කටුනායක ගුවන්තොටුපළේ වැසිකිළිවල මෙතෙක් වතුර ද ටිෂූ ද තිබූ නමුත් බිඩේ ෂවර් ඉවත් කිරීම නිසා සාම්ප්‍රදායික ක්‍රමයට වැසිකිළි පාවිච්චි කළ ශ්‍රී ලාංකිකයන් අපහසුවට පත්වී සිටින බව කියති.
ව්‍යාපාරික කටයුතු සඳහා නිතරම වාගේ පිටරට යන ලාංකිකයන් කියනුයේ වැසිකිළි ගිය පසු අතපය සෝදා ගැනීමට වතුර මිස ටිෂූ කඩදාසි පාවිච්චි කිරීමේ පුරුද්දක් නැති බවයි.
කටුනායක ගුවන්තොටුපළ පාලකයන් ලංකාවේ මානව හුරුපුරුදු ගැන අවබෝධයකින් කටයුතු කිරීම වැදගත් බව ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත පය හෝදගන්නද දන්නෙ නැහැ අපේ අය මෙච්චරකල් බිඩේ ෂවර් පාවිච්චි කරලා තියෙන්නේ? (නි)
මත්ද්‍රව්‍ය සහ රන් නොහොබිනා තැන් වල සඟවාගෙන එන හින්දද කොහෙද? (නි)
මම සාමාන්‍යයෙන් කටුනායක වැසිකිලියට යන්නේ නෑ. ගිය නොවැම්බර් වල ලන්ඩන් ඉඳලා එද්දී ගියා මුත්‍රා කරන්න. ටොයිලට් එකේ නඩත්තුව අන්තිමයි. ෆ්ලෂ් බට්න් එක හරියට වැඩ කරන්නෙත් නෑ. පිරිසිදුත් නෑ. එතැන ඉන්න උනුත් ගානක් නැතුව ඉන්නවා. මං කස්ටමර් සපෝට් එකට ගිහින් ඇහුවා මේක එයාර්පෝට් එකක් නේද කියල (බ)
කටුනායක වැසිකිළි බිත්තිවල කුරුටු ගී, බිතුසිතුවම් වගේ දේවල් හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා ළඟදීම බලාගන්න පුළුවන් වේවි. විදේශ සංචාරකයන් සඳහා ඒවා ප්‍රදර්ශනය කළොත් සෑහෙන විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගන්නත් පුළුවන් වේවි (නි)
කටාර් වල ගුවන්තොට කොහොමද ලස්සන? ලංකාවේ එක දැක්කහම ආයෙත් කිසිම මිනිහෙක් එන්නෙ නැහැ (නි)
අදහස් දක්වන්නෝ තමන්ගේ පුරසාරම් දොඩවනවා මිස ප්‍රවෘත්තියට ගැළපෙන පිළිතුරක් දෙන්නේ නැතුවා වගේ (නි)
ජලය නැතුව මොනවා කරන්නද? කටුනායක ගුවන් තොටුපළේ කළමනාකරණය කරන්නේ ලාංකිකයෝද? නැත්නම් පිටසක්වල මිනිසුන්ද? (නි)
යුරෝපා රටවලත්, ඕස්ට්‍රේලියාව වැනි රටවලත් බිඩේ ෂවර්වත් නැහැ (නි)
අයියෝ! දැන් ඒ වැඩේටත් වැට බැඳලද? (නි)
ව්‍යාපාරික කටයුතු සඳහා නිතරම වාගේ පිටරට යන ලාංකිකයන් එහෙ ගිහින් ශරීරකෘත්‍ය කරන්නේ කොහොමද දන්නේ නැහැ (නි)
ගුවන් තොටුපළ අයිති ලංකාවට. හෑන්ඩ් ෂවර් නැවත සවි කළයුතුයි. ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ විදියට වියයුතුයි (නි)
ඉතා හොඳ, කාලෝචිත, බුද්ධිමත් තීරණයක් (නි)
හරි. දැන් කවුරුහරි ටිෂූ ටික හොරකම් කරගෙන ගියා, නැත්නම් ටිෂූ ටික ඕනෑකමින් ඉවරකළා කියමුකෝ. දැන් එතකොට ශරීර කෘත්‍යය කරන අයට මොකද වෙන්නෙ. (නි)
යහපාලනෙන් එ්කටත් වැඩේ දුන්නද? නිදහසේ කරන්න තිබුනේ එච්චරයි. එ්කත් ඉවරයි (නි)
