කටුනායක ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි වල සීසීටීවී කැමරා සවි කිරීමට විරෝධය පළ කරමින් ආගමන හා විගමන නිලධාරීහු අද (28) වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
වැඩවර්ජනය හේතුවෙන් ගුවන් ගමන් හා දෙදනිත කටයුතු අඩාල වී ඇති බව ගුවන් තොටුපළ ආරංචි කියයි.
කටුනායක ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි වල සීසීටීවී කැමරා සවි කිරීමට විරෝධය පළ කරමින් ආගමන හා විගමන නිලධාරීහු අද (28) වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
වැඩවර්ජනය හේතුවෙන් ගුවන් ගමන් හා දෙදනිත කටයුතු අඩාල වී ඇති බව ගුවන් තොටුපළ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියන්නද කිව්වලු (බ)
එතකොට මේ දක්වා තිබිල නැද්ද. (බ)
කෙරුවාව කටින් විතරයි (බ)
මේ අයගේ කෙරුවාවල් අහුවෙයි කියලද එපා කියන්නේ.(හේ)
ඔය එන්නේ කෙසෙල්කැන වැටටත් උඩින් පැනලා, හොරාට ඉස්සෙල්ලා (නි)
ඔං දැන් බලාගත්ත හැකි පාලකයින් රටේ මිනිස්සුන්ට ආදරෙයිද ?රාජ්‍ය සේවයේ ඉන්න හොරුන්ට යටත් වෙනවද කියලා හැම පුරවසියම කැමැතියි සිසිටිවී කැමරා හයි කරනවට මේ කට්ටිය මොකද එපා කියන්නේ අපි ඉන්නේ ඉතාලියේ ඕනෑම ගුවන් තොටුපොලකම හයි කරලා තියනවා රාජ්‍යයක වගකීම රටවැසියා අරක්ෂා කරන එකයි (හේ)
පුදුම රටක්. පුදුම මිනිස්සු.! රටේ වැදගත් ආර්ථික මර්මස්ථානයක ආරක්ෂාවට විරුද්ධ වෙනවාද? (නි)
මොකද කට්ටියට බය හිතිලද? (නි)
ඔය එපා කියන කට්ටිය අස්කරලා අලුතින් පත්කරන්න. කස්ටම් ඔෆිසර්ලා තරම් හම්බ කරන අය රටේ තව නැහැ. ඕවා අහුවෙනවට බයයි. කැමරා නම් අත්‍යවශ්‍යයි (නි)
මේක අත්‍යවශ්‍යයෙන්ම කළයුත්තක් (නි)
ඔය පර්යන්ත ගොඩනැගිලි වල මොනවාහරි අනිත් අයට දකින්න හොඳ නැති දෙයක් වෙනවා ඇති. ඉතින් අනිත් අය බලනකොට ලැජ්ජා හිතෙනවනෙ. (නි)
එපා අයට අස්වෙලා යන්න කියන්න. සෑම ගුවන් තොටුපළකම වගේ ඕවා තිබෙනවා (නි)
හොර අහුවෙන නිසා වෙන්න ඇති මම හිතන්නේ (නි)
පුහුල් හොරා කරෙන් දැනේ කිවුවලු (නි)
කොහටද මේ රට යන්නේ ..? හිතාගන්නත් අපහසු කරුණ නම් මේච්චර රටේ අපරාද අල්ලන සිසිටිවී පාවිච්චි කරන එකේ ගුවන්තොටුපොලට තාම ඒ පහසුකම යොදා නොගන්න එක .. විලිලැජ්ජයි.. (හේ)
හොර වැඩ අහුවෙනවට බය කට්ටියක් වගේ (නි)
මේක හොඳ වැඩක් කැමරා සවි කල යුතුය . (හේ)
මාර වැඩක්නේ ඒක. ඇයි හොර වැඩ අහුවෙයි කියලා බයටද? ලෝකේ ඕනෑම රටක ඕවා තියෙනවා. (නි)
ආගමන විගමන කියන්නේ කස්ටම් නිලධාරීන් නෙමෙයි (බ)
