2001 ජනවාරි 24 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට කොටි ප්‍රහාරයක් එල්ල කර ගුවන් යානා 40ක් වැනසී යැයි කියන සිද්ධියේ නඩුව ජූලි 29 වැනිදා විභාගයට ගැනීමට අයිරාංගණී පෙරේරා කොළඹ මහාධිකරණ විනිසුරුවරිය දින නියම කළාය.
රත්නසිංහම් පුෂ්පකුමාරන් හෙවත් පොන්නදුරෙයි නිර්මල රංජන් හෙවත් මසූර්, වික්ටර් ඇල්ඩේ ඩොමිනික්, සුබ්‍රමනියම් නවරාජසිංහම්, නාගේන්ද්‍රන් නාගරත්නම් හා තනබාලසිංහම් ජයලක්ෂ්මී චෝදනා 311 ක් යටතේ මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.
ගුවන් භටයන් හත් දෙනකු මරා දමා 14 දෙනකුට තුවාල කළැයි ඔවුහු චෝදනා ලබා සිටිති.
බෙල් හෙලිකොප්ටර් අටක් මිග් හෙලිකොප්ටර් හතරක් කෆීර් ප්‍රහාරක යානා හයක් මිග් ප්‍රහාරක යානා තුනක් හා ගුවන් යානා පහකට අලාභ හානි කළැයි ඔවුහු චෝදනා ලබා සිටිති.
නඩු භාණ්ඩ 244කි. කොටින්ගෙන් අල්ලාගත් ටී56 අවි ආර්පීජී, ස්නයිපර් අවි හා ශබ්දය නොඇසෙන අවි, පිස්තෝල දෙකක් ද ඒ අතර වෙයි. සාක්කිකරුවන්ගේ ගණන 415කි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේක විහිළුවක් වගේ.දඬුවම් දෙන්නේ කාටද? (නි)
වෙච්ච පාඩුව මදිවට තවත් රටේ සල්ලි වියදම් කරන්නේ මොකටද නඩු අහන්න. සැඟවූ නඩු භාණ්ඩ පෙන්වන්න එක්ක යනවා මිසක්. (නි)
වැරදිකරුවන්ට උපරිම දඬුවම් දියයුතුයි (නි)
අපේ සමහරුන්ට තවමත් ලැජ්ජා නැහැනේ. ඒකනේ ත්‍රස්තවාදයට ආවඩන්නේ (නි)
මෙතෙක්කල් මේ නඩුව ගෙනියන්න අර පපුවට ගහගෙන, මවුබිම සිපගෙන, වහසි බස් කියමින් රට පාලනය කළ දේශප්‍රේමි නායකයන්ට නොහැකිවීම පුදුම දනවන කරුණක්. බුද්ධිමත් නොවූ ජනතාව, තවමත් මේ මෝඩ රැල පසුපස යමින්, තමුන්ගේ වටිනා කාලය විනාශකිරීම රටට මහත් අවාසනාවක්. (නි)
මරණීය දඬුවම දෙන්න (නි)
මේ නඩුව වසර 15කට පස්සේ හරි විභාග කරන්න ගත්ත එක නම් වටිනවා (නි)
මේ ගුවන් යානා වලට රක්ෂණ වන්දි ලබා ගැනීමට අපොහොසත් වුණේ ඇයි කියන එකත් ඔහොමම විභාග කරලා දඬුවම් දුන්නා නම් වැඩිය හොඳයි. (නි)
කොච්චර පාඩුවක්ද කරලා තියෙන්නේ. (ර)
අපේ බුද්ධිමත් මිතුරා සුජීවට කියන්න තියෙන්නේ, ඔයා ඔය කියන දේශප්‍රේමී නායකයා කරන්න තියෙන දේ කරලා තියෙන්නේ. අායෙත් ප්‍රායෝගික නොවන මේ වගේ සංදර්ශන වැඩ කරලා වැඩක් නැහැ. නායකයාට නොව පපුවට ගහගන්න වෙන්නේ අපිටමයි, ඔයා ඔය කියන නායකයා වසර 30 පැවති යුද්ධය නිමකරලා රටට සාමය ලබානොදුන්නා නම්. (නි)
එතකොට මේවා ත්‍රස්ත ක්‍රියා වෙන්න නැතුව ඇති. ඔය ජිනීවාවල මානවහිමිකම් පිළිබද කතා කරන එවුන් මෙවැනි සහාසික ක්‍රියාවලට මොන නම්වලින් හදුන්වනවද නොදනිමි. (බ)
අවුරුදු 15 කට පස්සේද මේක අහන්න ගත්තේ? තේරෙන්නේ නැති හින්දයි අහන්නේ. ඇයි මේක අමතක වෙලාවත් තිබුනද? (නි)
බොහොම හොඳ වැඩක්. කොටි විසින් කළ අනික් අපරාධත් මේ අයුරින් සොයාබලා වැරදි කරපු අයට දඬුවම් කළා නම් ජාත්‍යන්තරෙත් ඇස් ඇරේවි (නි)
ඔබේත් මග්‍ෙත් ආර්ථිකයට කළ හානිය වෙනුවෙන් සියළු දෙනාටම මරණීය දණ්ඩනය හා්‍ෙ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වියයුතුයි. (නි)
අධිකරණය ඉදිරියේ මොවුන් වැරදිකරුවන් කර ඔවුන්ට මරණ දණ්ඩනය නියම කර, මේ වූ අලාභය එල්.ටී.ටී ඊ එකට උඩගෙඩි දුන් දෙමළ ඩයස්පෝරාවෙන් අයකර ගැනීමට, අපට දැන් සළකනවා යැයි කියන බටහිර රටවලින් ආධාර ලබාගත යුතුයැයි සිතමි (නි)
ලලිත් ඔබේ කථාව නම් හරියටම හරි. මමත් එය අනුමත කරනවා. (ර)
ජනපති මරන්න අා කෙනාට නිදහස දුන්නා වගේ මේ අයටත් නිදහස ලැබුනොත් මොකද වෙන්නේ. (නි)