අම්බලන්තොට මඳුනාගල ආරණ්‍ය සේනාසනය අවට ප්‍රදේශයේ කලෑවේ නිරන්තරයෙන් වනසතුන් දඩයම් කරතියි ආරණ්‍ය සේනාධිපති උපුල් විල සාසන සුමණ නා හිමියෝ පවසති.
රාත්‍රී කාලයේ දී වෙඩි ශබ්ද පවා ඇසෙන බවද සුමණ හිමියෝ පැවසුහ. කළෑ එළි පෙහෙලි කිරීම් හා විවිධ කටයුතු නිසා වන සතුන්ට වාසස්ථාන අහිමි වෙමින් පවතින විට ඉතිරි වි ඇති කැලයට වන සතුන් පැමිණ ජීවත්වීමට සිටියද දඩයක්කරුවන් එයට ඉඩ නොදීම නිසා වන සතුන්ගේ ජීවිත වලට තර්ජන එල්ලවේ.
“වනජීවී කාර්යාලයේ නිළධාරීන් ද නිරන්තරයෙන් මෙම ප්‍රදේශවල මෙහෙයුම් කළද දඩයම් නතර වී නොමැත.” ඇතම් අවස්ථාවල එවැනි ඇය අත්අඩංගුවට ගත් අවස්ථාද තිබේන බව සුමණ හිමියෝ පවසති.
චිත්තගුප්ත මහ රහතුන් වහන්සේ ප්‍රමුඛ දොළොස් දහසක් මහ රහතුන් වහන්සේලා වැඩසිටිය මඳුනාගල සෙනසුන කාවන් තිස්ස රජු දවස ආරාම කර ඇති බව ද, කිත්සිරි මෙවන් රජ දවස ගල් ලෙන් නිර්මාණය කර වූ බවද සඳහන්වේ.
ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින හිමිවරුන්ට දාන මාන ලබා දීමට වසර පුරාම දායකයින් භාරගෙන ඇති බවද සාසන සුමණ හිමියෝ සඳහන් කරති.
දැනට මඳුනාගල අරණ්‍ය සේනාසනයේ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරයක් ඉඳිකරමින් පවතී. රුපියල් ලක්ෂ 120ක් තරම් මුදලක් මේ සඳහා වැය කිරීමට සිදුව තිබෙන හෙයින් දානපතීන්ගේ අධාර උපකාර මත එහි ද ඉඳිකිරීම් කරගෙන යන බව ද සඳහන් කළේය.
පිරිසිදු පානිය ජලය සෙනසුනට තවම ලැබී නැත. ප්‍රජා ජලයෝජනා ක්‍රමයකින් ජලය ලැබෙන හෙයින් එය ක්‍රමවත් බවක් ද නොමැති වීම ගැටළුවක් බව සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටපුංචා මදුනාගලට පනි
වයිකෝ Tuesday, 04 August 2015 07:45 AM
ජනාධිපතිතුමනි, තත්වය ඉතා සෝචනීයයි. නමුත් මෙයා දකුණේ අවදානයට ලක්වෙවිද ? (නදී)
විද්‍යා Tuesday, 04 August 2015 02:19 PM
හාමුදුරුවනේ, ලක්ෂ ගණන් වියදම් කරන්න ඉස්සරලා වතුර ටික සපයාගන්න නේද තිබුනේ ? (නදී)
සිල්වා Tuesday, 04 August 2015 08:26 AM
මේ විදියට රටේ වනය විනාශ කරගෙන ගොසින් ලංකාව කොතනින් නවතීද ? රටේ ස්වභාව ධර්මය සමතුලිත කරගත හැක්කේ සියලු දෑ රැක ගැනීමෙන් කරුණා වනය පරිසරය රැකගන්න. පරිසරවේදීන් උඩුබුරන්නේ කොළඹ පෝර්ට් සිටියට විතරද ? (බ)
දීෂණ Tuesday, 04 August 2015 09:16 AM
මේ බිම් ආරක්ෂා කරන්න වහාම සුදුසු වැඩපිළිවෙළක් දියත්කරන්න (නි)
චන්දිම Tuesday, 04 August 2015 09:38 AM
ජනපතිතුමනි, මෙය ඔබගේ අවධානය පිණිසයි. (නි)