කටුනායක අන්තර්ජාතික ගුවන්තොටේ 4000ක් පමණ සේවකයෝ අද උදේ වර්ජනයක් ඇරැඹූහ. ඉල්ලීම් පහක් මුල් කරගෙන ඔවුහු මේ වර්ජනය ගෙන යති.
ගුවන් තොටුපොළේ සියලු කටයුතු ඇන හිට ඇත.
අද උදේ 10.03ට විදුලිය විසන්ධි වූ අතර 10.45 පමණ සේවකයෝ විදුලි ජනන යන්ත්‍ර ඇති පෙදෙස්හි බලය සියතට ගෙන විදුලිය විසන්ධි කර දැමූහ.
මින් මොහොතකට පෙර ගුවන්තොටේ දුරකතන ද ක්‍රියා විරහිත විය.
රුපියල් දස දහසක දීමනාවක්, වෛද්‍ය රක්ෂණයක්, 4%ක ආපදා ණය, පිය පුතු පදනම මත රැකියා, ආරක්ෂක අංශය ප්‍රධානියා ගැන පරීක්ෂණයක් අරඹීම ඇතුළු ඉල්ලීම් පහක් මත ඔවුහු මේ වර්ජනය කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකරන ජනතවගේ පැත්තෙන් මේක අසාධාරණ ක්‍රියාවක් නොවේ.වර්ජකයින්ට මගේ සහයෝගය.....! මේ කාලයේ ගත් දෙයකින් තමයි ජනතාව ජයගන්නේ. (නි)
මේකට නම් දඬුවමක් දෙන්නම වෙනවා (නි)
වර්ජනයට සහභාගි වූ සියලුම සේවකයින්ට දැඩි දඬුවම් පැමිණවීම කළයුතුමයි. ඉල්ලීම් වෙනයි.සේවාව වෙනයි. (නි)
වර්ජන දිනන්න පුළුවන් ආර්ථික මරමස්ථාන වල වැඩ කරන අයට පමණයි,අපි අපේ වැඩ කිරීමේ වේගය අඩු කරමු. එතකොටවත් පඩි වැඩි කරයි ද. ඇඟලුම්, හෝටල් වැනි සේවකයින්ට හුලන් තමා. (හේ)
එතකොට මේ වර්ජනය නිසා වූ පාඩුව ඔය වර්ජනය කළ ඇත්තන්ගෙන් අයකර ගන්නවද? (නි)
මේවායින් රටටම තමයි පාඩුවෙන්නේ (නි)
රටේ අහිංසක මිනිස්සු නේද මේ දේවල් වලට අන්තිමේදී වන්දි ගෙවන්නේ? (නි)
මේ ප්‍රතිලාභ ඉක්මනින් මේ අයට ලැබුනේ, නැත්තම් ජාත්‍යන්තරයේ පවා අපේ රටේ නම කැත වෙන නිසයි.(හේ)
මේ දේ නිසා කීයක් පඩුද?(හේ)
මම නම් මේ ගැන මුකුත් දන්නේ නෑ.(හේ)
පැය දෙකක්වත් ගියේ නෑ ඉල්ලීම් දිනුම්.(හේ)
මෙවැනි ත්‍රස්ත වාදී වැඩ ගුවන් ජාත්‍යන්තර තොටුපලක සිදු නොවිය යුතුයි. විදුලිය ඇනහිටීම ගුවන්තොටුපලට එන යන යානා වලට පමණක් නොව රට හරහා පියාසර කරන යානා වලටත් බලපානවා, අනීවාර්යයෙන් ගුවන් තොටුපොළවල් හමුදා අධික්ශනය යටතට ගත යුතුයි. (හේ)
සේරම අස්කරලා අලුත් ය බදවා ගන්න.(හේ)
සේරම පෝලිමට තියලා වෙඩිතියන්න ඕන . මේ අයට කොච්චර ලැබුනත් මදි . (හේ)
මේ අයට කොච්චර පඩි වැඩි කරත් මදි.තව 20000 ක් දුන්නත් ඒකත් මදි කියයි.(හේ)
ජනාධිපතිවරණය ළඟ එනවා කියාලා ආරංචියට, මෙයාල කොටි නටන්න හදනවා, ගුවන් තොටුපල දැඩි පාලනයකට ගත යුතුයි.(හේ)
මේ අයගේ රැකියා නැති කරලා ගෙදර යැව්වා නම් හරියටම හරි .(හේ)
මෙච්චර ලැබිලත් මෙයාලට තාමත් මදි. ශ්‍රී ලන්කන් එක එමිරේට්ස්ලට තිබුන කාලේ තිබුන වැඩ වලින් දැන් මෙයාලා බාගයක්වත් කරනවද? තව වැඩි පඩිත්? තාත්තගේ පුතා කියලා ඕනෑ මෝඩයෙක් රිංගවලා හරියනවද? (නි)
