සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට නිදහස් කෙරුණු පාසල් සිසුවාට සහ එක් දරු පියාට පොලිසියේ දි පහර දි ඇත්දැයි සෙවීමේ පරික්ෂණ අවසන් වන තුරු කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ඇතුළු වගකිව යුතු නිලධාරින් තාවකාලිකව වෙනත් පොලිසියට යවන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පොලිස්පති ගෙන් ඉල්ලයි.
කොටදෙනියාවේ පොලිසියේ හා පොලිසිය භාර නිලධාරින් එම ස්ථානයේම සිටිය දි විමර්ශනයක් පැවැත්වුවහොත් සාක්කිකරුවන්ට බලපෑම් විය හැකි බවත්, සාක්කි විනාශ වි යෑමට ඉඩ ඇති බවත් එබැවින් සාධාරණ විමර්ශනයක් කරන්නේ නම් ඔවුන් වෙනත් ස්ථානයකට තාවකාලිකව මාරු කළ යුතු බවත් ස්ටාලින් මහතා කියයි.
පාසල් සිසුවා පෙරදින රෝහලෙන් පිටව ගිය අතර එක්දරු පියා අද රෝහලෙන් පිටවී ගියේය. පහර කෑමෙන් පසු ඇති වු බව කියන කනේ ආබාධයක් ගැන පරික්ෂණ පැවැත්විමට සිදුවා ගම්පහ රෝහලේ උගුරු කණ නාසය සායනයකට කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය තදින් ක්‍රියාත්මක කරන්න (බ)
මාරු කළාම ප්‍රශ්නය විසදෙනවද? (බ)
මේ සේරම රාස්සයන්ගේ යුනිෆෝර්ම් ගලවලා ගෙදර යවන්න ඕනේ ..ලොකු ලොක්කෝ පොලිසියෙන් අල්ලාගෙන ගියාම ලෝයර්ලා ලවා එදාම මහරාත්‍රියේම විනිසුරුවන්ට ඉදිරිපත්කරලා ඇප අරගෙන දීල නිදහස් කරන බඩලොකු නීතිය. සහ අසරනයෙක්ව කුදලාගෙන ගියාම හිර මැදිරියේම මැරිලා වැටෙන්න ගසන, අරක්කු බීල රෑට පොලිසියේ වැඩකරන පොලිස් කාරයන්ගේ යුනිෆෝර්ම් එක බල්ලට දමන්න ඕනේ ගලවලා..? (බ)
මොනවා වෙයිද කියා අපි බලාසිටින්නෙමු (නි)
එතකොට හදිසියේවත් ඒ මාරුවෙලා යන පැත්තේ ළමයින්ට ගැහුවොත්? කමක් නැද්ද? (නි)
බලාගෙන රූපවතී.රූපවතී ඉන්න රට වාගේ නොවෙයිනේ මේ සිරි ලංකාව. (නි)
පොලීසි වල අය විශ්‍රාම ගියාම තමයි එයාලට තේරෙන්නෙ කලින් කරපු වැරදි. (නි)
මේක ප්‍රශ්නයට විසඳුමක්ද? (නි)
පොලිස් පුහුණුව වඩා ක්‍රමවත්ව සහ විධිමත්ව සිදුකළ යුතුය යන්න මගේ අදහසයි (නි)
වසර කිහිපයකට පෙර DIG මහත්තයෙක් කියල තිබුන පොලිසිය බල්ලට ගිහින් නෙමෙයි බල්ලෝ පොලිසියට ඇවිල්ල කියල. මේ සිද්දිය ඒ කියමන සනාථ කරනවා. ඒ වගේම හොද නිලදාරිනුත් අතලොස්සක් ඉන්නවා, පොලිසියේ වගකීම නියම ආකාරයෙන් ඉටුකරන. (ම)
නයිට් ඩියුටි ඉන්න පොලිස් කාරයෝ රෑට කම්මැලිකම මකා ගන්න කරන්නේ කූඩුවට දාල ඉන්න එවුන්ට ගහන එක. (ම)
මමත් කියන්නේ මේ ළමයාට පොලිසියෙන් සළකපු හැටි හරිම නරකයි (නි)
මෙහෙම කළා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ (නි)