IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොටදෙණියාව නඩුව මහාධිකරණයට

කොටදෙණියාවේ බඩල්ගම සේයා දැරිය කෙලෙසා මරා දැමූ සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන බවද ඔවුනට මහාධිකරණයේ නඩු පවරන බවද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීය.

නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන මහතා පැවසූයේ දැරියගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන හෙයින් විස්තර ඉදිරිපත් කළ නොහැකි බවයි.

එහෙත් පරීක්ෂණ ඉක්මනින් අවසන් කර නඩු ගොනු කරන බවද ඔහු කීවේය.

සේයා දැරිය පදිංචි ගම අවට 500කගේ පමණ තොරතුරු පොලිසිය ලබාගත් බවද ඔහු කීවේය.

ළමයිනට හා කාන්තාවනට එරෙහි අපරාධ වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන නිර්දේශ ලබාගැනීමට පාර්ලිමේන්තු අනුකමිටුවක් පත් කරන බවද ඔහු කීවේය.

 



අදහස් (0)

කොටදෙණියාව නඩුව මහාධිකරණයට

පිටබැද්දර ජයා Tuesday, 22 September 2015 11:21 AM

නඩු පවරලා විතරක් මදි. දඬුවම් නියම කරනතෙක් ඇපදීමත් නැවැත්විය යුතුයි. මොකද මේ වගේ දරුණු මිනිසුන් සමාජයට මුදාහළහොත් නැවතත් මෙවන් ඛේදනීය අවස්ථාවකට ඉඩකඩ සළසාදීමක් වන බැවිනි (නි)

:       0       0

රෝහණ Tuesday, 22 September 2015 12:33 PM

හැකි ඉක්මනින් අපරාධකාරයා අල්ලා ඔහුට මරණීය දණ්ඩනය දියයුතුයි. (නි)

:       0       0

සිල්වි Tuesday, 22 September 2015 02:35 PM

ඔය කතා වැඩක් නැහැ. මරණ දඬුවම ගෙනෙන්න. තව සතියක් යද්දී ඕකත් අමතකවෙලා තව එකක් වුණාට පස්සේයි ආයෙත් මතක් වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site