අපිත් ඕකේ හිටියනම් ඔය එක කතාවක්වක් නෑ.(හේ)
ඡන්දේ කාලේට ගුවන් තොටුපල මත්තලට යයි වගේ.(හේ)
රටේ දනස්කන්දය කන්න හොද කිහිප දෙනෙකුට විතරද.?(හේ)
මෙහෙම ගසා කැමක්නම් කවදාවත් අහලා දැකලා නැහැ.(හේ)
මෙයාලට හම්බු වෙන පඩිය හොදටම ඇති ,සුර සැප විදිනවා , කටුනායක වටේ තියෙන ඇගලුම් කම්හල් සේවිකාවන් දහදුක් විදිනවා , මදිවට මෙයාලගෙ ළමයිනුත් මේකට රිංගවන්න හදන්නේ , එලියට එනකොට අල්ලලා අඩු කඩන්න ඕන . (අ)
මේ ඔක්කොම ගහලා එලවන්න ඕන.කොච්චර අසාධාරණ එල්ලීම්ද?මේ අය මේ රටම විනාශ කරන්න හදන්නේ.(හේ)
පිටරටින් ගෙන්නලා හරි නැවත වැඩ පටන්ගන්න. අලුත් අය පුහුණුකර සේවයට යොදවන්න. කිසිම ඉල්ලීමක් දෙන්න එපා. දීල තියන හරිය හොදටම ප්‍රමාණවත්. (ර)
වර්ජකයින්ට දඬුවම් දෙන්ඩ,පෞද්ගලික අංශයේ සේවකයින්ටත් රුපියල් 8000 ගෙවන්ඩ. (අ)
කටුනායක ගුවන් තොටුපලින් ආවගිය අය දන්නවා ගුවන් තොටුපලේ තත්වය. සත පහක්වත් වැඩිපුර දෙන්න එපා. (ර)
ඔයාලා නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා. මේක ලාබ ලබන ආයතනයක්. ඒකේ ප්‍රතිලාභ සේවකයන්ට දෙන්න ඕනෑ. අනික මේ වැටුප් වැඩිවීම වෙන්නේ අවුරුදු 4කට පස්සේ... (නි)
මේවායින් වෙන්නේ අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවීමයි (නි)
ඡන්දයක් ළඟ එන විට විරුද්ධ පාක්ෂිකයන් විසින් මොවුන් උසි ගන්වා , තම පරචාරයන් ජනප්‍රිය කර ගන්නට හදන ක්‍රියාවක් , මෙම ආයතන රජයෙන් පිට අරගෙන සමාගමකට බාර දුන්නා නම් පාඩුත් නෙතුව , ඔය විකාරත් නෙතුව රාජකාරිය කෙරෙනවා , විදෙස් බොහෝ රටවල දෙන ගුවන් තොටුපල කාර්ය බාර දීල තියෙන්නේ , ඒවා දෙනුවත් ස්ළංආගං වලට , අවම පිරිසක් සහ වේදීම ලාබයක් , අවංක සේවයක් සිදුවෙනවා (බ)
ගුවන් සමාගම් වලටයි, ගුවන් තොටුපලට වන පාඩුව වර්ජනයට සම්බන්ධ වුණු අයගෙන් අය කරන්න ඕනි. එයාලව ගෙදර යවල අලුතින් කට්ටිය ගත්තනම් හරිනේ. කෝ නැද්ද සභාපති තුමා ඒවගේ වැඩක් වත් කරන්න ? (ර)
ගුවන් තොටුපොළේ වැඩකරන කෙනෙක්ගේ අවම වැටුප කීයද කියලා දන්නවද? (නි)
අනිවාර්යෙන්ම මේ අය දිනනවා.ජයවේවා.අනිත් ආයතනත් මේවාගේ එකට එකතු වුනොත් ඔක්කොම දිනුම්.සේවක මහතුනි ඔබලා ඇත්තටම වීරයෝ.(හේ)
අපිටත් ගුවන් තොටුපලේ රැකියාවක් ලබා දෙන්න.(හේ)
ඔය මදිනේ තව ටිකක් ඉල්ලන්න තිබ්බේ.(හේ)
පුදුමයි ඒත් ඇත්තයි.(හේ)
ඔය හැමදෙනාවම නැවත සම්මුකපරීක්ෂණයක් තියල ඔය කරන වැඩවලට ඉල්ලීම් ගැන හොයා බලන්න තල්ලුවේ සිමාව තමා ඔය . කොපමණ සුදුසුකම් තිබුනත් ගස්ගෙඩි කඩලම තල්ලුවක් නැතිව දුක්විදින අයට ඔය තැන අරන් දෙන්න ..(අ)....
