කටුනායක අධිවේගී මාර්ගයේ බල්ලන් නිසා බ්‍රහස්පතින්දා රිය අනතුරු දෙකක් සිදු වු බවත් ඊට ඉක්මනින් පිළියම් යොදන බවත් අධිවේගී මාර්ග අධ්‍යක්ෂ හා මෙහෙයුම් කළමනාකරු පීකේ රණතුංග මහතා කියයි.
මීට පෙර මෙම මාර්ගයේ බල්ලෝ සියයක් දැල් ගසා අල්ලා ඉවත් කරනු ලැබුහ.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමදි පයින් ගිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව එහි පොලීසිය කියයි.
කාරයකින් ගිය මේ තැනැත්තා කාරයෙන් බැස ගමන් කරද්දී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ටික කාලෙකින් හරි යනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේත් පටන් ගන්න කොට තලගොයිත් හිටියනේ. දැන් ඔය කිසි අවුලක් නැතුව තියෙන්නේ. (ස)
ජිලෝ, අධිවේගී මාර්ගයක සත්තු ඇවිදින්න ගත්තොත් වේගයෙන් යන වාහන අනතුරට ලක් වෙනවනේ. ඒකයි මේ හැමෝම ඔබට පැහැදිලි කරලා දෙන්නේ. කොහොමටත් රියදුරන් බල්ලන් ගැන නොසිතා යටකරගෙන යන්න. ටික දවසක් යනකොට අයිතිකාරයෝ ඉන්න බල්ලෝ නම් පාරට එවන එකක් නැහැ. (නි)
යුරෝපයේ බොහෝ රටවල අධිවේගී පාරවල යන්නට මුදල් අයකරනවා මෙන්ම සමහර යුරෝපයේ රටවල අධිවේගී පාරවල් නොමිලේ දෙනවා. (නි)
මහි,සමහර රටවල් වල අධිවේගී මාර්ග වල යාමට මුදල් අය කරනවා. සමහර රටවල් වල අය කරන්නේ නැහැ.සමහර රටවල් වල අධිවේගී මාර්ග අයිති පුද්ගලික සාමාගම් වලට. ඔවුන් තමයි මුදල් වියදම් කර රජයේ අධීක්ෂණය යටතේ ඒවා සාදා ඇත්තේ. ඔවුන්ගේ වියදම් වූ මුදල පියවෙනතුරු එම මාර්ග වල අයිතිකරුවන් ඔවුනුයි. සමහර රටවල් වල ලංකාවේ මෙන් අධිවේගයට ඇතුළු වීමේදී හෝ පිටවීමේදී මුදල් ගෙවනවා.සමහර රටවල් වල කැමරා පද්ධති මගින් අධි වේගයට ඇතුළු වන වාහන හදුනා ගැනෙනවා. ඒ අනුව දුරකතන ඇමතුමක් අදාළ ආයතනයට ගෙන ක්‍රෙඩිට් කාඩ් පතකින් මුදල ගෙවීමට හැකියාව ලැබෙනවා. (නි)
බල්ලොත් එක්ක බෑ.. කටුනායක අධිවේගයෙදී.... ටිකට් දොරටුවෙන්. (ස)
බල්ලොත් එක්ක බෑ කියන්නේ ඕකනේ. කොහේ ගියත් කරදර තමා. (ස)
මේක යකාගේ අධිවේගී මාර්ගයක් නේ .මිනිසූන්ට පයින් යන්න බැරි නම් අහිංසක සතෙකුට නිදහසේ යන්න බැරි නම් මොකටද.?වෙනත් රටවලත් මිට වඩා හොඳ අධිවේගී මාර්ග තියනවා නමුත් මේ වගේ නීති නැහැ. (ස)
බලු මසුයි හරක් මසුයි කලවමේ තමයි විකුණන්නේ.ඒ නිසා අාදායම හොදයි සමහරුන්ට නම් (නි)
මේ බල්ලන්ව හරියට දැනුවත් කරන්න එපායැ. උන් පරණ පුරුද්දට ලගින්න එනවා ඇති ටිකට් ගන්නෙත් නැතුව. (නි)
මෙහෙම සතුන්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් තමයි තේරිලා තියෙන්නේ. (නි)
අනේ ජිලෝ ඔයාලා වගේ ලෝකේ ගැන දන්නේ නැති මිනිස්සු හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. ලෝකේ කොහෙවත් අධිවේගී මාර්ගවල බල්ලන්ට මිනිස්සුන්ට යන්න දෙන්නේ නැත. තමුන් ඉගනගෙන නැද්ද?? (ස)
