
(අංජුල මහික වීරරත්න)
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා,උපාධි පාඨමාලා තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කටුනායක, තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය යටතේ 1985 දී ආරම්භ කරනු ලැබ ඇති අතර, එය 2006 වසරේ සිට ඉංජිනේරු තාක්ෂණ ආයතනය ලෙස ස්ථාපිත කරනු ලැබ ඇත.
එම ආයතනය විසින් වසර 4ක අධ්‍යයන කාලය සම්පූණ කරන සිසුන් වෙත ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව ප්‍රදානය කරනු ලබයි. එකී ඩිප්ලෝමාව, ඉංජිනේරු තාක්ෂණ උපාධියක් දක්වා ඉහල නැංවීම පිණිස විශ්ව විද්‍යාලය වෘත්තීය හා තාක්ෂණ ජාතික ආධුනික්තව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය විසින් එකඟතාවකට එළඹ ඇත.
ඒ අනුව ඉංජිනේරු තාක්ෂණ උපාධිය පිරිනැමීම සඳහා එම ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.
COMMENTS
මේකටත් අන්තරේ සත්තු ටික පාරට බහීද දන්නේ නෑ..
විශිෂ්ටයි
ඉතා හොඳ තීරණයක්. හොඳ අධ්‍යාපනයක් දෙන ගමන්..., ලෝකයත් එක්ක තරග කළ හැකිවන පරිදි උපාධියක් සමග දක්ෂ දරුවෙක් නිර්මාණය කරන එක හොඳ දෙයක්... ලෝකය සමග වැඩකටයුතු කරද්දී අපි කොච්චර දැනුම සහ පලපුරුද්දක හිටියත් උපාධියක් නැති අවස්ථාවලදී අපිට ඉදිරියට යන්න අවස්ථාව නැතිවුණු වාරයන් අපමණයි.