හැමෝම අයින් කරලා අාමි එකට දෙන්න. ඔයිට වඩා සේවයක් වෙයි. (අ)
ඇයි මත්තල අය වර්ජනය කරන්නේ නැත්තේ.(හේ)
ඔය මොන ප්‍රශ්ණයක්වත් නෑ. ඔය ගුවන් සමාගම හමුදාවට බාරදුන්නනම් නීතියයි සාමයයි වැඩ ටික ලස්සනට කරන්න පුළුවන්. (අ)
පිය පුතු ක්‍රමය මුලින්ම රටට හඳුන්වා දුන්නේ මේ රටේ දේශපාලකයෝ. එයාලට පුලුවන්නම් පොඩි මිනිස්සු කරාම මක්ක වෙනවැයි. (අ)
ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ බව අපි වටහාගත යුතුයි,(හේ)
එක අතකට එකත් ඇත්ත නේන්නම්, මත්තල එයාගේ පොර්ට් එක ප්‍රමෝට් කරගන්න නියම ඇඩ් එක නේද?(හේ)
ඉල්ලීම් ඉල්ලන එක සාධාරනයි කියමුකෝ. එතකොට විදුලිය විසන්ධි කරලා කඩාකප්පල් කරන එක සාධාරණද? ඔය කරපු කඩාකප්පල් ක්‍රියාවට නීතියක් නැද්ද? හැමදේකටම විදිහක් තියෙනවා නේද? (අ)
පිය පුතු පදනම තිබුනේ ලෝකේ නීතියක් ක්‍රම සම්ප්‍රදායක් නැති කාලෙනේ. අපේ මිනිස්සු නම් පුදුම ජාතියක්. එංගලන්තේ විලියම් සහ හැරී කුමරුන්ටත් රාජකාරිය කරන්න යුද පිටියට යන්න වුන එකේ පිය පුතු පදනම් කොහෙද දැන්. අපේ රටේ ඉන්නෙම කොහොමහරි නිකම් කාල ඇඳලා ඉන්න චාන්ස් හොයන කාලකන්නි. නමුත් මේ ක්‍රමය අාවෙත් අපේ දේශපාලනය තුලින්ම තමා. ගුවන්තොටුපොළේ ඉන්න අයගෙන් ඉස්සෙල්ලම ගෙදර යවන්න ඕනේ කස්ටම් ඔෆිසෙර්ලාව. එයාල මුළු රටම ලජ්ජාවට පත් කරනවා. පිටරට ඉඳල එන හැමෝගෙම කාලය එයාල අපුරුවට කාල දානවා. අපි ඉන්න රටවල ඉදල ලංකාවට එන්න යන්නේ පැය 4. නමුත් එයාර්පෝර්ට් ඉඳල එලියට එන්න තව පැය 4 යනවා. අනිත් එක තමා බඩු බෙල්ට් එකට දාන කට්ටිය. එයාලවත් ගෙදර යවල පුතාලව ගෙනවානම් නේද හොද. හරිම කම්මැලි කාක්කෝ ටිකක්. රට ඉදල එන කාන්තාවක් අල්ලාගෙන බඩු ටික බෙල්ට් එකෙන් අරන් දීල ගානක් කොටාගන්න හරිම හපන්නු. එක අතකින් බැලුවම මෙයාල සේරම ගෙදර යවන්න කාලය හරි. කවුන්ටර් වල ඉන්න නෝනලා මහත්තුරු ගැනත් කියන්න වචන නැහැ. හරිම කාලකන්නි ටිකක්. වෙනසක් කරන්න හොද කාලය. මේ ගුවන් තොටේ ඉන්න අපේ සේවකයන්ගෙන් පඩි අඩු කරලා අවම වැටුපක් ලබන සුළු සේවකයන්ට දුන්නනම් තමා හොද...මෙයාල ඕනෑවටත් වැඩ වරප්‍රසාද ලබන අය කියල පිළිගන්නවද.(අ)
තව එකක් . මෙයාල සෙල්ලම් කරන්නේ මිනිසුන්ගේ රැකියාවන් එක්ක. මෙය වහාම නතරවිය යුතු දෙයක්. සමහර අය නිවාඩුව ගත කරලා කෙලින්ම යන්නේ පහුවෙනිදට රැකියාවට යන්න බලාගෙන. මේ සෙල්ලමෙන් වෙන්නේ රැකියාවන් නැතිවෙන එක සහ අනිත් ගමන් වාර කැන්සල් වෙලා අතරමග රස්තියාදු වෙන එක. (අ)
