කොටදෙණියාවේ බඩල්ගම සේයා දැරිය කෙලෙසා මරා දැමූ සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන බවද ඔවුනට මහාධිකරණයේ නඩු පවරන බවද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීය.
නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන මහතා පැවසූයේ දැරියගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන හෙයින් විස්තර ඉදිරිපත් කළ නොහැකි බවයි.
එහෙත් පරීක්ෂණ ඉක්මනින් අවසන් කර නඩු ගොනු කරන බවද ඔහු කීවේය.
සේයා දැරිය පදිංචි ගම අවට 500කගේ පමණ තොරතුරු පොලිසිය ලබාගත් බවද ඔහු කීවේය.
ළමයිනට හා කාන්තාවනට එරෙහි අපරාධ වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන නිර්දේශ ලබාගැනීමට පාර්ලිමේන්තු අනුකමිටුවක් පත් කරන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු පවරලා විතරක් මදි. දඬුවම් නියම කරනතෙක් ඇපදීමත් නැවැත්විය යුතුයි. මොකද මේ වගේ දරුණු මිනිසුන් සමාජයට මුදාහළහොත් නැවතත් මෙවන් ඛේදනීය අවස්ථාවකට ඉඩකඩ සළසාදීමක් වන බැවිනි (නි)
හැකි ඉක්මනින් අපරාධකාරයා අල්ලා ඔහුට මරණීය දණ්ඩනය දියයුතුයි. (නි)
ඔය කතා වැඩක් නැහැ. මරණ දඬුවම ගෙනෙන්න. තව සතියක් යද්දී ඕකත් අමතකවෙලා තව එකක් වුණාට පස්සේයි ආයෙත් මතක් වෙන්නේ (නි)