කටුනායක ගුවන් තොටේ සේවක වර්ජනය අවසන් විය.
ජනපති කාර්යාලයයේ විශේෂ නියෝජිතයකු ද, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න, ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් වෘත්තීය සමිති සමග ගුවන්තොටේ දී සාකච්ඡා කිරීමෙන් පසු වර්ජනය අවසන් විය.
මාසික දීමනාව ලෙස ඔක්තෝබර හා නොවැම්බර මාසවලට රුපියල් 8000 බැගින් රුපියල් 16000ක් වහාම ගෙවීමට පාලකයෝ යෝජනා කළහ. සේවකයෝ එය පිළිගත්හ. සෙසු ඉල්ලීම් සතියක් ඇතුළත සලකා බලා තීරණයක් ගැනීමටත් දෙපාර්ශ්වයම එකඟත්වය පළ කළේය.
සේවකයන්ගේ ඉල්ලීම වූයේ මාසික දීමනාව රුපියල් දස දහසක් විය යුතු බවයි.
තම ඉල්ලීම් දිනා ගත් බව කියමින් සේවකයෝ සිය උද්දාමය පළ කළහ. ඒ අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරීට සේවකයෝ පිරිසක් බාධා කළහ. ඡායාරූප නොගෙන පිටවී යන්නැයි බල කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්ෆ් නීතිය පොදුවේ අපේ රටටත් තිබුණා නම් තමයි හොඳ. (නි)
අපිත් වර්ජනය කරද්දී ඉල්ලීම් දෙනවා නම් කොච්චර හොඳද? (නි)
මාධ්‍ය නිසා තමයි බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ. මාධ්‍යයට ඔරවලා නම් හරියන්නේ නැහැ. මේවා වාර්තා නොකළොත් ඔය ඉල්ලීම් මොනවත් ලැබෙන්නේ නැහැ.වෘත්තීය සමිති ලොක්කන්ගේ ඇස් ඇරේවා! (නි)
ඉල්ලීම් දෙන්න නෙමෙයි හැමෝව අත්අඩංගුවට ගන්න අවශ්‍ය තරම් ක්‍රියාවලික් මෙතන වුණේ. ඔවුන් දිනුවා කියන්නේ හැමෝම මේක ආදර්ශයට ගනීවි.ජාත්‍යන්තර ගුවන් තොටුපළක් මේ විදියට අකර්මන්‍ය කරන්න මොවුන්ට ඉඩ දීලා ඔවුන්ගේ ඉල්ලීම් දුන් එකේ ප්‍රතිඵල පොළියත් එක්ක අත් විඳින්න ලැබේවි. (නි)
මේ දුන්නේ අවුරුදු තිහකට විතර පසුව නේද? ඒ විතරක් නෙමෙයි, ගුවන් තොටුපළ වාර්ෂික වැටුප් වර්ධකය පටන්ගන්නේ කීයෙන්ද කියලා දන්නවද? (නි)
රට ඉඳලා දහ දුක් විඳින අපි ගැන කවුරුවත් බලන්නේ නැහැ. අපිත් වර්ජනයක් කරමු. අපිත් මාසයක් ඩොලර් ලංකාවට යවන්නේ නැතුව ඉඳිමුද අපේ ඉල්ලීම් දිනාගන්න. (නි)
වර්ජන, මර්දන, තර්ජන කරන්න හොඳයි. හැබැයි. ඒවා හෙළිකරන්න හොඳ නැහැ. (නි)
