IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කටුනායක නත්තල් තෑග්ග ‘‘චෙරි‘‘ කාරයක්

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගම වාර්ෂිකව පවත්වන  නත්තල් වෙළඳ සැණකෙළිය  මෙවරද 2014/2015  වර්ෂය සඳහා  නිල වශයෙන් ආරම්භ කළ බව  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේද මාවතේ පැවති උත්සවයදී අද දහවල් නිවේදනය කළේය.

 ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම  2010 දෙසැම්බර් මාසයේ පළමු වරට ආරම්භ කර ඇති වාර්ෂික නත්තල් වෙළඳ සැණකෙළිය මෙවර පැවැත්වෙන්නේ   පස්වන වරටය. 

මෙවර නව මුහුණුවරකින් පැවැත්වෙන නත්තල වෙළඳ සැණකෙළියේ ජයග්‍රහණයන් උරගා බැලීමට මෙරට ප්‍රධාන ගුවන් දොරටුව වන  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ  හරහා මෙරටට පැමිණෙන හා මෙරටින් පිටවන ගුවන් මගීන් හට මෙන්ම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන් තොටුපොළ භාවිතා කරන ගුවන් මගීන්ටද අවස්ථාව ලබා දී ඇත.

ගුවන්තොටුපොළෙහි පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්තයන්හි  තීරු බදු රහිත අලෙවිසැල් සමඟ ඇතිකරගත් සහයෝගිතාවයෙන්  මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වේ. 2014  දෙසැම්බර් 01 ආරම්භ වු  මෙම නත්තල් වෙළඳ  සැණකෙළිය සංචාරකයින්ට ආකර්ෂණීය තෑගි පිරිනමමින් 2015 ජනවාරි 31 තෙක් පුරා මාස දෙකක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ගුවන් තොටුපොළවල් දෙකෙහිම ඇතුලත්වීමේ පර්යන්තයන්හි  හෝ පිටත්වීමේ පර්යන්තයන්හි  තීරුබදු රහිත අලෙවි සැලකින් අමෙරිකානු ඩොලර් 10 හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් මිලදී ගැනීමක් කරනු ලබන සෑම ගුවන් මගියෙක්ම මෙම මහා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබති.

මෙහි ප්‍රථම ත්‍යාගලාභියාට අයිඩියල් චෙරි ඔටෝ මෝබයිල්ස් පුද්ගලික සමාගම  විසින් පිරිනැමෙන නවතම චෙරි ජේ3  වර්ගයේ මොටර් රථයක් හිමිවන අතර ඊලග ජයග්‍රාහකයන් සිව් දෙනෙකුට මුදලින්  රුපියල් ලක්ෂ පහක්, රුපියල් දෙලක්ෂ පනස් දහසක්, රුපියල් එක් ලක්ෂ පනස් දහසක් සහ රුපියල් ලක්ෂයක්  ත්‍යාග වශයෙන් පිරිනමනු ලැබේ.

තවත් වාසනාවන්ත  ජයග්‍රාහකයින් පස් දෙනෙකුට සිංගර් ශ්‍රී ලංකා ඩියුටි ෆ්‍රී ආයතනයෙන් සිංගර් ලැප්ටොප් පරිඝණකයක්, අබාන්ස් ඩියුටි ෆ්‍රී ආයතනයෙන් එල්.ජී දොර දෙකේ ශීතකරණයක්, සොෆ්ට් ලොජිස්ටි ඩියුටි ෆ්‍රී ආයතනයෙන්  ස්ව්‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක්,  සිංහගිරි ඩියුටි ෆ්‍රී ආයතනයෙන් අගල් 40 සැම්සුන්ග් එල්.ඊ.ඩී රූපවාහිණී යන්ත්‍රයක්, මෝරිච්  ට්‍රෙිඩින් ඩියුටි ෆ්‍රී ආයතනයෙන් ඇරිස්ටන් ලිප් 5 උදුනක් ආදී වශයෙන් වටිනා ත්‍යාග පිරිනැමීමට නියමිතය.