අර උඩ බලන් හිටිය කෙනාගේ පින්තුරය දැන් නැහැ . මම පත්තරය කියවන්නේ හරිම අසාවෙන් .(හේ)
පුතා මංකොල්ල කාරයෙක් හොරෙක් මෝඩයෙක් ඉස්කෝලේ වැස්සකටවත් ගියෙනති බුරුවෙක් වුනොත් මොකද කරන්නේ.(හේ)
ඔන්න මත්තලින් වැඩක් ගන්න වෙලාවක්.(බ)
ඔන්න දැන් මත්තලට කල්ල මරේ කිව්වලු ඉැරිය දැන් එන්න ඩාලින් කියල ඔක්කොම ගුවන් යාන වලට අඬ ගහන්න.(බ)
අයින් කරලා වැඩ කරන්න ලැස්ති මිනිස්සුන්ව ගන්න. අනියම් සේවක පුල් එකක් තියාගෙන හිටියා නම් ඔවුන්ව දම්මල වැඩක් කරගන්න තිබුනා. ඒ අයගේ වැඩ හොඳ නම් අර කට්ටියට චෙරියෝ බායි කියල මේ මිනිස්සුන්ව තියාගන්න පුළුවන්. (බ)
අනේ මන්ද. මෙයාලට දෙන ඒවා මදි වෙලා වගේ. සාමාන්‍ය සේවා නියුක්තියෙකුට ලැබෙන වරප්ප්‍රසාද වලට වඩා වැඩියෙන් මේකේ වැඩ කරන එකේ අයට ලැබෙනවා, තව තව ඉල්ලන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න ඔය කා අතිනුත් තම තමන්ගේ රාජකාරිය නියම විදියට සිද්දවෙනවද කියල, ගුවන්තොටුපල තුල ඉන්න පිරිසගෙන් වැඩි කොටසක් සල්ලි මත්තෙම මැරෙන, මාන්නය පුරවගත්තු අහංකාර පිරිසක්, අත්දකීමෙන්මයි කියන්නේ, (බ)
මේ ක්‍රියාව අපි සැවොම හෙලා දකිමු.(හේ)
අර අඳගොවි පනත වගේ පනතක් ගෙන්නලා සුදුසුකම් ඇතත් නැතත් පියාගෙන් පුතාට ගුවන් තොටුපලේ , රේගුවේ , අාගමන විගමන කන්තෝරුවේ රස්සාව දෙන ක්‍රමයක් සකස් කරන්න , ඉස්සර රජකාලේ තිබුනෙත් එ්කමනේ දැන් දේශපාලනයේ උනත් බොහෝදුරට ක්‍රියාත්මක වෙන්නේ පියාගෙන් පුතාටනේ මේ ඉල්ලීම අලුත් දෙයක් නොවේ , පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තිබෙන කොට මොනවද කරන්න බැරි , ඉල්ලීම් ඔක්කොම ඉල්ලන්න , ඔය ගුවන් තොටුපලේ ධාවන පථය දෙපැත්තේ තිබෙන තණකොළ පිට්ටනියේ ගෙවලුත් හදා දෙන්න කියන්න ,(බ)
ඔය පිය පුතු ක්‍රමය හරියන්නෑ එක අනිත් යට කරන අසාදාරනයක් අනික දේසපාලන පත්විමුත් නවත්වන්න ඕන............(බ)
ඔක්කොම අස්කරලා දාන්න ඕනි. (බ)
මාරි විලියම්ස්ගේ කතාව මම සම්පුර්ණයෙන් අනුමත කරමි. ගුවන් තොටුපළ දේශපාලනීකරණය වී ඇත. එහි ප්‍රතිපල භයානකය (නි)
පිය පුතු පදනම කරුණාකරලා දේශපාලනයට විතරක් තියාගන්න . පේනවනේ පියා පුතා අය්යල මල්ලිලා බලය අරගන කරන දේවල් .හැමෝටම එව්වා කරන්න දෙන්න බැහැ (බ)
අර උඩ බලන් හිටිය කෙනාගේ පින්තුරය දැන් නැහැ . මමත් පත්තරය කියවන්නේ හරිම අසාවෙන්. (ර)
ගසා කකා පාඩු කරවන ලොක්කන්ට දැනෙන්න එක්ක සුළු සේවකයන්ගේ හොද වැඩක්.(හේ)