මේ රටේ කම්කරු නීතිය සංශෝධනය කළ යුතුයි. හිතෙන හිතෙන හැටියට අත්‍යවශ්‍ය සේවා වර්ජන ඇති වෙන්නේ , පවතින නීතියේ ඇති අඩුපාඩුකම් නිසා. ආයතනයෙන් පුහුණුවකට අපේ කට්ටියක් ඔස්ට්‍රේලියාවට යැව්වා. එහේ වැඩ හොඳ නැති නම් කෙලින්ම ගෙදරලු.(හේ)
මේ අයගේ ප දිමනා ලබා දීම ගැන සතුටු විය නොහැකියි.(හේ)
පඩි වැඩ්ඩිකරන කොට කාටත් සතුටුයි.හැබැයි ගුවන්තොටුපලේ රියදුරෙකුගේ පඩිය 80,000 කටත් වැඩියි. අනිත් අයගේ පඩි විස්තර කතා කරන්න ඕන නැහැ. ඔවුන් රටම අපකීර්තියට පත්කරන්න හදන්නෙ.(හේ)
දැන් සිදුවූ පාඩුව ගෙවන්නේ කවුද එතකොට? (නි)
අනෙක් අංශ වල සේවකයන්ටත් මෙහෙම ගෙවනවා නම් කොච්චර හොඳද? (නි)
මේ කට්ටියට විතරක් මේ ප්‍රතිලාභ දිලා මදි. රජයේ අනිත් සේවකයින්ටත් ලබා දෙන්න.(හේ)
අපේ රටේ කම්කරු නීතියේ හැටියට වඩාත් වාසි වෙන්නේ සේවකයාටයි. මෙන්න මේ කාරණාව නිසා බොහෝ විදේශීය ආයෝජකයන් ලංකාවේ ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය කරන විට දෙපාරක් හිතනවා. වර්ජන නිසා සිදු වන නිෂ්පාදන සහ සේවා අඩාල වීම් , අපතේ යන මිනිස් පැය ආදිය ගැන ඔවුන් බොහෝ සේ සැලකිලිමත් වෙනවා. පාඩුව අපේ රටටයි. (දිල්)
කොටි ගානක් උන පාඩුව තවත් වැඩි කර ගන්න පුළුවන්.මේ රටවල ඔය වගේ ආයතනවල ඉන්නේ අවශ්‍යම සේවකයෝ විතරයි. අපේ ගුවන්තොටුපොළේ නිකරුනේ හිටගෙන ඉන්න අයම සැහෙන ගානක් ඉන්නවා.වැඩි ප්‍රමාණයක් දේශපාලන පත්වීම්.(බ)
මම නම් මේවා ගැන දන්නේ නැහැ. ඒත් මෙයාලගේ පඩි වැඩිකරන්නේ ගුවන් සාමගමෙන් මිසක් ආණ්ඩුවෙන් නෙමෙයි නේද? ඉතින් ඊර්ෂයා කරන්නේ මොකටද ඒකට? (නි)
මෙයාලගේ ඉල්ලීම් කාටත් නොදී ඉන්න බෑ.(හේ)
මේ අයට නිල ඇදුමක් නැද්ද ? හරියට ට්‍රිප් එකක් යනවා වගේනේ වැඩට එන්නේ.. ජාත්යන්තර ගුවන් තොටුපලක නේද වැඩ කරන්නේ (බ)
මේක නම් හරිම අසාධාරණයි (බ)
ඔයගොල්ලෝ නොදැන කතා කරන්නේ... වැටුප් වැඩී වීමක් වෙන්නේ අවරුදු 4 පස්සේ එතිනින් සාමාන්‍ය වැටුප තමයි මේ යට ලැබෙන්නේ.(හේ)
සමාජය අපි මේ ක්‍රමයට විරැද්ධ නිසයි. ඔයාලා කොහමද තාත්තාගෙන් පුතාට ඉල්ලන්නේ. එ්කත් ඇමතිකම් වගේ. පෞද්ගලික අංශයේ වැඩ කරන්නෙත් මේ රටේ මිනිස්සු. අපේ සහයෝගය නැතිව ගියොත් කොයි ලොක්කත් ගෙදර තමා යන්න වෙන්නේ. අපි ඉල්ලනේ අපිටත් සාධාරන මුදලක් දෙන්ඩ කියලයි. 9(රුපියල් 5000 ක් වත්)(අ).