මෙය ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවය ලොවටම කියාපෑමකි. නමුත් වෙනත් රටවල නම් ගුවන් තොටුපළ වල අවශ්‍ය සියලුම තැන් වල කැමරා වලින් සියලුම දේ නිරීක්ෂණය කෙරේ. සැකකටයුතු මඟීන් හොඳින් නිරීක්ෂණය කර ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරේ. (නි)
බිම් මට්ටමත් පුද්ගලීකරණය කරන්න....එතකොට ඔය කට්ටියට උපවාස කරන්න බැහැ. ලංකාවේ ආණ්ඩුවට අයිතිවෙන ඔක්කොම දෙපාර්තමේන්තු විකුණන්න ඕනේ (බ)
කන පැලෙන්න ගහල දොට්ට දාන්න ඔවුන් ඔක්කොම. උගත් කමක් නැතුව දේශපාලුවන්ගේ පස්සෙන් ගිහින් රස්සාවල් අරගෙන දැන් එනවා එතන හොරකන් කරන්නත් පොට පාදගන්න. ඔවුන් ඔක්කොම එළවලා ගන්න අර ගෙවල් වල ඉන්න උපාධිධාරින්ව වැඩට. (බ)
ඒ හොරකම් කරන්න, පගාව ගන්න බැරිවෙන නිසාද මහත්තයෝ? ලැජ්ජාවේ බැහැ අපිට නම්. (නි)
අත්‍යවශ්‍ය කරුණක්. රේගු නිලධාරින්ට බැරිනම් ගෙදර යවල අලුත් උපාදිධාරීන් බඳවාගන්න. (බ)
ලෝකයේ පිළිගත් හැම ගුවන් තොටුපොළකම ඕවා තියෙනවා. ඔන්න මේ වෙලාවට තමයි ගෝඨාභය මහතාගේ අගය තේරෙන්නේ. (නි)
ආගමන විගමන එකේ නිලධාරියෙක් පගාව අරන් අහුවුණා කැමරා නිසා (බ)
ආගමන එකේ අයත් කස්ටම් එකේ වගේම හම්බ කරනවා. (බ)
ඒ වුණාට බලන්න ඕනෑ, අපි රටක ඉඳලා එනකොට අපි ලොකු වරදක් කරලා එන අය අපි දිහාවේ බලාගෙන ඉන්නේ කන්න වගේ. එයාලට වැරදි කරන්න ඕනෑ විදියටයි ගුවන් තොටුපළ තියෙන්න ඕනෑ. වහාම ගෙදර යවන්න මේ අය (නි)
බලන්න ඔය කියන තැන ඉන්න අයගේ මුහුණේ ලේ පොදක් නැහැ. (බ)
මේක පුදුම වැඩක්නේ. මේවා ආරක්ෂාවට අත්‍යවශ්‍ය දේවල්නේ. මට තියන ප්‍රශ්නය මෙච්චර කාලයක් ඕකේ සී.සී.ටී.වී නොතිබුණ එකයි. (නි)
ලංකාවේ කිසි ම දෙයක් කරන්න බෑ . සීසීටීවී අත්‍යවශ්‍ය දෙයක් මේ වගේ තැනකට. මොන පදනමකින්ද මේවා එපා කියන්නේ. (බ)
හේමන්ත.ඔබගේ අදහස සහතික ඇත්ත (බ)
වහාම ඔවුන්ව සේවයෙන් ඉවත් කළයුතුයි කියායි මම නම් කියන්නේ (නි)
පහුගිය දවසක රාජකාරිය පැත්තක තියලා ෆේස්බුක් එකේ වැඩ කර කර හිටිය කෙනෙක් ගැන ගුවන් මගියෙක් වීඩියෝ එකක් එහෙම දාලා තිබුණා. බය වෙලා ඇති දැන් හොඳටම. (නි)
සීසීටීවී කැමරාව සවිකරනවාට අපිත් විරුද්ධයි. මන්ද අපේ අවංක රේගු නිලධාරින් නැති වැරදි වලට අහුවුණොත් අපේ රටට විශාල පාඩුවක් වෙනවා. එතකොට එන ගුවන්යානා ටික එන්නේත් නැහැ. (නි)
අනේ අපොයි මෙච්චර කාලයක් සී සී ටී වී තිබුනේ නැද්ද ? අපේ ත්‍රිවිධ හමුදාවේ සහෝදරවරු ඉන්නවා . ඕන දේකට ලැහැස්ති . ඔය අය ගෙදර යවල එයාල දාන්නකෝ (බ)
මේ අයගේ ගෙවල් දොරවල් දැක්කහම හිතාගන්න පුළුවන් ඇයි කැමරා දැමීමට විරුද්ධ වෙන්නේ කියලා (නි)
මෙක අවශ්‍යම දෙයක්. යන කට්ටිය ගියදෙන්කො. අලුත් අය බඳවාගන්න පුලුවන්නේ. විරෑකියා උපාධිධාරීන් ඔය ඕනෑතරම් ඉන්නේ. පුහුණු කරලා ගන්න බෑරියෑ (නි)
