ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ දුරකතන ඇමතුම් කිහිපයක් ලැබීම නිසා කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව තර කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ තර්ජනයක් ඇති වෙතැයි සැකයක් මත ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන්, බුද්ධි අංශ නිලධාරීන් මේ සඳහා යෙදූ බව ද ඔහු කීවේය.
එවැනි ඇමතුම් ලැබුණ බවට බුද්ධි අංශ තමන් දැනුම්වත් කර ඇති බව ද ආරක්ෂක අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවක දී ඔහු පැවසීය.
ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්ව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉකුත් දෙසැම්බරයේ සිට ගුවන්තොටුපොළ බලධාරීන්, සිවිල් ගුවන් සේවා අධිකාරිය, රේගුව ඇතුළු ආයතන එක්ව සාකච්ඡා පවත්වා මෙම තීරණය ගෙන ඇති බව ද හෙතෙම කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද බියෙන් ගත කල අතීතය නිමාකළේ.(කෞ)
කටුනායක ගුවන් තොටට ආ දුරකතන ඇමතුම් ගැන ද පොලිසිය හා බුද්ධි අංශ දැඩි සෙවිල්ලෙන් සිටියි. මේවා පත්තරේ දැම්මම පණිවුඩ විකල්ප ක්‍රම වලින් හුවමාරු කර ගන්න බැරිද ? (ර)
පිය මිතුර ,මිතුරිය ,ත්‍රස්තවාදයෙන් හා බෝම්බ ප්‍රහාරවලින් හෙම්බත් උන අපි නැවත ඒ අතීතයට යන්න අකමැති ,දැනට අපරට තුල ද යම් යම් අය මේ සන්විදනයට සම්බන්ද බවට පසුගිය කාලේ දැනගන්න ලැබුන බවත් ඔබ මේ ගැන යම් තොරතුරක් හෝ පුද්ගලයන් ගැන දන්නේනම් කරුණාකර ලගම ඇති පොලිසියට දැනුම් දෙන්න ,මෙය මුළු මහත් ජාතියට කරන යුතුකමක්. (ර)
ගෝඨාබය මත්තයෝ අපට හිනා වෙන්න කාලය ඇවිත් නේද (බ)
හානේ බුද්ධි අංශ ඉතුරු වෙලා තියෙනවද තාම? හරි ශෝක්. (බ)