මේ වගේ වැඩ කරන්න ගිහිල්ලා වැඩ නැති හැම මිනිත්තුවකටම වෙන රටක ගුවන් තොටුපොළකට හොඳ නාමයක් සහ අමතර ඉපැයුම් මාර්ගයක් ලැබෙයි. (නි)
මේ ගොල්ල වැඩ කරන්නේ රට ගැනවත් ජනතාව ගැනවත් හිතල නෙමේ මේගොල්ලන්ගේ බඩ ගැන හිතලා. පිට රටවලත් ගුවන් තොටුපලවල පැය කිහිපයේ සංකේත වැඩ වර්ජන තිබෙනවා නමුත් මේ වගේ විදුලියත් විසන්ධි කරගෙන පිස්සු නටන්නේ නැහැ. (ර)
දැන් හැම තැනම ඔය දේ පටන් ගනී.(හේ)
මම නම් කියන්නේ ගුවන් තොටුපළ සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නීති සම්පාදනය කරලා මේ වගේ වර්ජන නොකරන්න නීතියෙන් තහනම් වෙන ක්‍රමවේදයක් හදන්න ඕනෑ.බලන්න විදේශ වලට යන මිනිසුන්ට මොනතරම් පාඩුවක්ද කියලා. (නි)
උද්ඝෝෂණයට ජයවේවා! (නි)
පිය පුතු පදනම මත රස්සා ඉල්ලන්න බැහැ. මොවුන් කියන විදිහට, දැනට වැඩ කරන අයගේ පුතාලා මොන අපරාධය කළත් බඳවා ගන්න වෙනවා.. (නි)
අනේ මෙහෙමත් අපරාධ වැඩ? මේ නිසා මොනතරම් පාඩුවක් වෙනවද? (නි)
එයාලට දී තිබෙන හරිය හොඳටම ප්‍රමාණවත් (නි)
පිය-පුතු පදනමක් මොකටද? රැකියා දෙන්න ඕනෑ සුදුසුකම් වලට. මේ අය ඉවත්කරලා අලුතින් ගන්න තමයි තියෙන්නේ. මේකට එන්න ඕනෑතරම් අය හොයන්න පුළුවන්. (නි)
උපජීව, ගුවන් තොටුපළේ සමහර මානුෂීය හේතූන් මත පිය පුතු පදනම මත බඳවා ගත් අවස්ථා තියෙනවා. උදාහරණයකට පියා මියගියාම ගෙදර ඉන්න දරුවෙකුට රැකියා අවස්ථාවක් දෙනවා. දෙමාපියන් බලන්නේ තමන්ගේ දරුවාට ස්ථාවරයක් හදලා දෙන්න. ඒක හරි. ඒත් යම් යම් අවස්ථාවල සුදුසු පුද්ගලයන් කපා හැරුණා. (නි)
බලාගෙන යනකොට මේක නම් පුදුම නරක කාලයක් (නි)
හුඟක් දෙනා තමන්ගේ පඩිය වැඩි කරගන්න එක ගැන මිසක් ගන්න පඩියට කරන්න ඕනෑ වැඩ ගැන සැළකිල්ලක් නැහැ. වෘත්තීය සමිති කියන ඒවා තම බලය පෙන්වීමට කරන වර්ජන වලට මෙතෙක් ලැබුන හොඳම පිළිතුර 1980 ජුලි වර්ජකයන්ට ලැබුන තෑග්ගයි (නි)
ඒ වුණාට මේ තැන මෙහෙම ප්‍රශ්න ඇතිවිය යුතු ස්ථානයක් නෙමෙයි (නි)
මත්තලට අර එනවා කියන ගුවන් යානා ටික පිළිගන්න කට්ටිය හරවලා යැවුවා නම් හරිනේ! (නි)
මදැයි. අලුතින් ගුවන් යානයක් එහෙම ගෙන්නලා වැඩ පටන්ගත්ත ගමන් සිද්ධවුණ දේ. (නි)
අපේ හමුදාව යැව්වා නම් ඔය සේරම වර්ජන කරන අය රැකියාව නැතිවෙයි කියන බයටම පඩි නැතුවත් වැඩකරයි (නි)
මේවා ඔයගොල්ලන්ගේ පරම්පරාවේ දේවල්ද? ඔක්කොම එළවලා වෙනම කට්ටියක් ගත්තා නම් මේ ලෙඩ මොකුත් නැහැ. ඕක සතියෙන් කරන්න පුුලුවන් (නි)