ඕනෑම රටක දේස සීමා පාලක තැන් දෙකක් තියෙනවා එකක් ගුවන්තොට අනික වරාය , මේ හැම තැනක් ම අධීක්ෂණයට ලක් විය යුතුයි ගුවන් පර්යන්ත පමණක් නොව සියලුම ගුවන් තොට ,ගුවන් පත සමග ආවරණය වන පරිදි කැමරා සවි කළ යුතුයි (බ)
මෙහෙම ගියොත් මේ රට කරන්ට බැරිවේවි. මේ ඔක්කොම බලන්නේ රට කන්න. (නි)
සීසී ටීවී දාපුවම මේ අයට හොරු අල්ලගන්න බැරි වෙනවලු . අනික මේ අයව ටිකක් වෙවුලන්න පටන් අරගෙන ගෙදර ආර්ථික මට්ටම කඩා වැටෙනවලු. (බ)
මේ ගොල්ල විශ්‍රාම යවල ලෝකයේ අනෙකුත් දියුණු රටවල මෙන් පොලිස් ෆ්රන්ටිය නොහොත් බෝඩර් පොලිස් ක්‍රමය ඇති කළා නම් විශිෂ්ටය (බ)
හොරු තමයි බයවෙලා ඇත්තේ (නි)
මේ දේට අකමැති වෙන නිලධාරින් වහා පන්නා දමනු.(හේ)
මේ මොන විකාරයක්ද? සේරම අස් කරලා සුදුස්සෝ ගන්න ඕනේ මුල ඉඳලම.(හේ)
පගාව ගන්නවා කැමරා වලට පෙනෙයි කියල වෙන්ට ඇති (ම)
මේ අනවශ්‍ය වැඩවර්ජන නැවැත්වීමට රජය ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. අනවශ්‍ය වැඩවර්ජකයන් සියල්ල රැකියාවෙන් නෙරපා අලුතින් අය පත්කර ගතයුතුයි. (නි)
ළමයිනේ, මේ ප්‍රවෘත්තියේ තියෙන්නේ ආගමන හා විගමන නිලධාරීන් කියලා. ඒ කස්ටම් නිලධාරීන් නෙමෙයි. ඉමිග්රේෂන් අය. හරියට තේරුම් ගන්න. (නි)
කට්ටිය වලිගය පාගාගෙන. ආගමන විගමන කියන්නේ රේගු නිලධාරීන් නොවේ. එ්කෙන්ම පේනවා කට්ටියගේ ඊර්ෂ්‍යාව (නි)
යුක්ති ගරුක ජනහිතකාමී ආණ්ඩුවකට හරි දේ හරි විධියට කරන්න කිසිවෙකුගෙන් අවසර අවශ්‍ය නොවේ. "යා දෙක නොරත රත සමග පෑහීමක් නැත" (බ)
කැමරා හයි කරානම් කට්ටියගේ හැටි බලා ගන්න පුළුවන්.(හේ)
හොඳම දේ තාවකාලික ටීම් එකකට පැය දෙකක විතර ට්‍රේනින් එකක් දීලා මොවුන් ගෙදර යවන එක. සති කිහිපයක් ඇතුළත වෙන ටීම් එකක් සූදානම් කරන්න පුළුවන් (නි)
ඔය ආගමන විගමන එකේ ඉන්න මිනිස්සු ගැන මෙතන ලියන්න ගොඩක් තියෙනවා . ඒ් නිසා කැමරා සවි කරන්න ෙමයාලාෙගන් අහ අහ ඉන්න ඔ්නෑ (ම)
හොරකම් කරන්න අමාරු ඇතිනේ. පව්. (නි)
අලුත් චිත්‍රපටය "හොරුන්ට අමාරුයි එයාලට රිදෙයි" කියලා නම් කළා නම් හරි (නි)
සිසිටිවී කැමරා එපා කියන්නේ හොරු. පටන්ගත්ත තැන ඉඳලම අඩියක් ගානේ කීයක් හරි ගසාගෙන කන්නමයි බලන්නේ. මටත් එක වතාවක් ඒ වගේ දෙයක් වුණා. මම නම් සල්ලි දෙන්න ගියේ නැහැ. අහිංසක අය හුඟදෙනෙක් ඔය දලට අහුවෙනවා. මම නම් කියන්නේ වහාම මෙය කළයුතුයි. (නි)
ආගමන විගමන සහ රේගුව පටළාගන්න එපා (නි)
එතන ආරක්ෂාව ඕනෑ තැනක්. මේවා තියෙන්න ඕනෑ අපේ ආරක්ෂාවට. කැමති නැති අයව අස්කරලා දාන්න (නි)