මොහාන් පටළවාගෙන. ගුවන් යානාවල බිඩේ ගැන කතාකරන්නේ මොකද? අපි කතා කරන්නේ ගුවන් තොටුපලේ වැසිකිළියේ බිඩේ ගැන කියලා අමතක වෙලාද? ගුවන් යානාවේදී පසුපස හෝදාගන්න ක්‍රමයක් නැති නිසානේ තොටුපලේ වැසිකිළියේ එම පහසුකම් තියෙන්නේ. (නි)
වැසිකිළියක්වත් නඩත්තු කරන්න බැරිද අපේ රටේ අයට? (නි)
සරත් හරි. අපේ අය වැසිකිළි යන්න දන්නේ නැහැ. එතන නානවා. තව කෙනෙක් ගැන හිතන්නේ නැහැ. ටීවී රේඩියෝ වලින් මේ වගේ දේවල් ගැන අධ්‍යාපනයක් දිය හැකිය. අනික වැසිකිළි යාමෙන් පසු හරියට සබන් භාවිතා නොකොට අත සේදීම නිසා බොහෝ ලෙඩ රෝග ඇතිවෙනවා. විශේෂයෙන් බඩේ අමාරු. (නි)
ඔය දේ විතරක් නොවෙයි මේ රටේ මොනදේද හරියට තියෙන්නේ. ඔය ගුවන් තොටුපොළේ කැන්ටිමේ බඩු කොච්චර ගණන්ද? බඩගින්නට බත් එකක් කන්න පුලුවන්ද? විස්කෝතු එකක් කන්න පුලුවන්ද? අපි රට රස්සාවලට ගිහින් දහදුක් විඳලා කීයක්හරි හම්බ කරලා දෙනවා. මොනවද අපිට තියෙන සැළකිලි. (නි)
ඉතාම කාලෝචිත ක්‍රියාවක්. වැසිකිළි මඩ වලවල් වගේ. සමහරු නානවා. (නි)
අපරාදේ මම එනවා ලබන සතියේ. (නි)
නුසුදුසු අය වැසිකිළි පාවිච්චි කරන නිසා වෙන්න ඇති නේද? (නි)
මම කැමතිම ගුවන් තොටුපල සිංගප්පුරුව. හෝදන්න වතුර හිතේ හැටියට (නි)
කඩදාසියෙන් පිසදැම්මාට දුර්ගන්ධය යන්නෙ නැහැ කියලා බොහෝ අය දන්නෙ නැහැ වගේ පේන්නෙ (නි)
පියසිරි, ගුවන් යානයේ වතුර නැහැ කියන්නේ ඔය හදපු එහෙකද? අනේ අපි යන ඒවායේ හොඳට වතුර තියෙනවා. (නි)
කටාර් වල හමාඩ් ගුවන් තොටුපොළේ වැසිකිළි වල බිඩේ ෂවර් වලින් කකුල් අතපය සෝදන මගියෝ දැකලා තියෙනවද? එ්ත් කටුනායක බිඩේ ෂවර් තියෙන වැසිකිළියකට ගිහින් බලන්න. මුළු වැසිකිළියම බිම ගන්න දෙයක් නැහැ. මඩ කරලා. කොච්චර පිරිසිදු කළත් එහෙම තමා. මමත් ඇත්තටම වතුර නැති එකට කැමති නැහැ. එ්ත් අපේ රටේ මිනිස්සු මේවා පාවිච්චි කරන්න දන්නේ නැහැ. විදේශිකයෝ මේවට ගියාම ලංකාව ගැන හිතන්නේ සත්තු විතරක් ඉන්න රටක් විදියට. ඒ නිසා තමා මෙවැනි පියවරක් ගන්න සිද්ධවෙන්න ඇත්තේ. (නි)
ලීනා, මට සමාවෙන්න, මම දැනගෙන හිටියේ නැහැ ගුවන් තොටුපොළේ බිඩේ ෂවර් තියෙන්නේ ගුවන් යානයේදී ශරීර කෘත්‍ය කරගෙන පහලට ඇවිල්ලා හෝදගන්න කියලා. (ර)
ඇත්ත. සිංහල මිනිස්සු ගැනත් හිතන්න ඕනෑ (නි)
මොහාන් මහත්තයා, මම වැඩ කරන්නේ ලෝකේ ධනවත්ම රටේ තිබෙන එයාර් පොර්ට් එකේ , කටාර් හමාඩ් එයාර්පොර්ට් එකේ. එකෙත් බිඩේට් ෂවර් තිබෙනවා . නොදන්න දේවල් කතා කරන්න එපා. (ර)
මේ සුද්දාට හදාපු වැසිකිළි. කඩදාසියෙන් පිහිදාගෙන සුද්දා වගේ ගියාම ඉවරයි. (නි)
ප්ලේන් එකේ යනකොටත් වැසිකිළි ගිහිල්ලා හෝදන්නෙ වතුරෙන්ද? (නි)
බොහෝ ගුවන්තොටුපල වල වැසිකිලි සම්ප්‍රදායක ක්‍රමයට තියෙනවා වතුරත් එක්ක. ඔය එක ගුවන් තොටුපලක් දැක්ක අයට තමා ප්‍රශ්නේ. (ර)
