කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පරිගණක දත්ත නීති විරෝධී ලෙස ලබා ගත්තැයි අධි චෝදනා ලැබ සිටින කෝට්ටේ නගරාධිපති ජනක රණවක ඇප මත මුදා හරින ලෙස නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා එහි පරිගණක ක්‍රියාකාරු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කළේය.
රුපියල් 25000ක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් නගරාධිපතිට නියම විය.
පරිගණක ක්‍රියාකරු ලසන්ත රොෂාන් අධිකරණය පැමිණ සිටියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරාධිපති තමයි ආයතනයේ ප්‍රධානියා. නියෝජ්‍ය නගරාධිපති ගේ කාර්යාල පරිගණකයේ ඇති සියලුම ලිපි ලේඛන වල නිත්‍යානුකුල අයිතිය ඇත්තේ නගරාධිපති තුමාටයි. එහෙත් මේ පැමිණිල්ල, නියෝජ්‍ය නගරාධිපති තුමාගේ පුද්ගලික පරිගණකය සම්බන්ධයෙන් නම්, ඒ බව ඔප්පු උනොත්, නගරාධිපති තුමා වරදකරු වේ. (නදී)