අපේ ලගේජ් බලෙන්ම ට්‍රොලි වලට පටවලා එ්කට සල්ලි ඉල්ලන අය තමා ඔතන සුළු සේවකයෝත්. උඩින් ඉන්න අය කොහොම ඇතිද? (බ)
කට්ටිය කස්ටම් එකයි ඉමිග්‍රේෂන් එකයි කියන්නෙ දෙකක් කියලවත් දන්නෙ නැතුව කමෙන්ට් දාන්නේ .මේ කමෙන්ට් දාන අය ඇත්තටම වෙලා තියෙන දේ දන්නෙ නැතුව කමෙන්ට් කරන්නෙ.(බ)
ලෝකයේ කැමරා එපා කියන එකම ගුවන් තොටුපොල. රජය නටවන්න හදනවා. තමන් හොරු කියා නොකිය කියනවා. (බ)
ලැජ්ජා වෙන්න ඕනෑ මේ නිලධාරීන්. මේ වගේ වැඩ වලින් තමන්ගේ නිරුවත පෙන්වනවා. සී.සී.ටී.වී හයිකරන වැඩේ වැඩවර්ජන වලින් නවත්වන මේ අයගේ වත්කම් හොයන්නයි තියෙන්නේ. මෙයාලා විතරක් නොවෙයි ඔය කියන රේගු, සුරාබදු, අාදායම්බදු, පොලිස්,ජබන්ධනාගාර මේ කොයි නිලධාරිනුත් පරම්පරා 7 කට හොයනවා. මිනිස්සු දේශපාලකයා විතරයි හොරාකනවා කියලා හිතන්නේ. (නි)
සි සි ටිවී වලට බයද.? (ර)
ඔයාලට තේරෙන්නේ නැහැනේ කිසිදෙයක්. අපේ ආගමන විගමන නිලධාරීන් හරිම අවංක අය. ඉතින් ඕවා දැම්මාම මිනිස්සු හිතනවා මෙයාල වංක හොරු කියලා. පව් නැද්ද එහෙම කරන එක. ලෝකේ අනිත් සෑම දියුණු රටවල පවා මේ කැමරා සවිකරලා තියෙන්නේ. ඇයි ලංකාවට විතරක් එපා කියන්නේ. (නි)
තමන් හරියට වැඩ කරනවානම් බිය වන්න හෝ විරුද්ධ වන්න හේතුවක් නැහැ. (ර)
දැන් පේනවා කවුද කප්පම් අරගෙන හොර බඩු පන්නවන්නේ කියලා. (නි)
අනිවාර්යෙන්ම හයිකල යුතුයි. (ර)
හොර වැඩ කරන්න බැරිවන නිසා බව අපි දන්නවා (නි)
ඔය කියන්නේ රෙගු නිලධාරී ගැන නෙමෙයි. ඔය කියන්නේ ආගමන විගමන කස්ටිය ගැන. අනේ මන්දා කස්ටිය පටලවාගෙන. (ර)
බල්ලා වලිගේ හොලවනවා මිසක් වලිගය බල්ලා හොලවන්නේ නැහැ. මේකත් එවැනිම දෙයක් වගෙයි පෙනෙන්නේ. සේවකයෝ රජය පාලනය කිරීමට ගන්නා උත්සාහයක් මේකත්. රජය තදින් ඉන්න ඕනෑ. රටේත්, ගුවන් තොටුපොළේත්, ගුවන් මගීන්ගේත් ආරක්ෂාව සඳහා මේ කැමරා පද්ධතිය හැකි ඉක්මනින්ම සවි කළයුතුය. (නි)
සී.සී.ටී.වී. වලට මෙචර බය ඇයි. (ර)
සිල්ලර කඩවලත් සී සී ට් වී තියන කාලේ රටේ වැදගත්ම තැන තාම නැද්ද? (ම)
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු නිසා දැන් කට්ටියට කැමරා සවිකිරීම ඔරොත්තු දෙන්නේ නැතුව ඇති (නි)
එපා කියන නිසාම කැමරා හැමතැනම දාමු.(හේ)
හේවා මහත්මයා කියන කතාව හරි. ලෝකයේ දැන් බෝඩර් පොලිස් සංකල්පය තියෙන්නේ. අපේ ලංකාවේ තියෙන්නේ යල්පැනගිය ක්‍රමයක්. ඉතාලිය වගේ දියුණු රටවල තියෙන්නේ බෝඩර් පොලිස් ක්‍රමය (නි)
එහෙනම් අනිවාර්යයෙන්ම කැමරා සවි කරන්න ඕනේ.(හේ)
සමහර දියුණු රටවල්වල ඕක කරන්නේ ස්වයංක්‍රිය පරිගණකයකින්. මඟියා තමන්ගේ ගමන් තමන් විසින්ම එ්කට ඇතුළු කරනවා. අපේ රටේ වුණත් එ්ක කළා නම් ඉවරයි. (නි)
