කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුමට ජපානයේ තෝකියෝ අගනුවර දී අඟහරුවාදා (6) අත්සන් කිරීමට නියමිතය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පස්දින ජපාන නිල සංචාරයේ වැදගත් පියවරක් ලෙස මේ ගිවිසුම අත්සන් කෙරෙන්නේ ජපන් රජය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතරය.
ගුවන්තොටුපළෙහි දෙවැනි අදියරේ සංවර්ධන කටයුතු මුළුමනින්ම ජපන් රජය විසින් බාරගෙන සම්පූර්ණ කිරීමට නියමිත අතර ඒ සඳහා ජපානයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඍජු දායකත්වය සපයයි.
ශ්‍රී ලංකා අගමැති වික්‍රමසිංහ, ජපාන අගමැති ෂිංසෝ අබේ යන මහත්වරු ඉදිරියේ මුදල් ඇමැති රවී කරුණානායක, තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු සහ ශ්‍රී ලංකා ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයන් ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුඟක් අය මැරිලා ඉපදිලා වගේනේ. 2003 දී තමයි රනිල් මහත්තයා ඔය වැඩේ පටන්ගන්න හැදුවේ. කෝ ඉතින් එදා කකුලෙන් ඇද්දනේ සමහරු. (නි)
ජපන්නු වැඩක් බාරගත්තා කියන්නේ ඉතින් ආයෙත් අහන්න බලන්න දෙයක් නැහැ. මොකද බාල විදියට, පගාවට වැඩකරන ජාතියක් නෙමෙයි ජපන්නු කියන්නේ (නි)
මෙයට දාන්න "කොළඹ ගුවන් තොටුපළ" කියලා. පිටරට වල මිනිසුන්ට දැන් තියෙන නම කියන්න අමාරුයි. දෙවන අදියර ජපානයට ඉදිකිරීමට ලබාදීම ඉතාමත් හොඳයි (නි)
මිනිස්සු ගොන්නු බවට පත් කරන් මේ මිනිස්සු කියන මෙවෑනි අද බාල කතා කොතරම් ඉවසන්නද…..එහෙයියන් නෑති රටක එහෙයියන් රෑසක් තනා ගන්නේ පෑවෑත්මට මිස වෙන මක්කටද මෙවන් විහිළු විකාර කාරයන් රටක් කරවන කල අපිට යන කල දවස කිම….අහෝ ලක් මෑණියනි….ඔබේ හෙට දවස අනතුරේ……එහෙත් අපි අන්ධයන් ගොලුවන්….බිහිරන් සේ බලා සිටින්නෙමු….මන්ද..අප අපේම ආරක්ෂාව තහවුරු කර ගත යුතු නිසා…..(බ)
සුබ ආරංචියක් (නි)
මත්තලටත් විසදුමක් සොයන්න (අ)
මතක නැද්ද මහින්ද මහත්තයත් දෙවන අදියරේ වැඩ ආරම්භ කළා ජපාන අගමැති ආපු වෙලාවේ..(ම)
හරිම හොඳ දෙයක්. සුබ පැතුම්! (නි)
අහන්නත් සතුටුයි (නි)
මේවට තමයි මල්ලි සුපිරි මොළ කියන්නේ (නි)
වැරදියට ගන්න එපා.. මහින්දගේ කලේ ජපන් අගමැති ඇවිත් පටන් ගත්තෙත් ඕකමද? (අ)
ජපානයත් එක්ක වැඩකිරීමට ලැබීම ගැන අප රට හරිම වාසනාවන්තයි.හොර, බොරු,කොමිස් ගැසීම් අයින් කරලා උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලා සිටිමි. (නි)
මේක තමයි මුලින්ම කරන්න තිබුනේ අලුත් ගුවන් තොටුපොළවල් කැලේ හදනවට වඩා. (බ)
ක්‍රමවත් බවකින් ගුවන්තොටුපළ දියුණුවීම නම් ඉතා හොඳ දෙයක්. එ්ත් සේවයේ ගුණාත්මක බව නම් කණගාටු දායකයි. චෙකින් කවුන්ටරය අසල දී පෝලිමේ සිටින මගීන්ව, පොටර් වරුන් ගේද, ටිකට් පත් පරික්ෂා වට ලක්වෙන අවස්ථා තියෙනවා.විමසුම් බව සහ සේවය ඉතා ඉහලින් තිබිය යුතු තැනක් තමයි ගුවන් තොටුපල. එහෙම නේද! (බ)
චීන නිශ්පාදනවලට වැඩියේ ජපන් නිෂ්පාදන ප්‍රමිතියෙන් ඉහලය,(අ)
මේක අලුත් දෙයක් නොවේ . ජපන් අගමැතිතුමා ලංකාවට ඇවිල්ල මහින්ද ජනාදිපතිතුමා ඉන්න කලේ කටුනායක දෙවෙන අදියරට මුල්ගල තියල පටන් ගන්න අවශ්‍ය දේවල් කරලා තිබ්බේ. (අ)
ජපාන කළොත් සුපිරි තමා. (අ)
රනිල් මහතාණනි, මේ කරදර මැද්දේ ඔබ නිශ්ශබ්දව රටට කරන මෙහෙය නිශ්ශබ්දව අපි අගය කරනවා. ඔබට සදා ජය...! (අ)
කලින් කළේත් ජපානයම තමා (අ)
නුවන් කොහොමද එච්චර විශ්වාසයකින් කියන්නේ? (නි)
ජපන් රජය සමග මෙම ගිවිසුම ඇතිකර ගැනීම ඉතාම ප්‍රඥාවන්ත ක්‍රියාවක් ලෙස තමයි මා නම් දකින්නේ. එමනිසා ව්‍යාපෘතියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බව සහතිකයි. හැබැයි මහත්වරුනේ, ව්‍යාපෘතිය අතරතුර හෝ අර ගුවන් මඟින් භාණ්ඩ ප්‍රවාහනයට හෝ වෙනත් කටයුත්තකට පමණක් සුදුසු මත්තල තොටුපොළට නම් ගුවන් මඟීන්ව ගොඩ බස්සවන්න හිතන්නවත් එපා. (නි)
කුහක වෙන්න එපා, සතුටු වෙන්න. අනික ඕක ජපානයෙන් කරන එක හොඳයි,චීනයේ වැඩට වඩා (නි)