කටානේ නයනාලෝකයේදී දෙපිරිසක් අතර ගැටුමක් බේරීමට ගිය පොලිසියට කඩු කිනිසි වලින් පහර දීමට තැත් කළැයි කියන දෙදෙනෙක් වෙඩි වැදී රෝහල් ගත කරනු ලැබ සිටිති.
කඩු ප්‍රහාරයට ලක් වු අසල්වැසියෝ තිදෙනෙක්ද රෝහල් ගත කරනු ලැබ සිටිති.
කටානේ නයනාලෝකයේදී දෙපිරිසක් අතර ගැටුමක් බේරීමට ගිය පොලිසියට කඩු කිනිසි වලින් පහර දීමට තැත් කළැයි කියන දෙදෙනෙක් වෙඩි වැදී රෝහල් ගත කරනු ලැබ සිටිති.
කඩු ප්‍රහාරයට ලක් වු අසල්වැසියෝ තිදෙනෙක්ද රෝහල් ගත කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉහළ සිට පහලට අවිනිතිය තමයි රජ කරන්නේ.(නදී)
චමත්, පහුගියදා ශිෂ්‍යයන් 17 දෙනාට පහර දුන්නෙත් සාමය ආරක්ෂා කරන්නද? (නදී)
පිස්තෝල සෙල්ලම් ලෙස පෙන්වා පොලිසිය ඉදිරිපිට මැර බලය පෙන්වීම, පොලිසිය ඉදිරිපිට යකඩ පොලුවලින් උද්ඝෝෂණ කරුවන්ට පහර දීම, රාජ්‍ය ආයතන වලට බලහත්කාරයෙන් කඩා පැනීම , අවසරලත් තෝරාගත් පාක්ෂිකයනට පමණි.(නදී)
නීතියේ ආධිපත්‍ය රජකරවීම වෙනුවට එක් එක් අයගේ කැමැත්ත රටේ නීතිය බවට පත්කළ විට ,රට තුල මෙවැනි දේ අසන්නට,දකින්නට ලැබේ. (නදී)
වෙඩි තැබීම සාධාරණීකරණය කරන්න කඩු කිණිසි කතා පටලනවාද කවුද දන්නේ. දැන් කිසි කෙනෙක් කියන දේ විස්වාස කරන්න බැහැ. (ස)
මෑත කාලයේ පොලීසිය වෙතින් මැරුම් කාපු බහුතරය සිවිල් ජන සමාජයට තර්ජනයක් වුන ම්නිසුන්. තම තමන්ගේ දේශපාලන මතිමතාන්දර හේතුවෙන් සුළු පිරිසක් පොලීසියට විරුද්ද වුනාට සමාජයේ බහුතරයක් කැමතියි අපරාධ කාරයො විනාශ කරනවට. සමාජයේ බහුතරය කැමැතිදේ විරුද්ධ පාක්‍ෂිකයන්ට නොතේරීම තමයි හැමදාම සුළුතරය වෙලා ඉන්න වෙලා තියෙන්නෙ. (නදී)
නයනාලෝක ගම කියන්නේ අන්ධ ජනතාවක් ජිවත් වන ගමක් කියලයි මම නම් අහලා තියෙන්නේ. ඊට එහා තියනවා කටියල කියලා චණ්ඩි ඉන්න ගමක්. මං හිතන්නේ ඔය කඩු කිනිසි අරන් එන්නේ එහෙ අය තමා (නි)
පොලිසිය ,අධිකරණය ස්වාධීන ආයතන බවට පත් කරන්න. (ස)
පොලිසිය ගැන රටේ ජනතාවගේ විස්වාසය හා ගෞරවය බිඳ වැටිලා ,එකයි මේ විදියට වෙන්නේ. මේ තත්වයට රටේ පාලකයෝ වගේම පාලකයන්නට කඩේ යන්න බලාගෙන ඉන්න පොලිස් නිලධාරිනුත් වගකියන්න ඕන. (ස)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (නදී)
අර කුඩු කන්ටේනරයයි, එතනෝල් කන්ටේනර ටිකයි ඇල්ලුවා නම් මේ විපත් අපේ රටේ සිද්ද වෙන්නේ නැහැ. මේ සේරටම මුල මිනිසුන් පිස්සු වැටිලා නිසා. (නදී)
පද්මිණී,එහෙම කරලා පුලුවන්ද? (නි)