ඔවු නේද, සිසිටිවී හයි කලොත් අමතර අදායම එහෙම පිටින්ම නැති වෙනවනේ, ඉතින් හයිකරලා බෑ තමයි. (හේ)
ඇයි එපා කියන්නේ. හොර වැඩ අහුවෙන නිසාද?(හේ)
මම දන්නා කස්ටම් කෙනෙක් ඉන්නවා, ගෙවල් 5ක් තියනවා (නි)
හොරට පගාව අරන් මෙතනින් පිටකරන්න බැහැනේ. (නි)
සිසිටිවී කැමරා රේගු නිළධාරීන් ගැවසෙන සියළුම ස්ථාන (රාජකාරි/රාජකාරි විවේක) වල සවි කල යුතුයි. (හේ)
ඔව්. හොර වැඩ ඔක්කොම කරන්න පුළුවන්නේ. රටක් විදිහට අපි කොහොමද ඉස්සරහට යන්නේ? (නි)
කෙවින්, මේකේ අදහස් දාන අයට පැටළිලා නැහැ. කස්ටම් එකේ අයත් ආගමන විගමන එකේ අයත් දෙගොල්ලම ඔතන අයථා වැඩ කරනවා. (නි)
මෙම ක්‍රියාව ඉතා වැදගත්. ආරක්ෂාව හා සත්‍ය වෙනුවෙන්! (ර)
මේවට විරුද්ධ නොවී පුලුවන්ද... (ර)
මට නම් ඉතින් සාක්ෂි අැතුව කියන්න පුලුවන්. ඒත් අවශ්‍ය නැහැ (නි)
ඉතින් කොමද රටක් දියුණු කරන්නේ... (ර)
හොරෙන් කන ඒවා අහුවෙනවට බයේ වෙන්න ඇති. (නි)
තුර්කියේ ගුවන් තොටුපොළේත් බෝම්බයක් පුපුරලාලු නේද? තවත් කියන්නේ කැමරා එපා කියලද? (නි)
ආණ්ඩුවට කොන්දක් තියෙනවා නම් ඔන්න දැන් වෙලාව ඇවිල්ලා. මේක අනිවාර්යයෙන්ම සවිකළ යුතුයි. අනික සේවකයෝ නෙමෙයි වැඩකරන තැන තීරණ ගන්නේ. මේක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් (නි)
සී සී ටීවී කටුනායක ගුවන් තොටුපොළ පුරාම අනිවාර්ය කළ යුතුයි (හේ)
එන පොට හොඳ නැහැ වගේ. රනිල් මහත්තයෝ, රට පාලනය කරන්න තදින් (නි)
සී සී ටීවී කටුනායක ගුවන්තොටුපොළ පුරාම සවි කලයුතුය. (ර)
වහන්න ගුවන් තොටුපළ පැය 48ක්. කැමරා සවිකරලා නැවත අරින්න. වැඩට එන්න බැරි අයට ගෙදරම ඉන්න කියන්න. (නි)
ඒ කට්ටියට හොර වැඩ කරන්න බැහැනේ. අනේ අපේ රජය මේකටත් හා කියයි (නි)
පගාව ගන්න හැටි එහෙම කාටත් දැකගන්න හොඳ අවස්ථාවක්. සවිකිරීම අත්‍යවශ්‍ය කටයුත්තක්. (නි)
මම නොදන්නාකමට අහන්නේ. අර ඉමිග්‍රේෂන් කවුන්ටර් උඩ සවිකරලා තියෙන්නේ සිසිටිවි කැමරා නෙමෙයිද (නි)
එහෙනම් බෑග් උස්සන්න ඇතුළේ කට්ටියත් හවුල් ඇති. දැන් කී වතාවක් ප්‍රශ්න ඇතිවුණාද බෑග් උස්සලා? (නි)
සියලුම රජයේ දෙපාර්තුමේන්තු, සංස්ථාවල කැමරා සවිකළ යුතුයි. වැඩට යන එන වෙලාවන්, වැඩ කරන හැටි, කෑම කාමරේ ගතකරන වෙලාවන් රූපවාහිනියෙන් පෙන්වන්න. (නි)
ගුවන්තොටුපොළේ සී සී ටීවී සවිකිරීම අත්‍යවශ්‍යයෙන්ම කළයුත්තක්. ජනවාරි 05 විශාල මුදල් ප්‍රමාණයක් සමග මගේ ගමන් මල්ල සොරාගත්තා . ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය සී සී ටීවී වැඩකරන්නේ නෑ කියල ඇඟ බේරගත්තා. පොලිසිය විමර්ශන කරන්න සී සී ටීවී දර්ශන නැතිව බෑ කිව්වා. (ර)
