ගම්පහ කොටදෙණියාව 5 හැවිරිදි දැරිය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් බඩල්ගම නගරයේ උද්ඝෝෂණයක නිරත වෙති.
දැරියගේ ඝාතකයාට එල්ලුම් ගහ නියම කරන්නැයිද, ඇය වෙනුවෙන් කථාකළ මාධ්‍යයට ස්තූතිය ප්‍රකාශ කරන බවද උද්ඝෝෂකයෝ කියති.
ගම්පහ කොටදෙණියාව 5 හැවිරිදි දැරිය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් බඩල්ගම නගරයේ උද්ඝෝෂණයක නිරත වෙති.
දැරියගේ ඝාතකයාට එල්ලුම් ගහ නියම කරන්නැයිද, ඇය වෙනුවෙන් කථාකළ මාධ්‍යයට ස්තූතිය ප්‍රකාශ කරන බවද උද්ඝෝෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකරුට දියහැකි උපරිම දඬුවම දෙන්න (නි)
ශ්‍රී ලංකාවට මෙහෙම දේවල් අහන්න දකින්න එපා. අපි බෞද්ධයෝ. මෙහෙම දරුවෙකුට මෙහෙම කරන්න පුලුවන්ද? මේකට කියන්නේ තිරිසන්කම කියලා. අපිටත් නංගිලා ඉන්නවා පාරක තනියෙන් යවන්න පුලුවන්ද මේ අහන දේවල් වලට.මේකට දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් තව දරුවෙකුට මෙහෙම වෙන ඉඩකඩ වැඩියි.දෙන දඬුවම පුළුල් කළා නම් කරන වැරදි අවම වෙනවා. (නි)
මරන දඬුවම දුන්නත් කවුද එල්ලන්නේ? ඔයාද? (බ)
තවත් බිලිගැනීම් වලට පෙර කළයුතුය එල්ලුම් ගස පැල... (නි)
මෙව්වට ගමේ මිනිස්සු මිසක් සල්ලි වලට කහින එක එක සංවිධාන එන්නේ නැනේ. (බ)
එල්ලුම් ගහ නියම කරලා මදි, එය ක්‍රියාත්මක කළ යුතුම අවස්ථාවක්. නැත්නම් මේ සිදුවෙන අපරාද නවත්වන්න බැහැ. (බ)
අනේ අහිංසක දරුපටිය මට නිව්ස් බලන්න දුකයි අනේ දෙවියනේ පොඩි දරු පැටවුන් රැකදෙන්න මේ තිරිසනුන්ගෙන් (බ)
මුළු රටම ඔය උද්ඝෝෂණයට එක්වෙනවා නිසැකයි ..... (නි)
මට මතක විදිහට මේ මෙවැනි පළමු අපරාධය නොවේ. තව මේ වගේ අපරාධ කීයක් වෙන්න ඕනෑද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න? (නි)
ගරු ජනාධිපතිතුමනි, බලාහිටියා හොඳටම ඇති. එල්ලුම් ගහ වහාම ක්‍රියාත්මක කරන්න. (නි)
තමන්ගේ දරුවා පුලුවන්තරම් ප්‍රවේශම් කරගන්න බලන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ (නි)
ඝාතකයාට දඬුවම් දීමෙන් පමණක් මේ දරුවට සාධාරණය ඉටුවෙන්නේ නැහැ. මෙවන් සහගහන අපරාධ පිටුපස තිබෙන ප්‍රධාන සාධක මේ සමාජයෙන් ඉවත් කළයුතුයි. අද තිබෙන දේශපාලන ක්‍රමය හා ආර්ථිකය හමුවේ කවදාවත් ආදරය, කරුණාව,දයාව හඳුනන මිනිසෙක් නිර්මාණය වෙන්නේ නැහැ. මේ ක්‍රමය ඇතුළේ නිර්මාණය වන්නේ තනිකරම විකෘති ආශාවන්ගෙන් හා විකෘති මනසකින් යුතු මිනිසුන් කොටසක් පමණයි.මේ අපරාධය පිටුපස කොතැනක හෝ අරක්කු,කසිප්පු,කුඩු, ගංජා වගේම ඒවාට උදවු කරන දේශපාලනයක් තිබෙනු ඇති. කුණුවෙලා ගඳගහන මේ ආර්ථික, සමාජ, දේශපාලන ක්‍රමය වෙනස් නොකරනතාක් අපිට මේවා අසන්නට, දකින්නට වන එක නවත්වන්නට වෙන්නේ නැහැ (නි)
මේ අපරාධය කළ කෙනාගේ හෘද සාක්ෂිය ඔහුට නිදහසේ නිදාගන්නවත් දෙනවාද දන්නෙ නැහැ (නි)
අනේ මේ රත්තරන් දරුවාට කළ අපරාධයට රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)
සොබාදහම කම්පා වී ඇවිලුණු ගිනි දැල්..... සිඳබිඳ දා වනසාලූ සියුමැලි සමනල්... හිත්පිත් නැති තිරිසනුන්ගෙ කුරිරු නහරවැල්.... වැනසෙන්නට වසිනු මැනවි ගල් ලෝදිය වැල්... (නි)
මේ අපරාධය කළ කෙනාට අම්මලා, නංගිලා නැද්ද දෙවියනේ? (නි)
මට කියන්න තිබෙන්නෙත් සුගත් කියූදේමය (නි)
ඇත්තෙන්ම හිත වේදනාවෙන ලොකු අපරාධයක්. හැබැයි දැන් එල්ලුම් ගස් කියන සංකල්පය ක්‍රියාවෙන් පෙන්වන්න පුළුවන්කමක් ලංකාවේ ඇතිවෙයිද කියන එක ඉතා සැකසහිතයි. මිනීමැරුම් කර එයින් පළපුරුද්දක් ලැබුවාට පස්සේ ඔවුන් තමන්ට විරුද්ධවෙන අයගෙන් පළිගන්නවා. ඔවුන්ගේ මරණය එවැනිම කල්ලි කණ්ඩායම් වලින් පමණයි බොහෝදුරට අවසන් වෙන්නේ (නි)
සමාජයේ වෙන හොරකම් මංකොල්ල වැනි අපරාධ වලට මුදල් හිඟකම නිසා මිනිස්සු ඒවාට පෙළඹෙනවා කියො හිතන්න පුළුවන්.ඒත් මේ පුංචි අහිංසක කුඩා දරුවන්ට මේ විදියට අපරාධ කරන්න තියන හේතුව මොකක්ද? කිසිම විදියකින් වරදක් නොකළ මේ දරුවන්ව මරාදමන අපරාධකාරයින්ට මොන සමාවක්ද? එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, දැනටම මොනතරම් දරුවෝ බිලිවෙලාද? (නි)
දැන්වත් නිසි බලධාරීන්ගේ ඇස් ඇරේවා! (නි)