කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස පාසල් සිසුවකු රඳවා තබා ගත් බව කියමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (30) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උදය කුමාර, සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ගම්පහ නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න, පොලිස්පති එන් කේ ඉලංගකෝන් සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති එහි වගඋත්තරකරුවෝ වෙති.
සිසුවා සාධාරණ සැකයෙන් තොරව අත්අඩංගුවට ගෙන දින තුනක් පොලිසියේ රඳවාගෙන පහර දී ඇතැයි තොරතුරු ලැබුණු බව ද ස්ටාලින් මහතා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන්ය.
පාසල් සිසුවකු අත්අඩංගුවට ගැනීමේ දී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු අනුගමනය කළ යුතු නිර්ණායක සකස් කරන්නැයි ද ගුරු සංගමය ඉල්ලයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දරුවා නිකන් දුක් විදිනවා.දැන් ඒ ළමයාව එළියට ගන්න කට්ටිය එකතු වෙන්න.(හේ)
හොඳ වැඩක් කළාමයි. ඇත්තටම මේ දරුවා වෙනුවෙන් කාගේත් ප්‍රතිචාරය මදි තමා. පොලිසිය හදන්නෙම මේ දරුවා අමාරුවේ දාන්නයි. කොන්ඩයව දැන් මල වගේ ආරක්ෂා කරනවා විශේෂ ආරක්ෂා දිදී . අර දරුවාගේ චරිතෙත් මරනවා. (බ)
නොහැකියාවට බිලිවීම (බ)
ඒ වගේම තොරතුරු තාක්ෂණය දන්නා අය මැදිහත් වී දරුවාගේ ලැප්ටොප් පරිගණකයට පොලිස් මහත්වරු දමා ඇති දේ ගැන පරික්ෂ කර බැලීම වැදගත්. පොලිස් මහත්වරුන්ගේ බේරීමට විවිධ පොටෝස් විඩියෝස් දාලා වෙන වරදක් පටවන්න පුළුවන්. (බ)
මියගියත් පොඩි දරුවෙක්, මේ ළමයාත් දරුවක් මේ ළමයා අසරණ වෙලා . මේවාට කවුද වග කියන්නේ හෙට ලෝක ළමා දිනය ? (ම)
රටේ මහජනතාව හැටියට මේ ගත්තු පියවර ගැන අපිත් සතුටු වෙනවා. (ම)
පොඩි ළමය මැරුනම ලොකු ළමයව වත් බේරගන්න අපි දැන ගන්න ඕනා. ලැප් එකේ කුනුහරුපයක් තිබුන පලියට නරුමයෙක් ලෙසට හංවඩු ගැසීයෙන් එම දරුවාට වන අසාධාරණය ගැන නොබැලුවේ ඇයි. පොලිසිය නූගතුන්ගෙ රජදහනයි.පොලිසියට දඩුවම් දීම අත්‍යාවශ්‍යයි. (බ)
ලංකාවේ පොලිසිය කියන්නේ ලෝකයේ තියෙන ජරාම පොලිසිවලින් එකක්. ඒගැන තර්කයක් නැහැ.මේකට හේතු ගොඩක් තියෙනවා.. නුගතුන් පොලිසියට බඳවා ගැනීම , දේශපාලනික හිතවත්කම් නිසා නුසුදුස්සන්ට උසස් වීම් දීම , ලැබෙන වැටුප මදි නිසා අල්ලස් ගැනීම..මානසික දුර්වලතා හෙවත් මොලේ අමාරුකාරයෝ,දේශපාලුවන් ඉදිරියේ කොන්ද නැමීම....තව ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොටම වැඩිය අපේ පොලිසියේ අය ඇඳගෙන ඉන්න යුනිෆෝම් එකේ පාට....අශුචි පාට ඇඳුමෙන් කියන්නේ ඒ ගොල්ලෝ කරන්නෙම අශුචි වැඩ කියල............. අපි අන්තර්ජාලය ඔස්සේ මේගැන ක්‍රියා කරන්න කලින් පොලිසිය මේ අහිංසකයාව නිදහස් කළොත් කාට කාටත් හොඳයි..(බ)
සැක පිට අත්අඩංගුවට ගැනීම සහ තවමත් වරදකරුවකු නොවන පුද්ගලයකුගේ රහස්‍ය භාවය රැකීම ගැන පොලිසියට වඩා සාමාන්‍ය ජනතාව දන්නා බව පසු ගිය ලිපි වලින් දුටුවා. පොලිසිය මෙම ළමයාට සිදුවූ අපකීර්තියට වග කිව යුතු අතර නීතීඥයන් අදාළ වන්දි මුදල නිර්ණය කල යුතුය. (ර)
අහන්නත් සතුටුයි... පිපාසයට දිය බිදක් ලබුනා වාගෙ. ගුරු සංගමය එකතු උන එක මේ දරුවා වෙනුවෙන්. ගුරුමහත්වරුනි ඔබලාට නිමක් නැති පිනක් ලබේවා.! (ර)
අගය කලයුතු වැඩක්. (ස)
ලංකාවේ නීතිවල කිසිම විනිවිද භාවයක් නැහැ. කිහිප දෙනෙකුට හම්බ කරලා කන්ට පුළුවන් විදියට තමයි එය පවත්වාගෙන යන්නේ. (ස)
විජිත් ඔයා හරියටම හරි. (ර)
මේ ළමයට සිදුවීම දරුවනට පාඩමක්. ලංකාවේ නීතියට අනුව ලිංගික දර්ශන අඩංගු පින්තුර, වීඩියෝ ළඟ තබා ගැනීම වරදක්. මම බුකියේ දැකලා තියෙන දෙයක් සමහර අය කුඩා දරුවන් ශෘංගාරාත්මක ලෙස චුම්බනය කරන පින්තුර, ඒ වගේම කුඩා ළමුන්ගේ අද නිරුවත් පින්තුර තමන්ගේ බුකි පිටෝවේ දමන්නේ වීරයන් වගේ. එ්ත් එ්ක අන්තර් ජාතික නීතියට අනුව විශාල වරදක්. මේ වගේ දේ වලදී පොලිසියට බනින එක නොමේ, ඒ වගේ දේවල් කිරීමෙන් වන අනිටු ප්‍රතිපල ගැන තම දරුවනට කියලා දෙන්න. එක තමා මෙතනදී ගන්න තියෙන පාඩම. (බ)
විජිත්ගේ කටේ මසුරන් දාන්න ඕන. (ම)
ඒක හොඳ වැඩක්.(ම)
මේ රටේ අමන පොලිස් රැලට එරෙහිව ගත්ත හොද පියවරක්(ම)
පොලිසිය තමන් කල අමන වැඩේ හරි කියන්න මේ දරුවාගේ අනාගතේ අදුරු කල එකනම් හරිම වැරදි මෙවැනි ක්‍රියාමාර්ගයකින් හරි එ් දරුවට සාධාරණයක් වෙන්න ඕනේ.(ම)
අසරණ සිසුවාට හොඳ වන්දියක් ඉල්ලන්න තියෙන්නේ (ම)
පොලිසිය ඉවක් බවක් නැතිව එම සිසුවා ගංජා කාරයෙකු ලෙසත් අසභ්‍ය චිත්‍රපටි ලෝලියකු ලෙසත් හංවඩු ගැසීම හෙලා දැකිය යුතුයි. සිසුවා වෙනුවෙන් පෙනී සිටින ගුරුවරුන්ට මාගේ උත්තමාචාරය. (ස)