IMG-LOGO

කටුනායක වැනසූ නඩුව 15 වසරකට පසු විභාගයට

2001 ජනවාරි 24 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට කොටි ප්‍රහාරයක් එල්ල කර ගුවන් යානා 40ක් වැනසී යැයි කියන සිද්ධියේ නඩුව ජූලි 29 වැනිදා විභාගයට ගැනීමට අයිරාංගණී පෙරේරා කොළඹ මහාධිකරණ විනිසුරුවරිය දින නියම කළාය.

රත්නසිංහම් පුෂ්පකුමාරන් හෙවත් පොන්නදුරෙයි නිර්මල රංජන් හෙවත් මසූර්, වික්ටර් ඇල්ඩේ ඩොමිනික්, සුබ්‍රමනියම් නවරාජසිංහම්, නාගේන්ද්‍රන් නාගරත්නම් හා තනබාලසිංහම් ජයලක්ෂ්මී චෝදනා 311 ක් යටතේ මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.

ගුවන් භටයන් හත් දෙනකු මරා දමා 14 දෙනකුට තුවාල කළැයි ඔවුහු චෝදනා ලබා සිටිති.

බෙල් හෙලිකොප්ටර් අටක් මිග් හෙලිකොප්ටර් හතරක් කෆීර් ප්‍රහාරක යානා හයක් මිග් ප්‍රහාරක යානා තුනක් හා ගුවන් යානා පහකට අලාභ හානි කළැයි ඔවුහු චෝදනා ලබා සිටිති.

නඩු භාණ්ඩ 244කි. කොටින්ගෙන් අල්ලාගත් ටී56 අවි ආර්පීජී, ස්නයිපර් අවි හා ශබ්දය නොඇසෙන අවි, පිස්තෝල දෙකක් ද ඒ අතර වෙයි. සාක්කිකරුවන්ගේ ගණන 415කි.

3 33 Air-Lanka Airlanka2

 



අදහස් (0)

කටුනායක වැනසූ නඩුව 15 වසරකට පසු විභාගයට

අසංග Saturday, 25 June 2016 10:56 AM

මට නම් මේක විහිළුවක් වගේ.දඬුවම් දෙන්නේ කාටද? (නි)

:       0       0

ලලිත් Friday, 24 June 2016 11:05 PM

වෙච්ච පාඩුව මදිවට තවත් රටේ සල්ලි වියදම් කරන්නේ මොකටද නඩු අහන්න. සැඟවූ නඩු භාණ්ඩ පෙන්වන්න එක්ක යනවා මිසක්. (නි)

:       0       0

ඉසුරු Saturday, 25 June 2016 12:37 AM

වැරදිකරුවන්ට උපරිම දඬුවම් දියයුතුයි (නි)

:       0       0

අමරා Saturday, 25 June 2016 12:50 AM

අපේ සමහරුන්ට තවමත් ලැජ්ජා නැහැනේ. ඒකනේ ත්‍රස්තවාදයට ආවඩන්නේ (නි)

:       0       0

සුජීව Friday, 24 June 2016 10:46 AM

මෙතෙක්කල් මේ නඩුව ගෙනියන්න අර පපුවට ගහගෙන, මවුබිම සිපගෙන, වහසි බස් කියමින් රට පාලනය කළ දේශප්‍රේමි නායකයන්ට නොහැකිවීම පුදුම දනවන කරුණක්. බුද්ධිමත් නොවූ ජනතාව, තවමත් මේ මෝඩ රැල පසුපස යමින්, තමුන්ගේ වටිනා කාලය විනාශකිරීම රටට මහත් අවාසනාවක්. (නි)

:       0       0

රණසිංහ Saturday, 25 June 2016 03:38 AM

මරණීය දඬුවම දෙන්න (නි)

:       0       0

ජනිත් Friday, 24 June 2016 11:04 AM

මේ නඩුව වසර 15කට පස්සේ හරි විභාග කරන්න ගත්ත එක නම් වටිනවා (නි)

:       0       0

නිල්මිණි-ජපානය Sunday, 26 June 2016 05:55 AM

මේ ගුවන් යානා වලට රක්ෂණ වන්දි ලබා ගැනීමට අපොහොසත් වුණේ ඇයි කියන එකත් ඔහොමම විභාග කරලා දඬුවම් දුන්නා නම් වැඩිය හොඳයි. (නි)

:       0       0

රුවන් Saturday, 25 June 2016 04:34 AM

කොච්චර පාඩුවක්ද කරලා තියෙන්නේ. (ර)

:       0       0

සුසන්ත Sunday, 26 June 2016 06:17 AM

අපේ බුද්ධිමත් මිතුරා සුජීවට කියන්න තියෙන්නේ, ඔයා ඔය කියන දේශප්‍රේමී නායකයා කරන්න තියෙන දේ කරලා තියෙන්නේ. අායෙත් ප්‍රායෝගික නොවන මේ වගේ සංදර්ශන වැඩ කරලා වැඩක් නැහැ. නායකයාට නොව පපුවට ගහගන්න වෙන්නේ අපිටමයි, ඔයා ඔය කියන නායකයා වසර 30 පැවති යුද්ධය නිමකරලා රටට සාමය ලබානොදුන්නා නම්. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 26 June 2016 06:41 AM

එතකොට මේවා ත්‍රස්ත ක්‍රියා වෙන්න නැතුව ඇති. ඔය ජිනීවාවල මානවහිමිකම් පිළිබද කතා කරන එවුන් මෙවැනි සහාසික ක්‍රියාවලට මොන නම්වලින් හදුන්වනවද නොදනිමි. (බ)

:       0       0

ජයසිරි Friday, 24 June 2016 12:56 PM

අවුරුදු 15 කට පස්සේද මේක අහන්න ගත්තේ? තේරෙන්නේ නැති හින්දයි අහන්නේ. ඇයි මේක අමතක වෙලාවත් තිබුනද? (නි)

:       0       0

ඉන්දික Friday, 24 June 2016 01:00 PM

බොහොම හොඳ වැඩක්. කොටි විසින් කළ අනික් අපරාධත් මේ අයුරින් සොයාබලා වැරදි කරපු අයට දඬුවම් කළා නම් ජාත්‍යන්තරෙත් ඇස් ඇරේවි (නි)

:       0       0

කරුණාසේන Friday, 24 June 2016 01:36 PM

ඔබේත් මග්‍ෙත් ආර්ථිකයට කළ හානිය ව‍ෙනුව‍ෙන් සියළු ද‍ෙනාටම මරණීය දණ්ඩනය හා්‍ෙ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වියයුතුයි. (නි)

:       0       0

සත්‍යයා Friday, 24 June 2016 02:11 PM

අධිකරණය ඉදිරියේ මොවුන් වැරදිකරුවන් කර ඔවුන්ට මරණ දණ්ඩනය නියම කර, මේ වූ අලාභය එල්.ටී.ටී ඊ එකට උඩගෙඩි දුන් දෙමළ ඩයස්පෝරාවෙන් අයකර ගැනීමට, අපට දැන් සළකනවා යැයි කියන බටහිර රටවලින් ආධාර ලබාගත යුතුයැයි සිතමි (නි)

:       0       0

රෝහණ Saturday, 25 June 2016 09:16 AM

ලලිත් ඔබේ කථාව නම් හරියටම හරි. මමත් එය අනුමත කරනවා. (ර)

:       0       0

විපුල Saturday, 25 June 2016 10:01 AM

ජනපති මරන්න අා කෙනාට නිදහස දුන්නා වගේ මේ අයටත් නිදහස ලැබුනොත් මොකද වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site