IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘කට්ටිය සෙට්වෙලා ආතල් ගන්නවා නේද?‘

කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාව අද (17) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

මාධ්‍යවේදීහු විශාල පිරිසක් එය අාවරණය කිරීමට පැමිණ සිටියහ.

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න සහ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහත්වරු ද, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ඇතුළු පිරිසක් ද ඊට සහභාගී සිටියහ.

ජනමාධ්‍ය ඇමතිවරයා කැබිනට් තීරණ දැනුම් දීමෙන් පසු අජිත් පී පෙරේරා මහතා විදුලි බලය ගැන අදහස් දැක්වීය.

ඉන් පසු මාධ්‍යවේදීන් ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න ඇසීම ඇරැඹීය.

ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ ජන රැලියක් නිසා මාර්ග අවහිර වෙද්දි කිසි දෙයක් නොකළ පොලිසිය එදිනම විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමකට කඳුළු ගෑස් ගහනවා?

පිළිතුර - උද්ඝෝෂණ කරද්දි එහෙම තමයි

ප්‍රශ්නය - එජාප ජන රැලිය නිසා පාරවහල් අවහිර වෙද්දි බලාගෙන  ඉඳා විශ්ව විද්‍යාල ළමයින්ට කඳුළු ගෑස් ගැහුව එක හරිද?

පිළිතුර - උද්ඝෝෂණ තියෙද්දි පාරවල් අවහිර වෙනවා.

ප්‍රශ්නය - එකම දිනයේ එජාප රැලියට එක විදියකටත්, සිසුන්ගේ පාගමනට එක විදියකටත් සලකන්නේ කොහොමද?

පිළිතුර - එය පොලිසියන් අහන්න. මං පොලිසියේ නෙමේනේ.

ප්‍රශ්නය - වරාය සභාපති මාධ්‍යෙවේදීන්ට තර්ජනය කළ බවට පොලිසියට පැමිණිලි ලැබුණා. උසාවියෙදි මාධ්‍යවේදීන්ගේ සටහන්පොත් උදුර ගත්තා. ඒ සම්බන්ධයෙන් ඔබ මොකද කියන්නේ?

පිළිතුර - සිද්ධි දෙකක් පමණක් වාර්තා වුණා. එකපාරට ආණ්ඩුවක් අරගෙන සිද්ධියක් දෙකක් ගැන පමණක් ඇසීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.  

ප්‍රශ්නය - කිරිඇල්ල ඇමැතිවරයා මාධ්‍යවේදියකුට කුණුහරපෙන් කතා කළ බව වාර්තා වුණා. ඒ ගැන ජනමාධ්‍ය ඇමැති ලෙස ඔබ මොකද කියන්නේ?

පිළිතුර - මම එහෙම කතා කරන්නේ නෑ

ප්‍රශ්නය - කැබිනට් ඇමැතිවරයකු වන කිරිඇල්ල ඇමතිවරයා කතා කළ ආකාරය  හරිද?

පිළිතුර - ඉඳලා හිටලා වචනයක් එහෙ මෙහෙ වෙන කතාවක් විතරනෙ අද තියෙන්නේ. සුදු වෑන් එකක ගෙනිච්චයි කියන්නේ නෑ. ඝාතනය කළා කියන්නේ නෑ. අතපය කැඩුවා කියන්නේ නෑ. කොණ්ඩ කැපුවා කියන්නේ නෑ. බයට පිටරට යන්න වුණා කියන්නේ නෑ.

ප්‍රශ්නය - සුදුවෑන් නැති වුණා කියලා මාධ්‍යවේදීන්ට බනින්න හෝ සුළු සිදුවීම් සිදුවුණාට කමක් නෑ කියලද ඔබ කියන්නේ?

පිළිතුර - සුළු සිදුවීමක්වත් ඇති වෙන්න ඕනෑ කියා මම කියන්නේ නෑ. අපි උත්සාහ කරමු ඉස්සරහට කිසිම සිද්ධියක් ඇති නොවන ලෙස වැඩ කරන්න.