ඇයි ගුවන්තොටුපොළ සේවකයෝ මාධ්‍යයට මෙහෙම සැලකුවේ. ලැජ්ජා නැද්ද? කාන්තාවකට හිරිහැර කරන්න. (ර)
බංකොලොත් දේශපාලකයන්ගේ රට අස්ථාවර කිරීමේ පියවරක් , රටට එන සංචාරකයන්ට සහ ආපසු යන අයට කොපමණ කරදරයක්ද(අ)
ගුවන්තොටුපොළේ මෙච්චර බුද්ධි අංශය ඉන්නවා. ගුවන් හමුදාව ඉන්නවා. සී.අයි.ඩිය ඉන්නවා. පොලිසිය ඉන්නවා මෙච්චර දෙයක් වෙලත් ඇයි මෙහෙම කරන්ඩ ඉඩ දුන්නේ? මාධ්‍ය වේදීන්ටත් හිරිහැර කරලා. චිකේ ලැජ්ජාවේ බැහැ. (ර)
තමන්ගේ ඉල්ලීම් නෙමෙයි වෙන මොන කෙහෙල්මල දිනාගන්න වුවත් රටේ ආර්ථික මර්මස්ථානයක පාලනය කඩාකප්පල් කරන එක දැවැන්ත වරදක්. රටේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියන්නේ ආර්ථික මර්මස්ථානයක්. ඒක තේරුම් නොගත් අම්බරු වෘත්තීය සමිති නායකයින් ගත්ත මේ තීරණය ඉතාම අධම, රට ගැන නොහිතන දෙයක්. නමුත් රජය මෙහිදී කටයුතු කළ ආකාරය ප්‍රශංසනීයයි. වහාම මේ ගැන මැදිහත් වෙලා කටයුතු කරමින්, මස් රාත්තලම නොදී නමුත් දෙපැත්තටම පිළිගත හැකි විසඳුමක් ලබා දීම යහපත්. අපිට මතකයි 1980 ජූලි වර්ජකයන්ට ඒ කාලේ තිබ්බ ධර්මිෂ්ඨ රජය සළකපු හැටි. එක පෑන් පාරෙන් අසූදහසක රැකියා නැතිකළ හැටි සහ ඒ හේතුවෙන් වර්ජකයින්ගෙන් ඇතැමෙක් සිය දිවි නසාගත් හැටිත් අපිට මතකයි. නමුත් වර්ථමාන රජය ඒ ආකාරයට කටයුතු නොකර සංවේදීව මේ ගැටළුවෙ දෙස බැලීම සැබැවින්ම ප්‍රශංසනීයයි...(අ)
ඇයි මේ අයට රජය මෙච්චර බය.? (ර)
ඇත්තටම මේ අයට ලැබෙන මුදල වැඩියි.(හේ)
නිවැරදි කෙරීමක්.ගුවන් තොටුපල රියදුරන්ට, පොදු කාර්ය සේවකයන්ට හා පහල ශ්‍රේණි සේවකයන්ට පඩිය රු 80000ට වැඩියි. නමුත් උසස්පෙළ ඉහලම ලකුනු ලබාගෙන, අවුරුදු ගානක් ඉගෙනගෙන උපාධිය ලබාගෙන, තරග විභාගයකට ලියලා , අමාරු සම්මුඛ පරික්ෂණ වලට මුහුණ දීලා ගුවන් තොටුපල වැඩිම වගකීමක් දරන උසස් නිලධාරියෙකුගේ, ඉන්ජිනීයර් කෙනෙකුගේ පඩිය රු .65,000.මේවත් නිවැරදි වෙන්න ඕනේ.(හේ)
මේ ඔක්කොම හොරු. මේ අයට හොරකම් කරන්න දෙන්නේ නැති එක තම මෙතන යට තියෙන ප්‍රශ්නේ.(හේ)
සියල්ලම දිනුම්.(හේ)
මේක නම් පාලකයන්ම සංවිධානය කළ මහජනයා නොමග යවන්න කළ වැඩ වර්ජනයක් මොකද මේගොල්ලෝ මේ පෙන්වන්න හදන්නේ හැමෝටම නිදහස තියෙනවා රජය ටක් ගාලා විසදුම් දෙනවා කියන ප්‍රෝඩාවද?(හේ)