හැමදේම රුපියල් ශත මත තීරණය වන කාලයක් මේක (නි)
අපේ මිනිස්සු රටවල් වල දහදුක් විඳලා සල්ලි හම්බකරලා ලංකාවට විදේශ විනිමය හොයලා දෙනවා ඒ මිනිසුන්ට හීනෙකින්වත් දකින්න බැරිතරම් දීමනා ලැබෙන මිනිස්සු වැඩ වර්ජන කරනවා. ඔය වගේ මිනිස්සු හැමෝම වෙනුවට වැඩක් කරන්න පුළුවන් සුළු පිරිසක් පත්කරන්න ඕනෑ. අපේ රටේ ඉගෙනගත් මිනිස්සු රටවල් දාලා යනවා රැකියා හිඟ නිසා. ඒ මිනිසුන්ට තැනක් දීලා මේ වගේ වැඩ වෙනුවට ඉල්ලීම් ඉල්ලන මිනිස්සු ඉවත්කරන්න ඕනෑ. (නි)
දෙන්න හොඳ නැහැ කිසිම දෙයක්. (හේ)
මේ වැඩවලින් සාමාන්‍ය ජනතාව කීදෙනෙක් අමාරුවේද? (නි)
මේ වැඩෙන් මොනතරම් පාඩුවක් වෙන්න ඇද්ද? (නි)
මේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ වර්ජනයක් නොවේ . වරදවා වටහා ගන්න එපා.(හේ)
සමහර ඉල්ලීම් නම් සාධාරණ ඇති. ඒත් මේ පියපුතු පදනම වගේ ඉල්ලීම් නම් හරි අසාධාරණයි (නි)
දැන් ඔය අගේට වැඩ කරන්නේ.(හේ)
මත්තලට හිතු තිතු වෙලාවට ගුවන් යානා බස්සන්න අමාරුයි. (නි)
තව ඉල්ලන තිබ්බේ.ඔය ගාණත් මදිනේ මේ අයට.(හේ)
නියම ඉල්ලීම් ටික! (නි)
පුද්ගලික අංශයේ සමහර ආයතන වල කොහොමටත් රැකියා ඇබෑර්තු වලදී කාර්ය මණ්ඩලයේ අයගේ දරුවන්ගේ ඉල්ලුම් පත්‍ර වැඩියෙන් ස්‍ළකා බලනවා. මේ තත්ත්වය පුද්ගලික බැංකු වල පවතිනවා. බැංකු ගනුදෙනු වල රහස්‍යභාවය සහ මුදල් පරිහරණය වගේ දේවල් වලදී ඉල්ලුම්කරුගේ විශ්වාසනීය බව වැදගත් නිසා. ඒත් මේ වගේ ආයතනයකට ඒ කාරණාව කොහොම අදාළ වෙනවද යන්න ගැන මට දැනීමක් නැහැ. (නි)
ඔන්න මත්තලින් ප්‍රයෝජන ගන්න නියම වෙලාව (නි)
ආණ්ඩුවේ ඉන්න ඔක්කොම වගේ දේශපාලකයෝ තමන්ගේ දරුවන් දේශපාලනයට ගෙනවා නම්, ඊට සම්බන්ධ වෘත්තීය සමිතිවල ඉන්න අයගේ දරුවන් එයාලාගේ වෘත්තියට ගත්තම ඇති වැරැද්ද මොකක්ද කියලා හිතන්න ඇති. කොහොම නමුත් වර්ජනය සංවිධානය කළ කෙනාට තෑගි දෙන්න වටිනවා. විස්මය දනවන විදිහට වර්ජනය සංවිධානය කළ විදිහට. (නි)
බන්දුල පෙරේරා, අඩුගණනේ ඔහේ අටවත් පාස් ඇතිනේ. නේද? (නි)
පිය පුතු පත්වීම් දෙන්න ගියොත් අලුතින් දක්ෂකමට එන්න විදියක් නැහැනේ. මම අහන්න කැමතියි ඔය ඉන්න කට්ටිය ආවේ කොහොමද කියලා? පිය පුතු ක්‍රමයට ගත්තා නම් එයාලට එන්න වෙන්නෙත් නැහැනේ. මේ වගේ අසාධාරණ ඉල්ලීම් නිසා අපේ රට කොහොමද ඉදිරියට යන්නේ? මේකෙන් වූ ප්‍රමාදෙට පිටරටවලට කීයක් ගෙවන්න වෙයිද? එහෙම නම් කලින් සාකච්ඡා කරන්න තිබුනා. (නි)
