කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නීති විරෝධීව පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බවට ලංකා ගුරු සංගමය ගොනු කළ පැමිණිල්ලේ වැඩිදුර විභාගයට සහභාගී වීමට එම පාසල් සිසුවා ද, ඔහු සමග නිදහස් වූ එක්දරු පියකු වන කැළුම් අත්තනායක ද මීට ටික වේලාවකට පෙර මානව හිමිකම් කොමිසමට පැමිණියහ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද පැමිණිල්ල විභාගයට ගනී.
පෙත්සමේ වගඋත්තරකරුවන් වන කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, එම පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරී සහ පොලිස්පති වෙනුවෙන් පොලිස් නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ගාල්ලගේ මහතා ද කොමිසමට පැමිණියහ.
පැමිණිලි කරු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද, ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ජගත් ආනන්ද මහතා ඇතුළු පිරිසක් ද පැමිණ සිටිති.
සේයා ඝාතකයන්ට දඩුවම් දෙන්නැයි ඉල්ලමින් අද පෙරවරු 10.30ට පමණ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්විණි. 100ක් පමණ ඊට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් කොමිසම දැඩි අවධානයක් යොමු කලයුතුයි. සවස හයෙන් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන. (ර)
මෙහෙම උද්ඝෝෂණ කරලා පොලිසියට බලපෑම් කරන්න එපා. දැනට වලස්සු විතරයි හාවෝ උනේ බලපෑම් වැඩි උනොත් සිංහයෝ, අලි කොටි ඔක්කොමත් හාවෝ වෙයි. (ර)
මේ විදියට හැමෝම මානව හිමිකම් කවුන්සලේට ගියොත් පොලිසිය රාජකාරී කරන්නේ කොහොමද? (නි)
සේයා ඝාතනයත් දැන් ටික ටික යට යනවා වගේ... අර තාජුදීන් ගේ මරණය ගැන දැන් කට්ටියට මතකත් නෑ (බ)
සාධාරණය ඉටුවේවා. (ස)