අනේ ජිලෝ මට නුඹ ගැන දුකයි බං. (ස)
ජිලෝ කොයි රටේද හිටියේ. (ස)
හරක් බල්ලෝ කියලා නැහැ. මොනවා වුණත් සත්තු තමයි (නි)
දම්මික නිරෝෂණ ,මට ඔබගේ අදහස පැහැදිලි මදි ටිකක්. අධිවේගී මාර්ගයකට පයින් ඇවිදගෙන යාම තහනම් අවස්ථාවක, කොහොමද මහජනයා එහි පාර පැනීමක් කරන්නේ? හැකි නම් නැවත විස්තර කරන්න. (නි)
සම්, මම හිටියේ උඩරට. ඔයා මොන රටේද? (නි)
හැමෝම අධිවේගයෙන් නම් බල්ලොත් අධි වේගයෙන් ගියාම මොකෝ වෙන්නේ? (ස)
මම වැඩ කරන්නේ අධිවේගී මාර්ග තිබෙන රටක.මේ රටවල් වල වාහන ඒවායේ ගියා කියලා මුදල් අයකරනවා මම දැකලා නැහැ. (නි)
ජිලා ෂුවර් එකටම රතු පක්ෂේ කෙනෙක් වෙන්න ඇති. නැත්නම් මේ වගේ මොංගල් කතා කියන්නේ නෑ. බල්ලන් නිදහසේ සැරිසරන, මිනිස්සු පාගමනෙන් යන අධිවේගී මාර්ග තියෙන්නේ ඒ අයගේ හීන රාජ්‍ය වල තමයි. (ස)
නිශාන්ත,මිනිස්සුන්ට යන්න බැරි පාරවල් ලංකාවට මොකටද? (නි)
චමත්,ඉතාලියේ බල්ලෝ ඉන්නේ නිදන කාමරයේ.මිනිස්සු ඉන්නේ බාර්වල. ඔයා ඉන්නේ....? (නි)
එහෙනම් හයිවේ එකට ජර්මන් සේපට් බල්ලොන්ට එන්න පුලුවන්ද? වල් ටෙසන්ලට හයිවේ තහනම්. (ස)
අනතුරු වලට මුහුණ දීපු අය වන්දි ඉල්ලලා නඩු දාන්න. (ස)
අධිවේගී මාර්ග වල සාමාන්‍යයෙන් ආරක්‍ෂිත වැටෙන් පිටත සමාන්තර මං තීරුවක් ඇත. එහි පදිකයන්ට සහ පාපැදිකරුවන්ට ගමන් කලහැකිය. එසේම ලෝකයේ බොහෝ රටවල අධිවේගී මාර්ගයක් හරහා පාර පැනිමකදී දඩ ගසන්නේ නැත. නාගරික ප්‍රදේශ වලදී හෝ ජනාවාස ප්‍රදේශවලදී ජනයාට අධිවේගය හරහා ගමන් කිරීමට මගී පාලම් ඉදිකිරිම සාමාන්‍ය දෙයකි. (නදී)
ජිලෝ,ඔයා හිනෙන්ද දැක්කේ?...මෝඩකම තිබුනට ඒක ප්‍රදර්ශනය කරන්න එපා (නදී).
කිලෝ මීටරයට ඩොලර් මිලියන දාහතරයි. බල්ලෝ දෙකයි. නියමයි නේද? (නි)
බල්ලනේ, පාර විවෘත කරලා තියන්නේ.(නදී)
අනේ බල්ලෝ පව් (නදී)
ජිලෝ,මම ඉන්නේ මගේ ගෙදර. ඒකේ බාරුත් නැහැ ,බල්ලොත් නැහැ. හැබැයි කොල්ලෝ ඔයා හීනෙන්වත් අධිවේගී මාර්ගයක් දැකලා නැහැ කියලා මට නම් දැන් හිතෙනවා.ඉතාලියේ අධිවේග මාර්ගවල වේග සීමාව 110 ත් 120 ත් අතර තමයි තියෙන්නේ. ඔය වේගයෙන් යන වාහන යන පාරවල්වල බල්ලොවත් මිනිසුන්වත් ඇවිදගෙන යන්නේ නැහැ.දැන්වත් තේරුනාද ? (නි)
බල්ලෝ බේරන්න ගිහින් මිනිස්සු මැරුන තැන් අපේ ඉතිහාසයේ තියෙනවා. බල්ලෙක් හැපුනට වාහනයක් පෙරලෙන්නේ නැහැ . හැබැයි බල්ලෝ බේරන්න ගිහින් මිනිස්සු නම් මරන්න එපා ඔන්න. බල්ලන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින මහත්වරු බල්ලන්ට පෙර මිනිස්සු ගැන හිතන්න. වෙන රටවල් වල හයිවේ එකේ බල්ලෝ පූසෝ බේරන්න යන්නේ නැහැ. බේරන්න ගියොත් මහා අනතුරක් වෙන බව තේරෙන නිසා, මේවා නම් නොතේරුම් කම නිසා උන දේවල් වෙන්න ඇති. (ස)
මහි,ඉතාලියේ නම් අධිවේගයේ යන්න මුදල් අය කරනවා. ඔයා ඉන්න රට මොකක්ද? (නි)