පිටත්වීමේ  පර්යන්තය තුලදී ඇමරිකානු ඩොලර් 50 ට වැඩි වටිනාකමින් යුත් සෑම මිලදී ගැනීමක් සඳහාම ‘ගෘහස්ථ ගොල්ෆ්‘  ක්‍රීඩාවක් මගින්  දිනපතා ක්ෂණික ත්‍යාග සඳහා  දිනුම් අවස්ථා ලබා ගැනීමටද ඉඩ සලස්වා ඇත.

මෙම උත්සව සමයේදී තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් ඇමරිකානු ඩොලර් 10 හෝ ඊට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ මිලදී ගෙන ගුවන්තොටුපොළ නත්තල් වෙළඳ සැණකෙළියේ වාසනාවන්ත ජයග්‍රාහකයෙකු වන්නට සියලූම ගුවන් මගීන්ට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම ආරාදනා කර සිටී.

අද පැවති උත්සවයට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති කර්නල් ප්‍රසන්න වික්‍රමසුරිය, විධායක අධ්‍යක්ෂක යොහාන් ජයරත්න,  ගුවන් තොටුපොළ කළමනාකාරී එච්.එස් හෙට්ටිආරච්චි, අළෙවි ප්‍රධානී රොහාන් මනුකුලසුරිය මහතා ඇතුළු එහි අළෙවි ප්‍රවර්ධන අංශයේ නිලධාරීන්ද, අයිඩියල් චෙරි ඔටෝ මොබයිල් ආයතනයේ නියෝජ්‍ය සභාපති අරවින්ද සිල්වා, නේෂන් ට්‍රස්ට් බැංකුව වෙනුවෙන්  ජෙරොම් පෙරේරා, ඩයලොග් සමාගම වෙනුවෙන් හර්ෂ සමරනායක හා අමාලි නානායක්කාර, තීරු බදු රහිත සාප්පු හිමියන්ගේ  සංගමයේ සභාපති  නිමේෂ් උදේෂි  යන මහත්වරුන් ඇතුළු තීරු බදු රහිත සාප්පු හිමියෝ රැසක් සහභාගී වුහ.

2  4 5 DSCF2491 DSCF2501 DSCF2502  DSCF2517 DSCF2520 DSCF2527 DSCF2531 DSCF2533 DSCF2554  

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

කටුනායක නත්තල් තෑග්ග ‘‘චෙරි‘‘ කාරයක්

අයේෂා Saturday, 06 December 2014 12:07 PM

පාඩුයි කියලා නේද කියන්නේ (දී)

:       0       0

නලින් Friday, 05 December 2014 04:33 PM

අපේ ගුවන් සේවාවල් මිලියන ගණන් පාඩුයි නේද? මේ විකාර නොකර එක ගොඩ ගන්න බැලුවොත් නරකද? (දී)

:       0       0

ඕෂධ Saturday, 06 December 2014 05:47 AM

සංචාරක ආකර්ශණය ඇද ගන්න මේ දේවල් කරනව කියල වත් හිතමු ඉතින්. තව සති දෙකකින් මමත් ලංකාවට එනවනේ. මටම ඇදෙයි ද දන්නේ නෑ. (නදී)

:       0       0

පෙරේරා Saturday, 06 December 2014 06:25 AM

ඔය කාර් නිකන් දෙනවා මිසක් කවුද සල්ලි දීලා ගන්නේ?(හේ)

:       0       0

චන්දිම Saturday, 06 December 2014 07:54 AM

ගුවන් තොටුපල පත්වෙලා තියන තත්වය දැන් පේනවා. ඉස්සර දුන්නේ බී.එම්.ඩබ්ලිව් (නදී)

:       0       0

සිල්වා Saturday, 06 December 2014 05:05 PM

මේවසර තුල පමණක් රුපියල් කොටි 2800 පාඩුයි බොරු විකාර නවත්තල මනා කළමණා කරිවයකින් ආයතනය ගොඩගන්න. (දී)

:       0       0

මාලින්ද Friday, 05 December 2014 03:32 PM

ගුවන් තොටුපොළේ පහු ගිය දවස් වල පැවැති අඳුරු වලාවන් දුරුවී නත්තල් සාමය උදා වේවා! (නදී)

:       0       0

සුරංග Friday, 05 December 2014 03:39 PM

කාට මේක ලැබෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site