කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් සහ සංවර්ධනය කරලීමේ දෙවැනි අදියර ඇතුළත් ව්‍යාපෘතිය සඳහා අවන ගිවිසුමට ජපානයේ තෝකියෝ අගනුවර දී ජපාන අග්‍රමාත්‍ය ෂින්සෝ අබේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහත්වරු අත්සන් කළහ.
කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කැර සංවර්ධනය සඳහා ජපාන රජය යෙන් බිලියන 45ක් (රුපියල් කෝටි 5400ක්) වැය කිරීමට අපේක්ෂිතය.
ශ්‍රී ලංකාවේ නැගී සිටීම් මෙන්ම කඩා වැටීම් හමුවේ ද, අර්බුදකාරී අවස්ථාවන් හි දී ද, ජපානය සැබෑ මිතුරකු ලෙස සහය දැක්වූ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඓතිහාසික සබඳතා තව තවත් ශක්තිමත්ව හා නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ඉවහල් වූ බව ය.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ අයෝජන ප්‍රවර්ධනය, ජාතික සංවර්ධනය, සාමය ගොඩ නැංවීම, ජාතික සංහිඳියාව යන ක්ෂේත්‍ර තුන සඳහා ජපානය විශේෂ සහයක් දෙන බව ද ෂෙන්සෝ අබේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුරන්දි ඔයාට වැරදිලා ඉන්දියා වේ සමහර ගුවන් තොටවල්,පකිස්තානයේ, බංගලිදේශයේ ගුවන් තොටවල්,ආගමන විගමන නිලදාරීන් සහ අනිකුත් නිලදාරීන් ඒ වගේම පිරිසිදු කම අතින් ලංකාවේ ගුවන් තොටුපොළ ඉහළින් ඉන්න බව මම කියනවා. බටහිර රටවල් ඇරුනම ලංකාවේ ගුවන්තොටු පළ හොඳටම හොඳයි. (බ)
රුපියල් කෝටි 5400 න් කීයකට කොමිස් කයිද ? රුපියල් කෝටි 1000ක් වගේ ගානකට පොඩි ගොඩනැගිල්ලක් හදාවි. (බ)
හොඳ ආරංචියක්. රනිල් අගමැතිතුමා අපේ පිනට උපන් කෙනෙක් (නි)
රනිල් මැතිදුනි ඔබ පිරිසිදු නායකයකු බව ලොව පිලි ගෙන හමාරයි. මිස්ට ක්ලින් යනු ඔබයි. (ර)
කිසි තේරුමක් නැතුව හදපු මත්තල වෙනුවට කටුනායක දියුණු කරලා, ඊට අමතරව අඩු පිරිවැය ගුවන් සේවා සඳහා පමණක් රත්මලාන වැඩි දියුණු කළා නම් මේ සල්ලි වලින් රටට තව මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න තිබ්බා. (ර)
ශ්‍රී ලංකාවේ පිරිසිදු දේශපාලනයේ සංකේතය ඔබයි රනිල් මැතිඳුනි (නි)
ඉසුරන්දි ඉතින් කොයිවෙලෙත් එහාට මෙහාට යන්නේ කටුනායක ගුවන් තොටුපොළ හරහානේ. ඒකයි එයා එහෙම කියලා තියෙන්නේ (නි)
නුදුරු අනාගතේ ඔබගේ පිළිම ශ්‍රී ලංකාවේ තනනු ඇති. (ර)
ෂා නියමයි.සාර්ථක වේවා..!ඔය සෑම් වගේ මනුස්සයෝ ටික දෙනෙක් තාම ඉන්නවා.දූෂණයෙන් තොරව රට දියුණු වෙනකොට, සමහරවිට සෑම් වගේ අයගෙත් සිත් දියුණුවේවී. (නි)