දැන් මේකේ පාඩුව සමඟ ආයතනයේ දැනට තිබෙන අලාභයට එකතු කළවිට කොහොම වේවිද ? මේ විදියට ගුවන් ගමන් අවලංගු වුණ උදවිය , ඊළඟ ගුවන් යානය මඟහැරුන උදවිය වන්දි ඉල්ලන්න පටන් ගත්තම මේ ගොල්ලන්ගේ පඩියෙන් තමයි ඒවා කපන්න ඕනෑ. මොනතරම් අසාධාරණ වැඩක්ද මේ? ආයතනය එක්ක තිබෙන තරහා මඟීන්ගේ පිටින් යවලා. (නි)
සංචාරක ව්‍යාපාරයට දෙවියන්ගේම පිහිටයි. සංචාරකයින්ට ගුටි දීලා රෝහල් වලට යවනවා. ඒ මදිවාට රටට එන යන දොරකඩත් වහනවා. (නි)
අපේ රටේ අත්‍යවශ්‍ය සේවා වල පත්වීම කොන්ත්‍රාත් ක්‍රමයට දෙනතුරු මොන ආණ්ඩුවක් ආවත් මේ වැඩේ සිද්ධවේවි. වෙන රටවල් වල උදේට ගිහින් වැඩ හොඳ නැති නම් හවස් වෙනකොට රැකියාවෙන් දොට්ට දානවා. අපේ රටේ කම්කරු නීතිය හැදිලා තියෙන්නේ සේවකයන්ව හුරතල් කරන්න.ආයතනයේ සුභසිද්ධිය වෙනුවෙන් හෝ මහජනතාවගේ යහපත වෙනුවෙන් හාම්පුතුන්ට ස්වාධීන සාධාරණ තීන්දු ගන්න පුළුවන් විදියට නෙමෙයි. (නි)
පිය පුතු පදනම දුන්නොත් ඕක පරම්පරාගත දෙයක් වෙයිනේ (නි)
අන්තිමේදී ඉතින් හමුදාවේ පිහිට තමයි හැම වර්ජනයකටම පිහිටට ඉන්නේ. (නි)
විදේශ රටවලින් ලංකාවට එන යන, විදේශිකයන් අපිට හිනාවෙයි, මේ කරන උද්ඝෝෂණ නිසා.අපේ රට නේද ලෝකෙන්ම හොඳම සංචාරක රට? උද්ඝෝෂණය නිසා මොනතරම් පාඩුවක් වෙන්න ඇද්ද ආයතනයට?මේකට ඉක්මන් විසඳුමක් ගන්න ඕනෑ බලධාරින්... (නි)
ලංකාව අත්හැර යන්න කාලය හරි වගේ. පුදුම මිනිස්සුනේ මේකෙ ඉන්නෙ! හැමතැනම සල්ලි ඉල්ල ඉල්ලා ඉල්ලීම්.තමන්ගෙ වාසිය විතරයි (නි)
මෙවැනි අත්‍යාවශ්‍ය සේවා කරන අයට ක්ෂණික වර්ජන කිරීම සපුරා තහනම් කළයුතුයි. බලන්න ලක්ෂ ගණන් වලින් ගුවන් ටිකට්පත් අරගෙන විදේශගත වෙන්න එන සාමාන්‍ය ජනයා/සංචාරකයන් වැනි අය කෙතරම් අපහසුතාවයට පත්වෙනවාද?වර්ජනයක් කරන්න පිළිවෙළක් යෝජනා කරන්න ඕනෑ. ක්‍රමානුකූලව ඉල්ලීම් ඉදිරිපත් කරන්න ඕනෑ. මේ වගේ දේවල් විහිලු තමයි (නි)
අලාභය ගාන බලලා කපන්න ඕන මේගොල්ලන්ගේ පඩියෙන්. එහෙම නැතිව ඊළඟට පාඩුව පියවන්න ,අතිරේක ගුවන් තොටුපළ බද්ද වගේ බදු ගෙනල්ල මගීන්ගේ කරෙන් නම් මේවා යවන්න එපා. (දිල්)
වෙන රටවල කොහොම වුණත් අපේ රට මෙහෙමයි. හැමදේම නොපිටට. (නි)
ගිහාන්, ගුවන්තොටුපළ කියන්නේ පුද්ගලික මෙන්ම රජයෙන් පාලනය වෙන ආයතනයක්. මේ ආයතනයේ ඉන්න ඇතැම් පිරිස් පොඩිදේටත් කියන්නේ දේශපාලකයන්ගේ නම් ගම් තමයි (නි)
ගොඩක් කාලෙකට කලින් කරන්න තිබ්බ දෙයක්. දැන් හරි කරපු එක ලොකු දෙයක්.(හේ)