මාසේ පඩියක් නැතුව කුලී වැඩක් කරමින් ජීවත් වෙන අය මේවා දැකලා මොනවා හිතනවද දන්නේ නැහැ. (හේ)
ඔතන වැඩි හරියක් ඉන්නේ දේශපාලන හෙන්චයි යෝ . ඔතන ජොබ් එකක් ගන්නනම් ඔය පළාතේ දේශපාලකයන්ට බැහැල වැඩකරන්න ඕන .(අ)
මේවට තමයි අසාධාරණ ඉල්ලිම් කියන්නේ.(හේ)
සියළු දෙනාම දිනයි.(හේ)
අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කළාට දඬුවම් කෝ?ආණ්ඩුවේ සංගමයක් නිසාද?විශ්ව විද්‍යාලයක වුනානම් මෙලහකට දහයක් පහලවක් ඉස්පිරිතාලේ? පව් රට වැසියෝ.(හේ)
තව කී දෙනෙක් පඩි නැතුව සේවය කරනවාද?ඒ අය දිහා බලන්නේ නැද්ද?(හේ)
මේක අසාධාරණ වැඩක්.(හේ)
මේ සිද්ධිය නිසා හෙට කී දෙනෙක් පාරට බහිද දන්නේ නෑ.(හේ)
ගුවන් තොටුපලේ රැකියා කරන අය වැටුප මෙන් 3 ගුණයක් වෙනත් හොර ක්‍රම වලින් මුදල් උපයනවා , මම දන්නා හිතවතුන් කිහිප දෙනෙකු මෙහි රැකියාවට ගියාට පසු ලොකු පොහොසතුන් බවට පත්ව ඉන්නවා , ලැබෙන වැටුප නැතුව හෝ ඔවුන් මෙහි රැකියාවට කැමති , හොර වංචා මාර්ග බොහෝ තිබෙන බැවින් මුදල් ඉපයීමට , මම කියන්නේ සේවය කරන සියල්ලම නොවේ , එහෙත් බහුතරය.(හේ)
ඇයි මේ අයගේ ඉල්ලීම් ලබා දුන්නේ.(හේ)
පහල ශ්‍රේණි වල වැඩි දෙනෙක් දේශපාලන පත්වීම්.(හේ)
ඕනෑම රටක ආර්ථික ශක්තිය රදා පවතින්නේ, රටේ කම්කරුවන් අත. සේවයට සරිලන වැටුපක් ලැබීමට සහ ඒ සදහා සටන් කිර්‍රමට පුර්ණ අයිතියක් ඔවුන් සතුයි. නමුත් තමන්ගේ රට ජාත්‍යන්තරයට සම්බන්ධ වන ස්ථානය දඩමීමා කරගැනීම නම් අනුමත කළ නොහැකියි.(හේ)
මෙහි අදහස් පලකල බොහෝ දෙනෙකුට වඩා මේ රජය ප්‍රජාතන්ත්‍රවාදීයි. මේ අයට යම් හෙයකින් බලය ලැබුනොත් මර්වින් සිල්වලාට අන්ත වෙනවා. (අ)
රජය වර්ජකයන්ට බයවෙලා. වර්ජකයො මාධ්‍යයට බයවෙලා.මම අහල තියෙන විදියට ගුවන්තොටුපලේ වැඩකරන උදවිය ඉහළ ආදායමක් ලබනව.හැබැයි දේශීය ගුවන් සේවය දුවන්නෙ අතේ පාඩුවට.(අ)
කණගාටුයි.ගත් තීරණය වැරදි බවයි මට හිතෙන්නේ. කඩාකප්පල්කාරීන් සියලු දෙනා වහාම සේවයෙන් පහකරන්න.නිතර ගමන් කරන අපි එයාලගේ කාර්යක්ෂමතාවය ගැන හොඳින් දන්නවා. ලැබෙන වැටුපට වැඩක් නොකරන අයට දෙන දීමනා රට වෙනුවෙන් තවමත් කැපවෙන ත්‍රිවිධ හමුදාවන්ට දෙන්න. (නි)
ගුවන් තොටුපොළේ ධිවර කටයුතු වලට සම්බන්ද දේවල් එහෙමත් තියෙනවද ? මම එහෙම ඇහුවේ ධිවර කටයුතු ඇමතිත් සාකච්චා වලට එකතුවෙලා කියලා තියෙන හින්දයි ...අපි නොදන්නා චෙස් කියලත් කතාවක් තියෙනවා නේ .(හේ)