එතකොට මහින්ද මහත්තය එක්ක මුල්ගල් තියල වැඩ පටන් ගත්තනේ .එක යට ගහල වෙන අටමගලයක් අටවන්නද යන්නේ ?මේවා ජනතාව රවට්ටන වැඩ .මහින්දගේ වැඩ රනිල් එයාගේ නමින් කොරන්නයි යන්නේ .කමක් නැහැ .ඉක්මනට හදල ඉවර කොරන එකයි ඇත්තේ .අර කටුනායක අධිවේගේ හදන්න ගත්ත ණයෙන් මේ අය කළේ සැලසුම් හදන එක විතරනේ.අන්න එහෙම වෙන්න දෙන්න එපා .නැතිනම් මහින්දව ආයේ ගෙනෙන්න වෙයි බලයට (බ)
දකින තුන්-කල්-අගමැති-රනිල්. (ස)
නම දාගන්න අලුත් ඒවා හදන්න එපා, තියන ඒවා අලුත් කරන්න. (ර)
මේක පසුගිය රජයෙන් පටන්ගත් ව්‍යාපෘතියක් (බ)
සෑම් හරි මෝඩ පාටයි..(බ)
සුබ ආරංචියක්! (නි)
මේක ණය මුදලක්ද.? ආධාරද.? (ර)
මම අපු ගුවන් යානය මත්තල හරහා යනවා කියල දැන ගත්තු වෙලේ මගේ පුදුම බියක් දැනුන.මොනරෙක් වැදිලා මම මැරුණත්,මගේ සියලුම දේපල දරුවන් අතරේ බෙදල දෙන විදිහ මම එවෙලේ මගේ ගෙදරට දැන්නුව.අඩු මිලට ගුවන් පත ගත්තු මෝඩ කම කියල හිතුන.මත්තල කියන්නේ පට්ටම කාලයක හදපු ගුවන් තොටුපොළක්.මම ගිය ගුවන් යානය හැරුනුකොට නතර කරලා තිබුනේ "රෝටාන ජෙට්" එක ගුවන් යානයක් පමණයි.කිසිම මගියෙක් ගන්නෙත් නැතිව,කිසිම මගියෙක් බහින්නේත් නැතිව මත්තල ගියේ මත්තල යන එන ගුවන් වාර ගණන සලකුණු කරන්න පමණයි.පට්ට කැලයක හදන්න දායක වුනු සියලුම දෙන මේ වගකීම ගන්න ඕනේ.මේවා ජාතික අපරාද.කොමිස් ගහපු අවුන් පැත්තක.අසරණ අපිද දන්ගෙඩියට දක්කන්න යන්නේ? (බ)
සිල්වියා.මත්තල කියන්නේ කොහෙද කියල මම දුටුවා. නුවනක්කරය පා නොතබන තැන මෝඩයෝ පිනුම් ගහනවලු. මැරෙන්න බිය නැති මෝඩයෝ නම් මත්තලින් යාවි. (බ)
බෙනට් ඔබ හරියටම හරි. (බ)
මම නම් කියන්නේ මත්තල පාවිචිකරන්න . ඔය සල්ලි රටේ වෙන සංවර්ධන වැඩකට යොදන්න . මොකද මත්තල දැන් අංගසම්පුර්ණ ගුවන් තොටුපලක් . සල්ලිත් ඉතුරුයි , කාලෙත් ඉතුරුයි (බ)
මේ ණය ගෙවන්න සල්ලි එකතු කරන විදිහ. ගැසට් එකෙන් ජපන් වාහනවල මිල වැඩි කරලා (බ)
ලොකු දෙයක්. මමත් නිතර යන එන කෙනෙක් හැටියට අනෙක් ගුවන් තොටුපොළවල් එක්ක සසඳද්දී අපේ ගුවන්තොට (පර්යන්තය) දියුණු තත්ත්වයක නැහැ (නි)
චීනයට වඩා ජපානය ඉතා හොඳ රටක්. ඔවුන් සංස්කෘතික වශයෙන් බොහෝ වෙනස්. චීනුන් බොහෝ විට කුහක යටි අරමුණු ඇති වංක ජාතියක්. (නි)
ෂා නියමයිනේ.(හේ)
අපිටත් ඕනෑ සංවර්ධනය තමා.අපිත් ආසයි අපේ රට පිටරටවල් වගේ තියනවට (නි)
අමල් ණයම තමයි ඉල්ලන්නේ ඇයි පරණ පුරුද්දට නේද ? (බ)
රනිල් මැතිදුනි ඔබ තමඉ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගැලවුම්කරු ඔබට ජයවේවා රටට ජය .!! (ම)!
රනිල් යනු ලෝක පුජිත නායකයෙක් ජය හා සතුට මගේ රටට. (ර)
ජපානය මිත්‍රශීලි රටක්. ජේ. ආර්. ජයවර්ධන නාමයට ගරු කරන ජාතියක්. අගමැතිතුමාගේ දුරදර්ශි වැඩපිළිවෙලට සහයෝගය දැක්වීම අපේ වාසනාවක්. (ර)