇත .
අත්අඩංගුවට පත් පාසල් සිසුවිය අද (7) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඇය අත්අඩංගුවට පත්වීම නිසා පැමිණි සෙසු පාසල් සිසුන් කණ්ඩායම 6 දින රාත්‍රී සිගිරියේම නවාතැන් ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ ළමයින් ගේ ගුරුවරුවත් දැනුවත් ද මේ ස්ථානයේ වටිනාකම පිළිබඳව. අධ්‍යාපන චාරිකාවක් ළමයින් විතරක් යන්නේ නැහැනේ. (දිල්)
ඇයි ඇයට මේ වගේ දෙයක් හිතුනේ.(හේ)
මේ පිළිබදව සොයා බලන්න.(හේ)
කැටපත් පවුර අල්ලන්න එපා කියල භාෂා තුනෙන්ම ගහල තියනවා .(හේ)
චාරිකාවේදී ගුරුවරුන් ළමයින් ගැන නිසි අවධානය යොමු කර නැති බවයි පේන්නේ. මට මතකයි අපේ ගුරුවරු මෙහෙම චාරිකාවක් යන්න කලින් එම ස්ථානය පිලිබඳ විස්තරයක් පන්තියේදී කරලා ,චාරිකාව අතර තුර ළමයින්ගේ හැසිරීම ගැන විශේෂ උපදෙස් දෙනවා. මට තාම මතකයි අපේ සමාජ අද්‍යයන ගුරුතුමිය සීගිරියට යන ගමන් කිව්වෙම කැටපත් පවුරට,බිතු සිතුවම් වලට හානි කිරීම බරපතල වරදක් කියලා. එහෙම දැනුවත් වීමක් මෙතන වුනාද මන්දා !(හේ)
මීට පෙරත් මෙවැනි සිද්ධි වෙලා තියෙනවා ,මේක නම් හරිම විනාසයක් ,මෙහි සි.සි.ටි.වී කැමරා සවි කල යුතුයි.එහෙම තිබුනොත් ආරක්ෂාවට හොදයි.(හේ)
ඇයි මේ කෙල්ලටම කුරුටු ගාන්න හිතුනේ.(හේ)
ඒ පැත්තේ ළමයි ඔය වගේමයි.ගලක්,ගහක් පේන්න බෑ.(හේ)
මේක වැරදියි.දඩුවම් දිය යුතුයි.(හේ)
ෆොටෝ එකක් වත් ගන්න බැරි තරමට ලස්සන ස්ථාන මේ අයගේ නම් වලින් විනාශ කරලා තියෙන්නේ. (හේ)
උසස් පෙළ දැරියක් මේ සම්බන්දයෙන් කිසිවක් නොදැන ඉන්න බෑ.(හේ)
පාසල් යන ළමය වුණත් වැරැද්දට අත්අඩංගුවටගැනීම ඉතාමත් හොදයි.මීට අවුරුදු 12කට විතර කලින් සිගිරියේදී මම කුරුටු ගාන කෙනෙකුට අවවාදයක් දීල මගේ ඇගට ගොඩවුනා.හරියට මම වැරැද්ද කලාවගේ. මේගැන මටගොඩක් සතුටුයි.ආරක්ෂා කලොත් අනාගතයටත් රැකේවි (දිල්)
මටත් මතකයි මීට කලිනුත් මෙහෙම සිද්දියක් වුණා (දිල්)
ලංකික ඉතිහාසය සිංහල සංස්කෘතිය ගැන නොදන්නා කෙනෙක් විය යුතුයි.(හේ)
මේ දේවල් රැක ගත යුතුයි.(හේ)
මේ දේවල් ගැන වැඩියෙන් සැලකිල්ල දක්වා ආරක්ෂා කරගත්තේ නැති නම් අපිට පෞරාණික උරුමයන් කියලා ඉතිරි වෙන්නේ ගෙවල් වල ඉන්න නැන්දම්මලා විතරයි. (හේ)
මේක හිතාමතාම කළ වැඩක්ද දන්නෙ නැහැ (නි)
මේ සිංහල පාසලක ළමයි නොවයි .මීට පෙරත් උතුරේ පාසලක ළමයෙක් මේ දේම කලා.(හේ)
ඉගෙනගන්න ළමයි කරන වැඩක්ද ඇත්තටම මේක? (නි)
මෙය එක්තරා ආකාරයක මානසික ආබාධයකි. (නි)