පොලිසිය අවි පෙන්වන නාටකයට හුරේ දාන කටිටියට ඇස් ඇරේවි තමන්ගේ කවුරුහරි අවි පෙන්වන්න කියලා අරන් ගියදාට. (නි)
නීතිය ආගාධයටම ගිය රටේ මොනවද කරන්න බැරි? (නි)
දිසානායකගේ අදහසට ගරු කරනවා. (නි)
තවටිකක් බලලා සඟවපු ආයුධ එහෙම තියෙනවා නම් ඒවා බලන්න එක්කගෙන යන එක හොඳයි. නැත්නම් ඒ ආයුධ වලින් වඩා දරුණු දෙයක් කරන්න පුළුවන්. (නි)
චමත් ඉතාලිය, එහෙ ඉන්න පොලිසියත් ඔය විදියද? දෙපිරිස පොලිසියට කැඳවා ආරවුල් විසඳීම වෙනුවට, මඟතොටේදී ආරවුල් විසඳන්න ගියොත් ඔවැනි දේවල් ඇතිවෙනවා. එතකොට, උසාවි මොකටද තියෙන්නේ? මිනිස්සු වැරදි කරන විදිහට මෙහෙම කරන්න ගියොත් රටේ ඉතුරුවෙන්නේ පොලිසිය විතරයි. (නි)
පොලිසියට ස්තුති කරන්න ඕනෑ ඔවුන්ගේ ජීවිත ගැළවුණ එකට (නි)
සාමය හරි වෙන මොකක් හරි ආරක්ෂා කරන්න ගියත් මම කියන්නේ පොලිසිය මහජනතාවගෙන් ගුටි නොකා තමන්ගේ තත්වය ආරක්ෂා කර ගත යුතු බවයි.(නදී)
කුසුම්, මැරයෝ කඩු කිනිසි අරන් මිනිස්සු මරන්න හදනකොට පොලිසියට බලාගෙන ඉන්නද කියන්නේ. පොලිසිය එහෙම නිකන් ඉඳල මිනිස්සු මරුවා නම් එ්ත් ඔයාලම පස්සේ අහනවා පොලිසිය එතන ඉඳන් මොකද කලේ කියලා. ඔයා හිතන විදිහට ඔවුන් පොලිසියට කැඳවන්න පුලුවන්ද මරාගන්න වෙලාවට. නිකන් විහිළු කරන්නේ නැතුව ඉන්නවද.(නදී)
මෙහෙම ගියොත් නම් මිනිස්සුත් අවම බලය යොදන්න පටන් ගනීවි. වහාම පොලිසියේ ආකල්ප වල වෙනසක් ඇති කරන්න.නැත්නම් ගුටි කන පොලිසියක් බිහිවේවි! (නි)
කුසුම් කියල තියන විදිහට ඔය කඩු කිනිසි අරගෙන ඉන්න මැරයෝ පොලිසියට ගෙනෙන්න පොලිසියට බැරි කමක් නැහැ. ඔය ඔක්කොම දේශපාලකයන්ගේ හෙන්චයියෝ. බලවත්තු දෙන කෝල් එකෙන් මැරයෝ පොලිසියට ගෙන නිලධාරියත් අමාරුවේ. පොලිසිය කරලා තියෙන්නේ අවස්ථාවට සුදුසු දේ. කුසුම් ඔබට වැඩිය පොලිසිය මේවට කරන්න ඕන දේ දන්නවා ඒක තමයි ඔය කරලා තියෙන්නේ.ඔය කලබල වෙන්නේ නැතිව ඉන්න. (අ)
පිටිගල,පොලිසිය ගිහින් තියෙන්නේ සාමය ආරක්ෂා කරන්නනේ .... කඩු ...කිනිසි අරගෙන පහර දෙන්න එන්නේ අහිංසකයෝ නෙමෙයිනේ ඒ අයට උත්තර දෙන්න ඕනේ එයාලට තේරෙන භාෂාවෙන්ම තමයි .... එහෙම නොවුනොත් ..... පොලිසියේ අයට සිද්ධ වෙන්නේ පහුගියදා වුන සිද්දියකට වගේ දෙයකට මුණ දෙන්න තමයි. (නදී)
කවුද පොලිසියට ගහන්න එන්න ඇත්තේ? (නි)
පොලීසියට අවනත නොවන නීතිය අතට ගන්නට උත්සාහ කරන ඕනෑම අයෙකුට සුදුසු පිළිතුරක් දියයුතුයි. නැතුව මෙය මිනිසුන් හුරතල් කළ යුතු කාලයක් නොවේ. නැතහොත් අවනීතිය රජ කරවන්නට ජනතාව පෙලඹෙනු ඇත (නි)