කාටවත් බයේ කැමරා සවිකිරීම නවත්වන්න එපා (නි)
මම දන්නා තරමින් සි සි ටී වී කැමරා වලට බය වෙන්නේ හොරු, එහෙම ප්‍රස්නයක් මෙතන නැහැ නේ? (ර)
කියන්න ඕන පිට රටවල ගුවන් තොටුපළවල් වල සී.සී.ටී.වී. සවි කරලා තියෙන්නේ එකේ වැඩ කරන අයගෙන් අහල නොවේ කියලා. (ර)
සේරම දන්නවා වගේ කොමෙන්ට්ස් දාන කට්ටිය ආගමන විගමන එක හා රේගුව වෙනස් ආයතන දෙකක් බවවත් දන්නේ නැහැනේ. (ර)
මම 2015 අවුරුද්දෙ ලංකාවට එනවිට ජපානෙන් පිටුවහල් කළ කෙනෙක් ශ්‍රී ලංකා ගුවන් තොටුපළේදී නිදහස් කළා. සෙසු මඟීන් මේ දෙදෙනාගේ ගනුදෙනුව නිමවෙනතුරු පෝළිමේ බලාගෙන හිටියා. ඒ නිසා මේ හොර වැඩ නතර කරන්න අනිවාර්යයෙන්ම සී.සී.ටි.වී. සවිකළ යුතුමයි. ආගමන හා විගමන නිලධාරී මහතුනි, මේ අදහස් බලාවත් හැදෙන්න බලන්න (නි)
මේ අයට ඕන විදියටද රට සංවර්ධනය කරන්නේ? (ර)
රටේ ආරක්ෂාව නේද මේ එපා කියන්නේ? (නි)
මට නම් හිතාගන්නත් අමාරුයි මෙහෙම නිලධාරීන් ගැන (නි)
මොකද මේ වෙලා තියෙන්නේ ඒ ගමන? (නි)
රේගුවේත් කැමරා තිබුනට මම ගිය අවුරුද්දේ එනකොට කැමරා වලට අහුවෙන්නේ නැති තැනක ඉඳලා මගෙනුත් නිකන් රට සල්ලි ඉල්ලාගත්තා. මෙහෙම මිනිසුන්ගේ පව් තමයි රටක් විදිහට අපි පරම්පරා ගණන් ගෙවන්නේ. (නි)
ලෝකේ හැම රටකටම අවශ්‍ය දේවල් අපේ අය එපා කියන්නේ ඇයි. රටක් දියුණුවෙන්න මේ දේවල් ඕනම වෙනවා. (ර)
මෙයාලගේ හොර අහුවෙන නිසා එ්කට විරුද්ධයි (නි)
දෙයියනේ! එහා ගෙදර මල්ලිගේ වාහන සිහිනය බොඳවෙන්නයි යන්නේ. (නි)
දැනට කැමරා ඇත්තේ ආගමන විගමන කවුලු වලට කෙළින්ම එල්ලකර නීතිය ක්‍රියාත්මක කරන ආයතනයනයක අධික්ෂණය යටතේය. ගුවන් තොටුපළට ඇවිල්ලා බලලා කියන්නකෝ බොරු නැතුව (නි)
එපා කියන්නේ අම්මා අප්පාගේ බූදලයද? ගුවන් තොටුපළ ජනතාසන්තක දෙයක්. මහජන මුදලින් යැපෙන මහජන දේපොළ ආරක්ෂා නොකරන මේ අය ඉවත් කළයුතුය (නි)
“කරනවා නම් හරියට කරපන් බැරිනම් පලයන් එළියට“ යන සංකල්පය ක්‍රියාත්මක කරන්න. යුදහමුදා නීතිය සියලුම ආයතන තුළට ගෙනා යුතුය. සරත් ෆොන්සේකා මහත්තයාට ගුවන් තොටුපළ බාරදෙන්න. එතුමා හරියට කරයි. (නි)
මෙම ගුවන් තොටුපළේ සියලු අක්‍රමිකතා හා සොරකම් කරවන්නේත් කරන්නෙත් මේ පුද්ගලයන් විසින්මය. දැන් එය ඉතා පැහැදිලියි (නි)
මේ රේගුව, ආගමන විගමන අය නෙමෙයි කටුනායක ගුවන්තොටුපොළ පාලනය කරන්නේ. ඉතින් පාලකයන්ට එයාලා කියන දේ අහන්න ඕනෑ නැහැ. රටේ ආරක්ෂාවට හිතකර පියවරක් ගන්න (නි)
කොන්ද පණ ඇති නායකයෝ අපේ රට පාලනය කරනවා නම් මේ කැමරා සියල්ල වහාම සවිකරන ලෙස නියෝග කළයුතුය. අපි බලා සිටිමු (නි)
අපිට බොහෝ දේ සිතාගන්න පුලුවන් (නි)