ගුවන් තොටේ සේවකයන්ගෙන් අවම වැටුප ලබන්නාගේ මාසික වැටුප ප්‍රසිද්ධ කරන්න. රටට මුහුණදෙන්න බැරිව උද්ඝෝෂනය නවත්වයි එකපාරින්.මතකයිනේ වාරයේ උද්ඝෝෂනයට වුන දේ .(හේ)
අර කටුනායක වෙළඳ කලාපයේ අයට එක පාරක් හොඳට සැළකූ හැටි මට මතක් වෙනවා (නි)
සභාපතිතුමනි,වර්ජකයින් ඉවත්කර නව සේවකයින් බඳවාගන්න. වර්ජන වලට ඉඩදෙන්න එපා. පාඩුව ලංකාවටමයි (නි)
මේ වේලාවේ තමයි ජනාධිපතිතුමා එ්කාධිපතියෙක් වෙන්නට ඕනේ.(හේ)
රජය පඩි වැඩි කලාට කමක් නෑ කොන්දක් තියාගෙන තීරණ ගත යුතුයි.(හේ)
80 ගණන්වල කරා වගේ මේ ගොල්ල ගෙදර ඇරිය නම් ඉදිරියට මේ වගේ කඩා කප්පල්කාරී වැඩ කරන්න ඉස්සර දෙපාරක් හිතල බලාවි. විධායක බලය තිබෙන්නේ මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න. රටේ ආර්ථිකයට වැදගත් ආයතන ප්‍රාණ ඇපයට අරන් පිස්සු නටනකොට දඬුවම් කලයුතුයි. (ර)
දැන් ඉස්සරහට තව කී දෙනෙක් පාර බහිද කියලා බලන් ඉමු.(හේ)
එරා, ඔබ හරි. පුදම ආඩම්බරයක් තියන්නේ. වයසක සේවිකාවකට මම කිවුවා ගූඩ් මෝනින් කියලා. මගේ තිබුනේ බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකක්. මට ගූඩ් මෝනින් කිවුවේ නැහැ. මගේ ළඟ හිටි සුද්දට කිවුවා. ඔන්න අපේ මිනිස්සු අපිට සළකන හැටි! (නි)
මේක බරපතල වරදක්. සියළු සේවකයින්ට සුදුසු දඬුවමක් දියයුතුයි (නි)
මේ කට්ටිය ඉවත්කරලා අලුත් අයව ගන්න. අලුත් කට්ටිය ගන්නකොට ලස්සනට වැඩට එයි. (නි)
මෙය ඉතාමත් බරපතල ක්‍රියාවක්.මෙයට වගකිවයුතු සියලුම සේවකයින් වහාම ඉවත්කර නව සේවකයින් බඳවාගන්න.රටක ප්‍රධාන ගුවන් තොටුපළ අකර්මන්‍ය කරනවා කියන්නේ ඉතාමත් බරපතල සිදුවීමක්. තාවකාලිකව ගුවන් තොටුපළ ගුවන් හමුදාවට භාරදී එය යථා තත්වයට පත්කරන්න. (නි)
මේ පාර නම් නියම ඉලක්කයට හීය විද තිබෙන හැඩයි (නි)
පියාගෙන් පුතාට රස්සාව දෙන්න මේක දේශපාලනය වගේ කියලා හිතුවද දන්නේ නැහැ.අනෙක් අය මහන්සිවෙලා ඉගෙනගෙන විභාග පාස්කරලා වැඩක් නැහැනේ බැලුවහම. මෙයාලට පිස්සුද? අපිට පිස්සුද? (නි)
ගුවන් තොටුපොළ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩාළයි නේද මේ වැඩ නිසා? (නි)
යුද හමුදාව පුරුදුකර තියාගත්තොත් හොඳයි නේද හදිසියකදී සේවයට ගන්න. (නි)
නියම ආදර්ශයක් මේක නම්. (නි)
ඔතන වැඩි හරියක් ඉන්නේ ඔය පළාත් වල දේශපාලකයන්ගේ අතකොලු කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේක සැළසුම්සහගත ක්‍රියාවක්දැයි සැකයි (නි)