එකාවගේ සටන් කලොත් ඓතිවාසිකම් දිනන්න පුළුවන් කියන එක මේ සටනෙන් ඔප්පු වෙනවා. අනිත් සේවකයන්ට සොච්චමක් ලැබෙන්නේ සටනක් නැති නිසා. මේ සේවකයන් දොට්ට දාන්න කියල කියන්නේ රස්සාවක් නැති අය. ඒගොල්ලොත් රස්සාවක් කරන දාට සටන් නොකර කිසිවක් දින ගන්න බෑ කියලා තේරුම් ගනීවි.(හේ)
අපේ මාධ්‍ය නිදහසටත් ගරු කරන්න දන්නේ නැති මිනිස්සු (නි)
කෙලින් ඉන්න බැරි පාලකයෝ ඉන්නතාක් මේ රට ගොඩගන්න බෑ. දැන් ඉතින් තියෙන්නේ අනිත් අයටත් වැඩ වර්ජනය කරන්න, වැටුප් වැඩිකරන තුරු. මේවා වැරදි ආදර්ශ.. කවුද කවද්ද වැඩ වර්ජනය කළේ, යෝජනා කළේ රටේ දියුනුවට එක දෙයක් කරන්න.(බ)
මාධ්‍ය වෙිදියකට සලකපු විදිය රට යන ගුවන් මගින් විදියට අපි දැක්කා හරිම කැතැයි මෙයාලට අහසින් ඹික ලැබුනේ නැහැනේ ගුවන් තොටුපළ මේයාලගේ බූදලයක් කියලා හිතනවා ඇති අයිස් ගහලා ලක්ෂ ගණන් පඩි ගන්න හැටිත් දැක්කා.(හේ)
ඉල්ලීම් ලැබුනද දන් නැහැ....?(දිල්)
එයාර්පෝර්ට් එකක් කියන්නේ රටක ප්‍රධාන මරමස්ථානයක්. ඔය වගේ තැන්වලට බඳවා ගත යුත්තේ උගත් විනයක් ඇති මිනිසුන්. (හේ)
අපි සටන් කරන්නේ නැහැ. නමුත් පුද්ගලික අංශයේ මහන්සියට හරියන වැටුපක් ලැබෙනවා. අපි වැඩ පෙන්නලා තමයි උසස් වෙම් පඩි වැඩි වීම් ඉල්ලන්නේ. ආයතන ලාබ ලබනවා. අපිට ප්‍රසාද දීමනා ලැබෙනවා. ඔය කරන්නේ රස්සාවක් නෙවෙයි . පිනට කෑමක්. රටත් වැඩක් නැහැ . තමන්ටත් වැඩක් නැහැ. කරන වැඩකුත් නැහැ. ඉල්ලීම් වර්ජන තර්ජන විතරයි. (හේ)
මේ රටේ ඔක්කොම ප්‍රේමලාල්ලා වුණා නම් මේක රටක් නෙමෙයි, අම්බලමක්. (නි)
දැන් වෙච්ච පාඩුව මගින්ගේ පිටින් යවන්න හදාවි. ගුවන් මගින් සහ ආයතන වෙච්ච පාඩුවට වන්දි ඉල්ලනකොට අර ගෙවන්න යන ගානත් එක්ක ම වර්ජකයන්ගේ පඩියෙන් කපන්න.(හේ)
ප්‍රේමලාල්, අයිතිවාසිකම් විතරද ? ඔයගොල්ලන්ට ඔතන වැඩ කියලා දෙයක් නැද්ද? (නි)
ඔය ගුවන් තොටුපලේ පසුගිය කාලයේ මිනිස්සුන්ගේ බඩු පාර්සල් නැති වීම ගැන වගකිව යුත්තන්ටත් පඩි වැඩි වුනාද ? (ර)
ගුවන් තොට සේවකයෝ විතරද කන්නේ . පුද්ගලික අංශයට රුපියල් 500 යි, ගුවන්තොට සේවකයිට රුපියල් 8000 යි .(හේ)