නිලධාරීන්ට ලැබුණු වාසි අඩුවෙන නිසා වෙන්න ඇති (නි)
නවීන ලෝකයේ අද මේවා අත්‍යවශ්‍යම දේවල්. ත්‍රස්තවාදී වැඩ, හොර වැඩ, මගීන්ට වෙන කරදර අඩුකරන්න අනිවාර්යෙන්ම ඕනෑ වෙනවා. අද නැතත් මේවා ගුවන් තොටුපොළ නවීකරණයේදී සවි කරන්න වෙනවා. රේගු නිලධාරීන්ගේ අදහස් වලටත් ඇහුම්කන් දීලා, අවශ්‍ය නීතිරීති හදලා, පුද්ගලික පළිගැනීම් නොවෙන විදියට ඒවා සවි කරන්න. (නි)
ගුවන්තොටුපොළේ සීසීටීවී සවිකිරීම අත්‍යවශ්‍යයෙන්ම කළයුත්තක්. මගේ ගමන් මල්ලත් සොරාගත්තා. (නි)
මොකද ඔච්චර බය? (නි)
ලංකාවේ සියලුම අමාත්‍යංශ ඇතුළු සියලුම ආයතන මේ අයගේ උපදෙස් පරිදි ක්‍රීයාත්මක කළයුතුද? එසේනම් ලංකාවේ සියලුම සී සී ටී වී තහනම් කළයුතුය. (නි)
මෙයාලා ළිං ගෙම්බෝ වගෙයිනෙ හැසිරෙන්නේ (නි)
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් තීරණ ගන්න වෙලා තියෙන්නේ මෙයාලට ඕනෑ විදිහටද? (නි)
පුහුල් හොරා කරෙන් දැනේ...! (නි)
ඕව සවි කරනවට බය ඇයි ඒ අය තරම් අාත්මාර්ථකාමින් නැහැ තවත් රටට අබසරණ (බ)
ආගමන විගමන හා රේගුව කියන්නේ අපේ රටට වැදගත්ම ආයතන දෙකක්. ලංකා, ඔබ හරි. ඒ ආයතන දෙක වෙනස්ම ආයතන දෙකක්. නමුත් තම වගකීම අමතකවුණ පිරිසක් දැන් එහි රාජකාරිය කරන නිසයි කැමරා දැමිය යුත්තේ (නි)
හොර වැඩ කරන්න බැරිවෙන නිසාද? (නි)
කට්ටිය මොනවා කිව්වත් කරන්නම ඕනේ. (බ)
මේ ටික අයින් කරලා අලුතෙන් පත් කරන්න. ඔය තියෙන සමිති මෙයාලට තේරුම් කරලා දෙන්නේ නැත්තේ මොකද ? හොඳ තීරණයක්. ක්‍රියාත්මක කරන්න. (බ)
ආගමන විගමන අය මුදල තීන්දු කළාට පස්සේ රුපියල් දෙදාහක් සිට මුදලක් "පාස්පොර්ට්" එක මැද්දට තියල දුන්නම ඕනෑම කුඩු ගෙන්වන කෙනෙකුට ,හොරෙකුට,මිනිමරුවෙකුට, ස්ත්‍රී දුෂකයකුට රටට ඇතුළු වෙන්නත් පුළුවන් රටින් පිට වෙන්නත් පුළුවන්. වග කීමෙන් කියන්නේ. (බ)
සී සී ටි වී කැමරා වලින් ඕනෙම දෙයක් පේනවා අසුවනවා , හොර කම් කරනා කට්ටිය මේකට බයයි , කොහොම වුනත් රටටත් රජයටත් මේකෙන් සෙතක් වෙනවා , හොරුන් අකමැති වුනත් (බ)
මගෙන් කි දවසක් මුදල් ඉල්ලලා තියෙනවද?ලැජ්ජාවකුත් නැහැ බයකුත් නැහැ.එහෙනම් දැනුයි මමත් තේරුම් ගත්තේ මෙයාල මේ සෙල්ලම් දාන්නේ සී.සී.ටී.වී හයිකරන් නැති නිසා කියල.(බ)
පසුගිය රජය කාලෙදි සී.සී.ටී.වී සවිකර තිබුනේ නැද්ද? (නි)
කැමරා දැම්මත් ඕවායේ සටහන්වන්නේ සාමාන්‍ය පුද්ගලයෝ කරන වැඩ විතරනේ (නි)
පගාව ගන්න බැරිවේවි කියලා වෙන්න ඇති (බ)
අපේ පැත්තේ ඉන්න ජාත්‍යන්තර හොරෙක් සතියකට සැරයක් පිටරට යනවා. යන්නේ කටුනායකින්. එන්නේ මත්තලින්. ත්‍රීවිලරයක් එළවපු මනුස්සයා මේ වෙනකොට කෝටිපතියෙක් වෙලා.