මෙහෙම අයට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ මතක හිටින්නම (නි)
මේ දෙමෙල්ලු කීප සැරයක්ම සිගිරිය වනසන්න කටයුතු කරලා තියෙනවා (බ)
උපරිම දඩුවම් දෙන්න ඕන . අනිත් අයටත් පාඩමක් වෙන්න .(බ)
නිහාල් හරි දෙමල දරුවන්ට උතුරු නැගෙනහිර පාසල් වල උගන්වන්නේ සිංහල ජාතිය පටන් ගත්තේ දමිලයන්ගෙන් කියල. මේ රට අයිති දමිළයන්ට කියල... වෙන දෙයක් ඕනේ නෑ සීගිරියේ නිර්මාතෘ කාශ්‍යප රජතුමාගේ නම ඔවුන්ට උගන්වන්නේ කශ්‍යප්ප (කාශ අප්පා )කියල. අප්පා යන වචනය මතුකර පෙන්වීමට දමිල පාසල් වල ගුරුවරුන් උත්සහ ගන්නවා. (බ)
ඇයි මේ ළමයින්ට මෙවන් ඵෙතිහාසික දේවල් වල වටිනාකමක් දැනෙන්නේ නැත්තේ? (නි)
ගුරුවරුන් මේ සම්බන්ධයෙන් වගකිය යුතුයි.(හේ)
මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න.(හේ)
මේකට දඩුවමක් නොදුන්නොත් හෙට දවස අනතුරේ. (නි)
අතීතයේ පිරිසක් මේ මත කුරුටු ගී ලියපු නිසා තමයි, අද කැටපත් පවුරට වටිනාකමක් තියෙන්නේ. මේ සිසුවිය අද තමන්ගේ නම ලියපු එක වටින්නේ අද නෙමෙයි. තවත් වසර දහස් ගණනකින්. (නි)
මමත් අනුමත කරන්නේ නැහැ ඔය වැඩේ.නමුත් දුර බැහැර සිට එන උදවියට මේ ගැන අවබෝධයක් නැති කමයි මගේ නම් හැගීම.දැන්වීම් පුවරුවල මෙහෙම කරන්න එපා අරම කරන්න එපා කියා ලිව්වට ඕවා කීයෙන් කීදෙනාද කියවලා බලන්නේ.එක්කෝ ගුරුවරු දැනුවත් වෙන්න ඕනේ.නැත්තම් එම ස්ථානවල ඉන්න නිලධාරීන් නරඹන්නන්ව දැනුවත් කළ යුතුයි.එහෙම වෙද්දීත් ඔය වැඩ වෙනවනම් මෙහෙම සාධාරණ නීතියක් ගෙන ආවාට කමක් නැහැ කියලයි මගෙනම් හැගීම. (හේ)
නම සුරකින් හැදුවද දන්නේ නෑනේ.මේ වාගේ අපරාධ සිදු වෙන්නට ඉඩ නොදිය යුතුයි (දිල්)
නොදන්නා කමට කරන්න ඇත්තේ, සිගිරිය නැරඹිමට පැමිණෙන සංචාරකයන් දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් යෙදිය යුතුයි.එවිට මෙවැනි වැරදි සිදුවීම වැලැක්විය හැකියි.(දිල්)
පිස්සු කෙල්ලෙක්නේ.(හේ)
ඉසුරන්දි , එහෙම කළාට කමක් නැහැ ශිෂ්‍යාවගේ පියාගේ රාජධානි පර්වත බලකොටුවේ නම්! (නි)
මේ වැඩේ කෙල්ලෙක් කරපු වැඩෙයි අවුල.හේතුව සොය බලන්න.(හේ)
උසස් පෙළ කියන්නේ අයිතිහාසික ස්ථානයක වටිනාකම් නොතේරෙන වයසක් නෙවෙයි නේද ? මේ ළමයින් එක්ක ගුරුවරු ගිහිල්ලා නැද්ද ? ඔවුනට වගකීමක් තිබෙනවා පාසල් දරුවන් චාරිකා එක්ක යනවිට හැසිරීම් පිළිබන්දව. (හේ)
කළුගලක් පෙන්න බෑ. ඔයපැත්තේ අයගේ නම් තමා ගහල තියෙන්නේ. රටට ආදරය නැති අය.(හේ)