ප්‍රශ්නය - ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ඔබ මේ සිදුවීම් හෙළා දකින්නේ නැද්ද?

පිළිතුර - ඔබට නිවුස් පසුව තියෙයි.

ප්‍රශ්නය - මේ සිදුවීම් හෙළා දකිනවා කියන වාඛ්‍ය කෑල්ල කියන්න බැරිද? බයයිද?

පිළිතුර - මාධ්‍යවේදීන්ට යම් තර්ජනයක් වෙනවා නම්, බලපෑමක් වෙනවා නම් අපි එය හෙළා දකිනවා කොහොමත්. ඒකටනේ අපි බලේ ගත්තේ. එකටනේ අපි ආණ්ඩුවක් හැදුවේ.

ඉන් පසු ඉරාන් වික්‍රමරත්න මහතා කතා කළේය.

මාධ්‍ය හමුව අවසන් වූ පසු මාධ්‍යවේදීයෙක්  ගයන්ත ඇමැතිගෙන් මාධ්‍යවේදීන්ට දෙන බව කියන යතුරු පැදි ගැන ප්‍රශ්නයක් අසුවුවේය. ‘අකාරුණික  බලවතකු‘  ඊට විරුද්ධ වූ බව ගයන්ත කීවේය. බෑ කියද්දි මම මේක ඇදලා ගත්තේ‘ යැයි ගයන්ත කීවේය. මිනිහාගේ නම අපි දන්නවා යැයි එකිනෙකාට කොඳුරනවා දැක ගත හැකි විය. 

‘රුපියල් පනස් දහසකට යතුරු පැදි දෙනවා කියලා නේද ඔතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තියෙන්නේ?‘ යැයි මාධ්‍යවේදියකු අසද්දී ඇමති ප්‍රතිපත්ති ප්‍රකාශය දිගු කරමින් කීවේ ‘අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මාධ්‍යවේදීන් ගැන මොනවත් දාලා නෑ.‘ කියාය. ඒ ඇසුණු තවත් මාධ්‍යවේදියකු කීවේ ‘මාධ්‍යවේදීන් ගැන මොනවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැතිනම් තවත් ප්‍රශ්නයක්‘ කියාය.

ඉන් පසු මාධ්‍යවේදීන් තේපැන් සංග්‍රහයට ගොස් අල්ලාප සල්ලාපයේ යෙදී සිටිය දී රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ එතැනින් යමින් ගමන් ‘කට්ටිය සෙට් වෙලා පොඩි ආතල් එකක් ගන්නවා නේදදැයි‘ සිනා සෙමින් පැවසීය. ‘අපි ආතල් ගන්නේ ඔබතුමාලා නිසා කියලා නොතේරෙන එකයි ප්‍රශ්නෙ‘ යැයි මාධ්‍යවේදියකු කීවත් එය සේනසිංහ මහතාට ඇසුණු බවක් පෙනුනේ නැත.



අදහස් (0)

‘කට්ටිය සෙට්වෙලා ආතල් ගන්නවා නේද?‘

සමන් Friday, 18 March 2016 03:35 AM

එක කියපු කෙනා නම් නියම මාද්යවෙදියෙක්. (ර)

:       0       0

නිම්මි Friday, 18 March 2016 03:50 PM

බෙන්තර මහේෂ් හරි. (රේ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 20 March 2016 01:01 AM

බෙන්තර මහේෂ්, අපිට ලැබුන පොරොවනේ අාපසු ඒගොල්ලන්ටම දුන්නේ. දැන් ඒක වඳුරට ලැබුන දැලිපිහිය කෙරගෙන. (නි)

:       0       0

බෙන්තර මහේෂ් Friday, 18 March 2016 06:25 AM

කිසිම සැකයක් තියාගන්න එපා. ගෙවුණු අවුරුදු 67දි වගේම ඉදිරියටත් මේ පක්ෂ දෙකේ ඔය සැලකිල්ල ඔය විදිහටම තියෙයි. ලොකු මිනිහට සවලෙන් බෙදන ගමන් පොඩි මිනිහට පොරවෙන් කොටන විධිහටම (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site