මෙපමණ කලක් මේවා තිබුනේ නැද්ද?ලෝකයේම සංචාරකයෝ ගැවසෙන තැනක අනිවාර්යෙන් තිබෙන්න ඕන. (බ)
හිටපු ආරක්ෂක ලේකම් පොත් ලිව්වේ රටේ මර්මස්ථානයක් වෙන ගුවන් තොටුපොළේ ආගමන විගමන අංශයට සී.සී.ටී.වී හයිකරලවත් නෙමෙයිද? (නි)
පිටරටක ඉඳල අපේ මව් රටට නිවාඩුවක් ගතකරන්න හෝ වෙනයම් කටයුත්තකට පිටරට ගිහින් නැවත එනකොට මේ කියන ආගමන හා විගමන නිලධාරීන් අපේ දිහා බලන්නේ ඔරවල කේන්තියෙන්. අන්න ඒ අයගේ මුණු පේනවට බයේ වෙන්නැති කැමරාවලට විරෝධය පාන්නේ. (බ)
ඕකේ ඉන්න අය වස කැතයි. කරවල කෑලි වග්‍ෙ. එයාලටම ලැජ්ජ ඇති එයාලා ප්‍ෙනකාෙට (බ)
රේගුවේ තමයි ලෝක හොරු ඉන්නේ, මොවුන් පඩිය වගේ 4-5 ගුණයක් පගාවෙන් හම්බ කරනවා.. ජනාධිපතිතුමනි අනිවාර්යෙන්ම කැමරා සවිකරන තීරණය ක්‍රියාත්මක කරවන්න.. (බ)
මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමට අසීරු වී ඇති දූෂිතම මුර දොරවල් දෙක වන්නේ කොළඹ වරායත් කටුනායක ගුවන් තොටුපොලත්ය. මේ නිලධාරින්ගෙන් කැමරා සවි කිරිමට අවසර ගන්න ඕනෑ (ම)
පර්යන්ත ගොඩනැගිලි වල ආගමන විගමන කාර්ය මණ්ඩලය ඉන්නේ ඇයි (බ)
මෙවැනි ස්ථානයක මෙච්චර කල් සී සී ටී වී තිබුනේ නැති එක තමා මටනම් පුදුමේ. (බ)
මේ කාලේ සමහර ගෙවල්වලත් සීසීටීවී හයි කරලා තියෙන්නේ හොරු අල්ලන්න ඔච්චර බය ඇයි ? (බ)
තම තමන්ගේත් හොර අහුවෙනවට බයේ වැඩ වර්ජනය කරන්නේ රෙදි ඇඳගෙනද දන්නේ නැහැ. රජය මේවට තදින් ඉන්න ඕනෑ (නි)
අවුරුදු 10 ක් තිස්සේ රටේ නීතිය වල්වැද්දවීමේ ප්‍රතිඵල. හොරකම් නීතිගත කරලානේ තිබුණේ (නි)
සිසිටිවී හයි කරන්න තිබ්බේ දැන් අවුරුදු 5කට විතර කලින්.(හේ)
මේ කට්ටිය. හොර බඩු එලියට ගෙනියන්න උදව් කරන නිසා තමයි. අකමැති , මුළු ලෝකයක මිනිසුන් ගැවසෙන ස්ථානයක් මෙතන ,හොරුන්ව. ආරක්ෂා කරන්නේ. නැතිව. සියලු මිනිසාගේ ආරක්ෂාව. පතා මෙය. අවශ්‍යයි රැකියා විරහිත. කට්ටියට රැකියා දෙන්න පුළුවන්. හොරුන් ගෙදර. ඇරලා (හේ)
පුදුමාකාර රටක්. ලෝකයේ හැම රටකම ගුවන් තොටුපල වැනි වැදගත් ස්ථාන වල තිබිය යුතු වැදගත්ම ආරක්ෂාකාරී පියවරකි. මේ දේ එපා කියන්නේ ආගමන විගමන උදවියගේ සැබෑ හොරකම් එළිවෙන නිසානේ. කවුරු වර්ජනය කලත් කමක් නැහැ මේ කැමරා පද්ධතිය කොහොමහරි සවි කරන්න. නවීන තාක්ෂනය සමග වැඩ කරන්න බැරි අයට වෙන රැකියා සොයාගන්න කියන්න. (හේ)
රාජකාරිය හරියට කරනවා නම් ඇයි කාටත් බය.(හේ)
ගුවන්තොටුපළේ වැසිකිළි අසළත් අනිවාර්යයෙන් සීසීටීවී සවිකරන්න ඕනෑ. වැඩිපුරම හොර ගනුදෙනු වෙන්නේ ඒවා අසළයි (නි)
වෙනසකට මුල පුරන්න කාලය හරි.(හේ)
මේක අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් (බ)
සීසීටීවී නොදැම්මොත් සාමාන්‍ය ජනතාව විරෝධය පාන්නයි තියෙන්නේ (නි)