( දොඩන්දූව - සංඛ ව්ජේසූරිය ) - ගාල්ල සිට උඩුගම මාර්ගයේ කිලෝමීටර් 15 ගියවිට තිබෙන කොට්ටව කෝඹල රක්ෂිතයේ පිහිටි නාන තටාකය අද අභාවයට යමින් පවතී.
ලංකාවේ ස්වභාවික නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක පිහිටි එකම නාන තටාකය වන මෙය 1974 දී එවකට බද්දේගම හිටපු මන්ත්‍රී නීල් ද අල්විස් මහතා විසින් විවෘත කෙරින.
පසුව 1980 ගණන් වල කැඩී විනාශයට යමින් තිබූ මෙම නාන තටාකය නැවත නවීකරණය කළද අද වන විට එය නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා විනාශයට යමින් පවතී. සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල විශාල පිරිසක් මෙහි නෑමට පැමිනේ.
එහි නෑමට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මුදල් අය කළත් කිසිම පහසුකමක් නැති බ ප්‍රදේශවාසීහු පවසති. නාන තටාකය අවට කැලි කසල විශාල ලෙස දැකගත හැකිය. නෑමට පැමිණෙන්නන්ට ඇදුම් මාරු කිරීමට ස්ථානයක් නැති අතර වැස්සට ආවරණය වීමට තිබූ කූඩාරම්ද කැඩී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මෙතන නාල තියෙනව , හරිම සුන්දර තැනක් !! ගත සිත නිවා ගෙන සතුටින් දවසක් ගත කරන්න හොද තැනක් අවට ඇති වනයේ සුන්දරත්වය කියා නිම කල නොහැකිය ,මෙය රැකගැනීම ,පිරිසිදුව තබා ගැනීම ඔබ, අප , කාගේත් ''යුතුකම''වෙයි !!(මෙහි දිය නෑමට මුදලක් අය කරති)එම මුදලින් හෝ රජයේ අදාරයෙන් මෙය යතා තත්වයට ගනු මැනවි (දී)
මෙය රැකගත යුතුයි (නි)
වටිනා දේවල් (නි)
මෙතන ලොකු වඳුරෙකුත් හිටියා. ඒ වඳුරට මෙතන නාන්න එන අය බොන්න දීලා ඌ හොඳටම පිස්සු නටනවා. (ස)
මේ ගොල්ලන්ට සල්ලි තමා ලොකු....?(නදී)
ඒ පලාතට නම් නාන තාටක වැඩක් නැහැ.ඇලවල් දොළවල් වලින් තමා මිනිස්සු වැඩි හරියක් බැහැල නා ගන්නේ, තටාකයක් සැදිය යුත්තෙ මිනිසුන්ට ලෙහෙසියෙන් ලඟා විය හැකි තැනක, ඒ වගේම එකේ නියම වටිනාකමක් ගම්මුන්ට නොදැනේ .තටාකයෙන්, සබාවට අදායමක් නොමැතිව, එය නඩත්තු කිරීමට හැකියවාක් නොමැත.මේ වෙලාවේ සැදැහැවත් පින්වත් නෝනා මහත්වරු ඉන්නවා නම් දායක වෙන්න පුළුවන්. මේක ප්‍රතිසන්කරණය කරන්න. (නදී)