මේ කියන අය වෙන රටවලට ගිහිල්ලත් හෝදන්න වතුර ඉල්ලනවද? (නි)
අර ඩියුටිෆ්‍රී ෂොප් එක ළඟ තියෙන කඩේ වතුර බෝතල් තියෙනවා. 3ක්වත් අරන් යන්න තමයි වෙන්නේ (නි)
ප්‍රශ්නයක් නැහැ. වැසිකිළි වල ටිෂූත් අයින් කරන්න. කෑම බීම වල බදු වැඩිවෙන තරමට ඉස්සරහට වැසිකිළි යන්න ඕනෑවෙන එකක් නැහැ (නි)
කඩදාසි පාවිච්චි කරන්න පුරුදුවෙන එක ඉතා සුදුසුයි. ඊටපසු සබන් පාවිච්චි කර අත සෝදාගන්න. ඉන්පසු විෂබීජ නාශකයක් පාවිච්චි කරන්න. ජලයත් ඉතුරුයි. ලෙඩත් නැතිවෙයි. අද කී දෙනෙක් සබන් යොදා අත සෝදනවද? (නි)
අම්මෝ මොනවට කතා කරනවද ඒ ගැන. දවසක් නෙමෙයි විනාඩි ගානක් ටොයිලට් එක පිරිසිදු කලේ නැත්තම් ඉවරයි. තව කෙනකුට යන්න බැහැ ඊටපස්සේ. මේක රටේ ප්‍රසිද්ධ හැමතැනකම එහෙමයි. විශේෂයෙන් රෝහල්වල. (ර)
මම දැනට රටවල් දොළහක ගිහින් තියනවා කිසිම රටක හැන් ෂවර් නැති ගුවන්තොටුපලවල්වත් හොටල්වත් හමුවූයේ නැහැ. යුරෝපයේ ගොඩක් රටවල් දැන් වැටිලා ලෝකය මුදල් තියෙන්නේ ආසියාවේ. යුරෝපයේ ටෝයිලට් හදන්නෙත් අසියානුවන්ට. (ර)
අපේ අය වැසිකිළි පාවිච්චි කරන්න දන්නේත් නැහැනේ (නි)
මිරිස් තුනපහ කන සිංහල අපිට වැසිකිළි යාමෙන් පසු හොඳට සෝදාගන්න ඕනෑ. (නි)
ඉතාම කනගටුදායක පුවතක්. ජලය අත්‍යවශය කරුණක්. (ර)
මින්පසු ඉතින් අපිත් ලොක්කෝ කියන විදියට එංගලන්තයේ ක්‍රමයට හැරෙමු. (නි)
මේ පුරුදු අපිට හුරු නැහැනේ (නි)
ඇත්ත නම් බිඩේට් ෂවර් නිසා වැසිකිලි ජරා වෙලා තියෙන්නේ. අඩියක් තියන්න බෑ, වාඩිවෙන්න තියා හිතන්න වත් බෑ. මම කියන්නේ වතුර පාවිච්චි කරන්න අවශ්‍ය අයට, කොමඩ් නැති ස්කොටින් පෝච්චි වැසිකිලි අමතරව හයි කරන්න කියලා. (ර)
අඩුම තරමේ මේ බලධාරීන් සිංගප්පුරුවේ ගුවන් තොටුපළටවත් ගිහින් නැද්ද? (නි)
කොළෙන් පිහිදැම්මහම අපිත් සුද්දා වගේ වෙයි කියලා හිතනවා ඇති. මීටවඩා කොච්චර දේවල් තියෙනවද ඔතන හදන්න (නි)
බෙනට් කියන එක හරි. අපේ අය සෝදා ගන්නවා නෙවයෙි නානවා. වැසිකිලිය හැමතැනම වතුර හලනවා. ඊට පසේසේ ගඳයි, අපිරිසිදුයි. ඔය කොමඩ් සංකල්පය අපේ රටේ පොදු වැසිකිලිවලට ගැලපෙන්නේ නැහැ. (ර)
අපොයි දෙවියනේ! (නි)
දැන් මොනවා කරන්නද, ලගේජ් එකත් එක්ක වතුර කෑන් එකක් අරගෙන යන්න වෙනවා. එහෙම නැත්නම් තද කරගෙන ඉන්න වෙනවා යානයට යනතුරු හරි, එළියට යනතුරුම හරි (නි)
වැසිකිලි ගියපසු අතපය හෝදාගන්න නෙමෙයි බිඩේ ෂවර් තියෙන්නේ. පසුපස හෝදාගන්නනේ. ඔය කියන මහත්තුරු ගුවන් යානය අැතුෙළේත් බිඩේ ෂවර් හොයනවද? මොන ගුවන් යානයේද බිඩේ ෂවර් තියෙන්නේ? මේක වැසිකිලි පිරිසිදුව තබාගන්න කළ ඉතා හොඳ දෙයක්. ලෝකේ කිසිම ගුවන් තොටුපලක බිඩේ ෂවර් නැහැ. (නි)