මේ අය වැඩට ඇවිත් තියෙන්නේ අරක්කු බීලා ගංජා ගහලා වගේ. මේ නම් මැරයෝ ටිකක්. ආරක්ෂක අංශ වල අයට පුලුවන් කඩාකප්පල්කාරි වැඩ කළාට මේ අය අත්අඩංගුවට ගන්න. ජනාධිපති තුමනි මේ ගැන අවධානය යොමුකරන්න (බ)
මේ අර නියෝජ්‍ය ඇමතිගේ ගෝලයෝ නේද? (බ)
එහෙනම් ඇමතිට ඕනෑ මේ අය හරහා ගුවන්තොටුපොළ අල්ලන්න නේද (බ)
බලපැම් කණ්ඩායමක ඉල්ලිම් ගන්න එක හරි ලේසියි. නමුත් සමස්ථය අන්ත අසරණයි.(හේ)
මෙහෙම වර්ජන කරලා පාඩුව ඩබල් ට්‍රිබල් වෙලා, ආයතනය එමිරේට්ස් වගේ තැනකට හුවමාරු වුනොත් ගෙදර ඉස්සරහ තමයි අයිතිවාසිකම් ගැන කෙකර ගාන්න වෙන්නේ. (ර)
සිදුවූ පාඩුව පියවන්නේ කවුද ? වර්ජකයින්ගෙන් එය අයකර ගැනීමට පියවරක් ගන්න. (නි)
අසාධාරණයි මේ ලබා දීම්.(හේ)
මේ ගොල්ලන්ට වැඩි කලාට ප්‍රශ්නයක් නැ. පර්යන්තයෙන් පිටවීමේ සහ ඇතුළුවීමේ ගාස්තුව වන රු.300/= ළඟදීම 600/= වේවි. (ර)
මේක නිකම් අරින්න එපා. දැන් මාධ්‍යයට තියෙන්නේ මේගොල්ලන්ගේ ප්‍රචාරක කටයුතු වර්ජනය කරන්න. එක පින්තුරයක්වත් දාන්න එපා පත්තරේ. වැරදි වැඩේ කලා මදිවට ඒවා එලි කරන අයටත් බුරනවා.(හේ)
මේක හරිම අසාධාරණයි.(හේ)
මේ අයට විතරක් වැඩි කරලා මදි.(හේ)
වර්ජකයන්ව සේවයෙන් පහ කරන්න. (ර)
ගාමිණී, මෙතන ගැටලුව ගුවන්තොට සේවකයෝ වැඩකරන්නේ රජයට අනුබද්ධවයි. පුද්ගලික අංශයේ අය සේවය කරන්නේ හාම්පුතාලට. ඉතින් හාම්පුතාලා තමයි ඔයාලගේ පඩි වැඩි කරන්න ඕනෑ. රජයට කරන්න පුලුවන් දේ සීමිතයි. රජයට ආයතන හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් පඩි වැඩිකරන්න කියලා (නි)
මේ වගේ සේවකයන් තවත් තියාගෙන ඉන්නේ මොකටද? දැන්ම කොන්ත්‍රාත් ක්‍රමයට හෝ අනියම් සේවකයන් සංචිතයක් බඳවා ගන්න. (නි)
මේ විශේෂ වැඩිවීම අනෙකුත් සියළු රජයේ සහ පෞද්ගලික සේවකයින්ටත් ගෙවන්න පුලුවන් නම් හොඳයි (නි)
ජය වේවා! අපේ ඉල්ලීම් දිනේවා! (නි)
බලන්නකෝ මේ පාඩු සහ පඩි වියදම් කොහොමහරි සොයාගන්නේ නැද්ද කියලා (නි)
සහෝදරවරුනි, දැන් ඉතාම පැහැදිලියි. පාරට බැස්සොත් ඔබගේ ඉල්ලීම් දිනාගන්න පුළුවන්. නැත්නම් පොරොන්දු පමණි. (නි)
ජනමාධ්‍යයට බාධාකිරීම අපි තරයේ හෙළා දකිමු. ජනමාධ්‍යවේදීන් නිසයි අපි රටේ තොටේ සිදුවන්නේ කුමක්දැයි කියා දැන හඳුනාගන්නේ. ඒ උදවියට නිදහසේ රාජකාරි කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන්න. (නි)